ලෝක උරුමයේ කරුමය

in Steem Sri Lanka3 years ago

IMG_20220212_220739.jpg
ලෝක උරුම සීගිරිය ප්‍රදේශය වර්තමානය වන විට ජනතාවට ලගාවීමට නොහැකි ඉතා අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත් වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශවාසීහු පවසති.සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්වයකට පත්ව තිබෙන බව ඔව්හු පෙන්වා දෙති.ලෝක උරුම බිම් කඩක් බවට නම් කල ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව පෙන්වා දෙති.සීගිරිය නව නගරයේ අයාලයේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දෙයි.මෙහි යන ඕනෑම වෙලාවක අයාලයේ යන සුනඛයන් බොහෝ වර්ධනයක් වී ඇති අතර ඔවුන්ගෙන් වෙන සපාකෑම් නිසා විවිධ පැමිණිලිද බොහෝය.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඇරබූ වෙළද සැල්ද කඩ පෙලද මේ වනවිට කඩා වැටෙමින් පවතී.අපිරිසිදු වැසිකිළි පද්ධතිය තුළ දොරවල් සහ ජල කරාම සියල්ලද විනාශ වී ඇත .මෙම නිසා සියලු සංචාරකයන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අපහසුතාවයකි.
IMG_20220212_220805.jpg
ලංකාවේ අයට සීගිරිය නැරඹීමට ඇති ප්‍රවේශ පත්‍රය රුපියල් සියයක් වන අතර විදෙස් සංචාරකයන්ට නැරඹීමට ඩොලර් තිහක මුදලක් ගෙවීමට සිදුව තිබේ. සීගිරි විහාරාධිපති හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලුම් කරන්නේ මේ ආකාරයට ඉදිරියට පැවතුනොත් සීගිරිය නැරඹීම සදහා කිසිවෙකුත් නැවත පැමිණීමක් බලාපොරොත්තු වියනොහැකි බවයි
IMG-20220212-WA0001.jpg
කෙසේ වෙතත් බලධාරීන් වෙත කොතෙකුත් මෙම සිදුවීම් පිලිබදව දැනුවත් කලද ඔවුන්ගෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කනගාටුවෙන් වුවද කීමට සිදුවේ.මෙවැනි ස්ථාන නිසි ලෙස නඩත්තු කොට නවීකරණය කොට සියලු පහසුකම් සලසා ඒවා නිසියාකාරව නඩත්තු කිරීමෙන් මෙය ඉදිරි පරම්පරාවටද ආරක්ෂා කරදීම නිසි බලධාරීන්ගේ වගකීමක් වන අතර එමගින් නිසි ආදායම් මාර්ගයක්ද අප රටට හිමි වීමද මීට වඩා බලාපොරොත්තු විය හැකිය.

Coin Marketplace

STEEM 0.24
TRX 0.21
JST 0.036
BTC 98020.03
ETH 3358.93
USDT 1.00
SBD 3.29