අද දවස මට විශේෂයි.

in Steem Sri Lanka16 days ago

අද මගේ ලොකු පුතාගේ උපන් දිනේ. මට ඉන්නේ පුතාලම දෙන්නෙක්, ඒ නිසා මේ දෙන්න මගේ ඇස් දෙක වගේ තමා. එයාලගේ උපන් දිනේට හැම අවුරුද්දෙම හොරාට කාඩ් එකක් හදල තෑග්ගක් දෙන එක මගේ පුරුද්දක්. එයා දැන් බැදලා වෙන් වෙලා ඉන්නේ කියල නැහැ ඒ පුරුද්ද ඒ විදියටම තියනවා. මේ පාරත් මම කාඩ් එකක් නිර්මාණය කලා ඒක මම ඔයාල එක්ක බෙදා ගන්නවා ඔයාලටත් රස විදින්න. ඒ වගේම තෑග්ගක් හැටියට මම ගත්තේ කුඩා ෆෑන් එකක් ඒක එයාගේ computer එකට ගහල පාවිච්චි කරන්න පුළුවන්. එයා කරන්නේ IT ජොබ් එකක්. ගෙදර ඉදල තමා වැඩ කරන්නේ. ඉතින් එයාට නිතරම සීලින් ෆෑන් එක හෝ පෙඩස්ට්‍රල් ෆෑන් එක පාවිච්චි නොකර මේ ෆෑන් එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.

දුව හිතාන ඉදල තියෙන්නේ Caravan ෆ්‍රෙෂ් එකෙන් ඔන්ලයින් කේක් එකක් ඕඩර් කරන්න. ඒත් ඊයේ හවස බලද්දී එයාල ඔන්ලයින් එවන්නේ නැතිලු. මට SMS දාල කීව අම්ම හෙට කේක් කපන්න වෙන්නේ නැහැ. එයාල ඔන්ලයින් කේක් එවන්නේ නැහැ කියල, වෙලාව හවස 6.30 ට විතර ඇති. මම එවෙලේම එයාලගේ ගෙදර ගිහින් පුතාට හොරෙන් කීව මම දැන්ම town ගිහින් කේක් එකක් අරන් එන්නම් කියල. අපේ මහත්තයා ගෙදර හිටියෙත් නැහැ. එයා රැස්වීමකට සහභාගී වෙන්න ගිහින්. පස්සේ මම එවෙලේම pickme එකක් දාගෙන caravan ෆ්‍රෙෂ් එකට ගිහින් දුව කැමති කේක් එක ගෙනත් අපේ ශීතකරණයේ තියා ගත්ත. දුව මේ මාසේ බබා හම්බ වෙන්න ඉන්න නිසා මම කීවා මහ රෑ නැගිටින්නේ නැතිව හෙට උදේ කේක් කපමු කියල. දුවත් ඒකට කැමති වුණා, උදේ 8.00 ට කේක් කපන්න එන්න කියල දුව කීව.

මම උදෙන්ම නැගිටලා කිරිබත් උයල ලුණු මිරිසුත් හදාන මහත්තයා එක්ක අට වෙද්දී එහාට ගියා. පුතා නම් තාම නිදි. දුව ඇහැරිලා වැඩේට සුදානම් වෙනවා. දුව අන්න අම්මල කිරිබත් උයාන ඇවිත් කියල පුතාට ඇහැරෙව්වා. බොහොම අමාරුවෙන් මිරිකී, මිරිකී නැගිටල මුහුණ හෝදගෙන ඇඳුමකුත් ඇදගෙන ආව. අපි පුතාට සුබ පතන අතරේ දුව කේක් නැහැ කිරිබත් තමා අද කපන්න වෙන්නේ කියල පුතාට පිහිය අතට දුන්න. පුතත් පිහිය අතට අරන් කපන්න හදද්දී දුව කේක් එකත් අරන් දුවන් ඇවිත් අතට දීල සුබ පැතුවා.

පුතා කියනවා මෙන්න මෙයා මගේ උපන් දිනේට කපන්න ගෙනත් තියෙන්නෙත් එයා කන්න කැමති කේක් කියල. කේක් එකේ නම "Cashew Chocolate Bar" හරිම රසයි. දුව වගේම මමත් හරි ආශයි ඒ කේක් එකට. ඉතින් අපි කේක් කාල කිරිබත් කාල තේත් බීල අපේ තෑගිත් දීල පුතාට සුබ පතල ගෙදර ආව.

උදේ මම පොඩි post එකක් හදල අපේ පවුලේ WhatsApp group එකට සුබ පතුමකුත් එක් කරන්න අමතක කලේ නැහැ. ඔයාලට මම එකේ screen shot එකකුත් දාන්නම්. ඉතින් ඔන්න ඔය විදියට තමා මගේ පුතාගේ උපන් දිනේ අපි ඉතා චාම් විදියට සමරුවේ.

ස්තුතියි.

Sort:  

Aunty, මම හරිම ආසයි ඔයා ලියන දේවල් කියවන්න. මට ඔයාව දැනෙන්නෙ හරිම caring, කරුණාවන්ත සන්සුන් කෙනෙක් විදියට. එහෙම vibe එකක් ඔයා ලියන ඒවගෙන් මට දැනිලා තියෙනවා.

අයියට සුබ උපන්දිනයක්!💚

ස්තුතියි ඔයාගේ ඒ අගය කිරීමට සහ මගේ පුතා වෙනුවෙන් කරපු සුබ පැතීමට.

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

Your post has been rewarded by the Seven Team.

Support partner witnesses

@seven.wit
@cotina
@xpilar.witness

We are the hope!

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65037.75
ETH 2638.96
USDT 1.00
SBD 2.81