හෝකින්: "වීර්යය සහ අප්‍රතිහත ධෛර්යයෙන්" යුත් පුද්ගලයෙක් බව දරුවෝ කියති. R.I.P

in #science6 years ago

 ලොව කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් මෙලොවින් සමුගෙන තිබේ.76 වෙනි වියේ පසු වූ ස්ටීවන් හෝකින් කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේදී බදාදා (මාර්තු 14) උදෑසන අවසන් හුස්ම හෙලූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.කළු කුහර සහ සාපේක්ෂතාවාදය පිළිබඳ සොයා ගැනීම් සිදුකළ විද්‍යාඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ස්ටීවන් හෝකින් විසින් 'A Brief History of Time' ඇතුළු ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ රාශියක් ලියා පළකරනු ලැබ ඇත.විද්‍යාඥ හෝකින් ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලෙන බව සොයා ගන්නා විට ඔහු 22 වෙනි වියේ පසුවිය. 

 ඉහත කී ස්නායු ආබාධය හේතුවෙන් ඔහුට ජීවත්වීමට හැකියාව ඇත්තේ තවත් වසර කීපයක් පමණක් බව වෛද්‍යවරුන්ගේ මතය විය.රෝගී තත්ත්වය ඔහු රෝද පුටුවකට සීමා කළ අතර, කතා කිරීමේ අපහසුතා මතු වූ බැවින් බොහෝ විට සන්නිවේදනය කිරීම සඳහා තාක්ෂණික මෙවලමක් (හඬ සංශ්ලේෂණ උපකරණයක්) භාවිත කිරීමට සිදු විය."අපගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව අප අතිශයින්ම කනගාටුවට පත්වෙනවා" යනුවෙන් ඔහුගේ දරුවන් වූ ලුසී, රොබට් සහ ටිම් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ."ඔහු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු කළ සේවය සහ දායාද කළ දෙය දීර්ඝ කාලයක් පවතිනු ඇත," යනුවෙන් ඔවුහු තවදුරටත් පවසති. 

 හොකින්ගේ "වීර්යය සහ අප්‍රතිහත ධෛර්යය" අගයන දරුවෝ, ඔහුගේ "සුවිශේෂීත්වය සහ හාස්‍යය" ලොව පුරා බොහෝ මිනිසුන් දිරිමත් කළ බව සිහිපත් කරති."එක් වරක්, 'ඔබේ ආදරණීයයන්ට නිවහනක් නොවන්නට විශ්වය පිළිබඳ වැඩි යමක් නැහැ' යනුවෙන් ඔහු වරක් කිව්වා. අපට ඔහු නොමැති අඩුව හැමදාම දැනේවි."විශ්ව සම්භවවාදය, සාපෙක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් විද්‍යාවේ එකතුවක් බවට වන හේතු දැක්වීම මුලින්ම කරන ලද්දේ මහාචාර්ය හෝකින් විසිනි.කළු කුහරවලින් ශක්තිය නිකුත් වන බවත් පසුව එය නැතිවී යන බවත් සොයා ගත් බැවින් පසුකලක එය 'හෝකින් විකිරණය' ලෙස හැඳින් විණි. 

https://twitter.com/bigbangtheory/status/973789142780964864/photo/1

 විද්‍යාඥයෙකු වශයෙන් ලද ජනප්‍රියත්වය අභිබවමින් මහාචාර්ය හෝකින් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් රාශියකට ද සහභාගී විය.හෝකින්ගේ චරිතය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට ද බිහිවූ අතර මෑතකදී නිර්මාණයවූ 'The Theory of Everything' චිත්‍රපටයේ හෝකින් ලෙස චරිත නිරූපනය කරන ලද්දේ ඔස්කාර් සම්මාන හිමිකරගත් එඩී රෙඩ්මේන් විසිනි.සිටීවන් හෝකින්ගේ ජීවිතය;

  • වර්ෂ 1942 ජනවාරි 8 බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේදී උපත ලැබීය
  • 1959 ස්වභාවික විද්‍යාව හැදෑරීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන ලදී
  • ඔහු තම පශ්චාත් උපාධිය හදාරන ලද්දේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේය
  • 1963 දී පමණ ඔහුට ස්නායු රෝගයක් ඇති බව හඳුනාගත් අතර දෙවසරක් තුල මියයනු ඇතැයි ප්‍රකාශ විය
  • 1974 දී කළු කුහර සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ න්‍යාය "හෝකින් විකිරණය" ලෙස හැඳින්විය
  • 1979 දී ගණිත අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා ලෙස පත්විය. එය ඊට පෙර අයින්ස්ටයින් විසින් දරන්නට යෙදුන තනතුරකි
  • 'A Brief History of Time' ග්‍රන්ථය 1988 දී ප්‍රකාශයට පත්කරන ලදී. මෙම ග්‍රන්ථය මිලියන 10 ක් ඉක්මවා අළෙවි විය
  • 90 දශකයේදී නොකඩවා ඔහුගේ නම යෝජනාවී ඇති නමුත්, රජය විද්‍යාව සම්බන්ධයෙන් කරන්නාවූ ආයෝජනයන් සම්බන්ධයෙන්වූ අප්‍රසාදය හේතුවෙන් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව පසු කලෙක අනාවරණය විය
  • 2014 දී හෝකින්ගේ චරිතය මුල්කරගෙන 'The Theory of Everything' චිත්‍රපටය නිර්මාණයවු අතර එහිදී හෝකින් ලෙස චරිත නිරූපනය කරන ලද්දේ ඔස්කාර් සම්මාන ලාභී එඩී රෙඩ්මේන් විසිනි

වෙනත් පුවත්:


Source



Sort:  

thank you for sharing this information in sinhala....

bigbangtheory The Big Bang Theory tweeted @ 14 Mar 2018 - 05:13 UTC

In loving memory of Stephen Hawking. It was an honor to have him on The #BigBangTheory. Thank you for inspiring us… twitter.com/i/web/status/9…

Disclaimer: I am just a bot trying to be helpful.

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.033
BTC 64010.98
ETH 2791.72
USDT 1.00
SBD 2.65