යාළුකමින් එහා... | මගේ කවි පොත | පළමු කොටස

in Steem Sri Lanka3 years ago

WhatsApp Image 2021-05-22 at 22.54.21.jpeg

ඔහු මගේ යාළුවෙක් වුනේ, අහම්බෙන් වුණත්, ටික දවසක් යනකොට යාළුකමට එහා ගිය මොකක්දෝ කැමැත්තක් මට එයා ගැන ඇති වුණා. ඒත් මම ගැහැණු ළමයෙක් නිසාත් අපි ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ කොල්ලනට ඉස්සෙල්ලා ආදරේ ප්‍රකාශ නොකරපු නිසාත්, මගේ හිතින් විතරක් මම මුළින්ම එයාට ආදරේ කළා. මගේ හිතේ අපි ගැන ලස්සන චිත්ත රූප මවා ගත්තා. කතා ගොතා ගත්තා. ඒකපාර්ශ්වික ප්‍රේමය ඇත්තටම මට සුන්දර අත්දැකීමක් වුණා. මට ඒ දේවල් බෙදාගන්න තරම් කෙනෙක් හිටියේ නැති නිසා මම මගේ හැඟීම් කවි කළා.

නෙතුපිය වැසෙන හැම විට - ඔබ සිහිවෙනවා
සිහිනෙක සුවය සමඟින් - ඔබ හමුවෙනවා
ක‍තා නොකර රහසෙම - ඔබ නික්මෙනවා
මලානිකව මගෙ හද - ඔබ විමසනවා

නීල නෙතු සඟලේ
අවිහිංසකම බැල්මේ
මාගේ සිත රැදුනේ
සත්තටම ඔබ ළඟ නේ

දකින විට හැම මොහොතකම ඔබ
රැගෙන යයි මා සිතින් ඈතක
කෙදිනක දී හෝ මගේ වී ඔබ
ඇති බවක් හැඟෙනවා සුමිතුර

ඔය නෙතු මත සදහට දැවටෙන්නට
ඉඩ දෙනු මැන ඔබ ළඟම රැදෙන්නට
පිවිතුරු ආලය ඔබට පුදන්නට
අවසර දෙනවද දෙතොල සිඹින්නට

මා සිතේ පෙම් මැඳුරු ඉදිවෙයි
කුමරුනේ ඒ ඔබ නමින්
ඔබගේ සෙවනේ සතපවන්නට
පෙම් හැඟුම් ඇත පොපියමින්

ඔබේ අත ගෙන ඇවිද යන්නට
උරේ මා හිස තබා ඉන්නට
සොඳුරු ඔබෙ ආදරේ විදින්නට
ඉවසුමක් නෑ තුරුළේ වෙළෙනට

ආදරයේ ඇති සැබෑම අරුතට
උපමා කොයින්ද මට ඔබ හැරෙන්ට
ඒ ආදරෙන්ම මා හද නිවන්ට
අයදිමි තුන් ලොව රකිනා දෙවිඳු ට

Sort:  

❤❤❤❤❤

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

ඒක මරු අක්කේ 🙊

Thank you නංගා 💖

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 64251.91
ETH 3494.19
USDT 1.00
SBD 2.54