පුදුම කරවූ උපන් දින තෑග්ග

in Steem Sri Lanka11 months ago

උපන් දිනය, අපේ මරණයට තවත් එක් දවසින් හෝ ලං කරන ඒ දිනය, මගේ යෙදී තිබුනේ ඊයේ දිනයේ. උපන් දිනය ගැන සතුටු වුණේ වයස අවුරුදු තිහක් වෙනකන් විතරද කොහෙද. කුඩා කල කැඩපතකින් දුටු ඒ රුව කොතරම් සුන්දරද? ඒත් අද දකින රුව කොතරම් වෙනසක් ඇති කරලා තියනවද. කොහොම වුණත් උපන් දිනය ගැන යම් තාක් දුරට වෙනසක් නැතිවත් නෙමේ. හිත යට පුංචි බලා පොරොත්තුවක් මතු කරන අවස්ථාවත් නැතිව නෙමේ.

image.png

ඊයේ දවස උදා වුන ගමන් මම බැලුවේ දුරකථනය දිහා. වට්ස් ඇප් සුබ පැතුම්, මුහුණු පොතේ සුබ පැතුම්, කෙටි පණිවිඩ සුබ පැතුම් වලින් පිරිලා ගිහින්. ඒ හැම පණිවිඩයක් අතරින් මම හෙව්වේ මගේ ජිවිතේට වටිනාම සුබ පැතුම් දෙක තියනවද කියල. කවදාවත් වරදින්නේ නැති ඒ පැතුම්, ඒ වගේම මම මහත් ආදරයෙන් පිළිගන්න ඒ පැතුම් මගේ පුතාල දෙන්නගේ. චූටි පුතාට තාම රාත්‍රිය ලැබුවා විතරයි. එයා නිදා ගන්න යන්න ඇත්තේ මගේ සුබ පැතුම එවල ඉවර වෙලා වෙන්න ඇති.

කාලය කෙමෙන් ගෙවෙද්දී දුර කථනය තොර තෝංචියක් නැතිව මුර ගානාව. වැඩ කරපු ආයතනයේ යාලුවෝ, ජේෂ්ඨ නිලධාරීන්, මට යටින් හිටපු සේවක සේවිකාවෝ, කාර්යාල මගී ප්‍රවාහන සේවා වලදී හිතවත් වුණ අය, සහෝදර සහෝදරියෝ ඔය හැමෝටම වචනෙකින් හරි පිළිතුරු දෙන්න ඕනිනේ. දවසේ වැඩ ඔක්කොම අවුල් වුණා. ටිකක් දවල් වුණා විතරයි ලොකු පුතා එනව ලස්සනට සරසපු ලොකු පෙට්ටියකුත් අරගෙන. ඒක උඩ තියා ගත්ත සුබ පැතුම් කාඩ් පතකුත් සමග.

මෙදා මාව පුදුම කලේ මම අකමැතිම තෑග්ගක් දීල. ඒ Shis Tzu Puppy කෙනෙක්. මම එයාට කැමතියි. එයා හරි ලස්සනයි. ඒත් මම කුඩා කාලේ හදපු මගේ බීනු මැරුණට පස්සේ මට දැනුන වේදනාව නිසා මම හිතන් හිටියේ ආයේ සුරතලේට බල්ලෝ ඇති කරන්නේ නැහැ කියල. ඒත් පිට රට ඉන්න චූටි පුතා අයියා එක්ක ගහපු ගේමක ප්‍රති ඵලයක් තමා මේ. දරුවන්ගේ ආදරේට පිටු පාන්නේ කොහොමද. ආදරෙන් බාර ගත්ත. එයාටත් තිබ්බේ මගේ මැරුණු බීනුගේ නමම තමා. දැන් මට ආයෙත් බීනු කෙනෙක් ඉන්නවා හරිම සුරතල්. වයස තාම මාසයයි. මෙයාව මට ලබා දෙන්න චූටි පුතා තමා පිරි වැය යොදවල තියෙන්නේ. අයිය තමා මෙහෙ ඉදල මෙහෙයුම දියත් කරලා තියෙන්නේ.

හවස් වෙද්දී දුවගේ අතින් හදපු කේක් එකක් ගෙනත් පුංචි පහේ උපන් දින සැමරුමක් කරන්නත් එයාල අමතක කලේ නැහැ. ඕපන් කිචන් එකෙන් කොත්තු ගෙන්නලා කට්ටියම කෑම මේසෙට වාඩි වුණේ මට දීර්ඝායු ප්‍රර්ථනා කරලා. උපන් දිනය සමරල දරුවෝ දෙන ආදරේට අකමැති වෙන්නේ කොහොමද.

Sort:  

Happy birthday aunty!❤️
May your life filled with eternal happiness!

Um waiting for this kind of bday gift!☺️❤️

Thank you very much for your kind words. You might get it someday.

සුභ උපන් දිනයක් @senehasa..! ආදරණීය තෑග්ගක්.. අපේ අම්මටත් ගිහින් දෙන්න ඕනි. 😂 ගුටි කන්න වෙයිද දන්නේ නැහැ තව වදයක් කියලා!

නැහැ මොනතරම් වදයක් වුණත් අම්මල කවදාවත් එහෙන්ම හිතන්නේ නැහැ. අම්ම ගොඩාක් සතුටින් බාර ගනීවි. කලින් නිකන් වචනයක් දාල බලන්න. අකමැත්තක් නෑ වගේ කියල හිතනවානම් හිත හිතා ඉන්න එපා ගෙනිහින් දෙන්න.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.031
BTC 60607.86
ETH 2620.83
USDT 1.00
SBD 2.52