You are viewing a single comment's thread from:
RE: කොරෝනා නිසා වෙනස් වූ ජන ජීවිතය - 50% to Sl Charity
මිනිස්සුන්ට රස්සා නැතිවෙලා, තිබුනත් පඩි කපලා. ඉතින් ගෙවල්වල වියදම් පියවගන්න තමන් මහන්සියෙන් හම්බකරගත්තු රත්තරන් බඩු ටික උකස් කරන්න ඇවිල්ලා.
අපි හිතුවේ නැති වුනාට ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. දුක් මහන්සියෙන් හම්බකරගත්තු රත්තරං බඩු උකස් කරල ජීවිතේ ගැටගහන්න වෙලා තියෙන තැනකට මේ රට පත්වෙලා ඉවරයි. දේශපාලකයන් මොන දේ කිවුවත් එදා මෙදා තුර ඔවුන් රට වෙනුවෙන් වෙහෙසන මිනිසුන්ට කරපු දෙයක් නැ. හාල් කිලෝ එකට හාල්මැස්සෝ දෙසිය පනහට බදු ගහන රටේ අනවශ්‍ය විදියට ලොකු පුටුවල ඉන්න අය සුරසැප විදිනවා. හැමදාම අපිට දකින්න ලැබෙන්නේ මාද්‍ය සන්දර්ශන විතරයි. මේ තැනින් ගොඩ එන්න පුලුවන් අපි අපිට උදවු කර ගත්තොත් විතරයි..
සම්පූර්ණ ඇත්ත කතාව.. දේශපාලනය කරන හැමෝම එක පැත්තේ. දිනන කෙනා තමන්ගේ මල්ල තර කරන්නවා. ඒකට අහුවෙන සාමාන්‍ය මිනිස්සු තැලෙනවා..