ජීවිතයේ දකිමු ආදරයෙන් රකිමු

in #writing3 years ago

images__1_-removebg-preview.png

පරිසරයට ආදරය කිරීම යනු සොබාදහමට ආදරය කිරීමයි. මිනිසා මිනිසාට ආදරයය කිරීමට පෙළඹවීම්යි.පරිසරය යන වචනය කෙටි වුවත් සරල වුවත් එය විශාල වශයෙන් පැතිරෙන්නකි .
උපන් දා සිට මියෙන තෙක් බොහෝ දෙනා ජීවත් වන්නේ තමා තමන්ට සීමා වූ කොටු වූ රාමු තුලය . උපතින් හිමි වූ ජාතිය ආගම කුලය තරාතිරම් කරපින්නා ගෙන ඒ සියලු දේ තනා දෙන පසුබිම මත ඔව්හු ජීවත්වෙති.නැත හොත් ජීවත්වීම සඳහා ක්‍රියාත්මක වේයි. වැරදි මාර්ගවල යෑම නිසා නොහොබිනා වැඩවල යෙදීම නිසා නින්දා ගැරහුම් ලබන අය සේම නිවැරදි මඟ තෝරා ගෙන ආදර්ශමත් ජීවිත කතා කරන්නෝ ප්‍රශංසා ලබති. අටලෝ දහමට අනුව කැරකෙන මේ ජීවිතය තමාට සිතෙන හැටි සහ තමා ගැන තමා අවට ලෝකයාට තියෙන හැඟීම් අවබෝධ කර ගැනීම වැදගත්. පොදුවේ මිනිස් වර්ගයා බෙදා ඇති බෙදීම් වල තිබෙන පුහු ගතිය සේම සකල මිනිස් වර්ගයා තුල පවතින ගුණය සහ දක්ෂතා තෝරාගෙන ඒ ශක්‍යතාවන් අගය කිරීමට තරම් ගුණවන්ත සිතක් ඇති විය යුතුය. එකිනෙකා පරයා ඇණකොටාගෙන ගහ මරා ගන්නවා වෙනුවට එකිනෙකාට උදවු වී එකිනෙකා තේරුම් ගෙන මිනිස් සුවඳ විහිදුවා ලීමට හැකිනම් මොනතරම් අගනේද ?

ජීවිතේයේ ඇත්තේ කුමටද?
නිකම්ම ගත කර දමන්නට ද ? වැඩක් ඇති වැඩක යෙදී තමනුත් තෘප්තිමත් වී අන් අයටත් යහපතක් කර සතුටු වන්න ද? ආත්මාර්ථකාමිත්වයේ අනන්තයට යාම වූ කල මිනිස් චර්යාවන්ට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියකි. මානව දයාවෙන් තොර මිනිසා තිරිසනෙකු යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

නමුත් ජීවිතේ තෘප්තිය ඇත්තේ විඳ දරාගැනීමේ හා වින්දනය කර ගැනීමේ ශක්‍යතාව මතය. යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් ඒ සියල්ල ජීවිතයට අත්‍යවශ්‍ය වුවද ජීවිතය යනු ඒ සියල්ල නොවේ. ජීවිතේ ඇත්තේ ඔබේම හදවත් තුළ ය . ඔබේ විදගැනීම තුලය. පවිත්‍ර වූ ඔබේ සිත ඔබට ඇති එකම වාසනාව වෙයි. වරද දුටු තැන වරදින් මුදවන්නට එක්වරක් හෝ උත්සාහ කරන්න. ඔබේ එකම ආඩම්බරය ඔබ වරද කරුවකු නොවීමය. මඩෙහි එරුණු උන් දැක නොදැක්කා සේ නොගිහින් එක්වරක් හෝ මඩින්ගොඩ ගන්නට උත්සාහ කරන්න. නමුත් ඔබ මඩෙහි නොවැටෙන්න වග බලා ගන්න. ඔබේ හපන්කම අභිමානයද එයමය. ජීවිතේ ආශ්චර්යයද එයමය.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 62868.78
ETH 3089.59
USDT 1.00
SBD 2.48