වැස්ස...

in Steem Sri Lanka3 years ago (edited)

වැස්ස,
වැස්ස යනු වායුගෝලීය ජල වාශ්ප ඝනීභවනය වීමත් සමගම ඇති වන බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇදවැටෙන බිදිති ආකාරයේ ද්‍රව ජලය වේ.

10 වසරෙ ඉතිහාසය පොතේ තිබුනා මතකයි වර්ශාවට සහ සෞභාග්‍යයට අධිපති වරුණ දෙවියන් කියලා.😁

FB_IMG_1636605078629.jpg
"වැස්ස වෙලාවක කොටුවෙදී ගත්තු එකක්"

ඉතින් මේ දවස් වල ලංකාවටම වැස්සනේ.වැස්ස කාටවත් නවත්තන්න බෑනේ.සාමාන්‍යයෙන් නම් ලංකාවට එක දිගට වහින්නෙ නෑ.ඒත් 8,9 දවස් දෙකේම හොදටම වැස්සා.තවමත් වැස්ස.වැස්සත් එක්ක ගොඩක් තැන් නායගියා වගේම ගංවතුරත් ගැලුවා.මම මේ දවස් වල වැඩ කරන්නේ කුරුණෑගල ගිරිඋල්ල නගරයේ.හැමෝම දන්නවනේ ගිරිඋල්ලට ගංවතුර ගැලුවා කියලා.

7 වෙනිදා උදේම වැස්සක් ආවා.උදේම වැස්සේ වැඩට යනකොට තියෙන Feeling එක හැමෝම දන්නවනේ.මම වැඩකරන ස්ථානය තියෙන්නේ මහා ඔය ආසන්නයේ නගර මධ්‍යයේ.සාමාන්‍යයෙන් වැස්ස එක්කම ඔයේ වතුර ටිකක් වැඩිවෙනවා.

70437752.jpg
source
වැස්ස නැති දවස්වලට මහා ඔය

7 වෙනිදා දවස සාමාන්‍ය විදියට නිමා උනා.8 වෙනිදා උදේම වැස්ස,මේ වැස්සනම් තද වැස්සක්.උදේ 9ට වගේ පටන් ගත්තු වැස්ස නැවතුනේම නෑ.එක දිගටම තදින් වැස්සා.8 වෙනිදා දවසෙම වැස්ස නිසා එදිනෙදා කටයුතු වලට ගොඩක් බලපෑම් එල්ල උනා.

IMG_20211112_093152.jpg

IMG_20211112_093431.jpg

කොයිතරම් වැස්සත් ආදරවන්තයන්ට නම් එය කිසිම බාධාවක් වෙන බවක් නම් දකින්න තිබුනේ නෑ.අපි හැමෝම කැමතිනේ ඉතින් එයත් එක්ක කුඩේ යටින් යන්න.😀

FB_IMG_1636689069034.jpg

එක දිගටම නවතින්නෙ නැතිව වැස්ස නිසා බෝඩිමට යන්න කම්මැලිකමක් දැනුන නිසා මම වැඩකරන තැනම නැවතුනා.9වෙනිදා වැස්සත් එක්කම ගෙවිල ගියා.

10වෙනිදා උදේ වෙද්දිත් 9 වෙනිදා වැහැපු වැස්ස නැවතුනේ නෑ.මම උදේ 7ට වගේ ඇහැරුනා.සාමාන්‍යයෙන් මම වැඩකරන තැන නැවතුනාම උදේට ඔය පැත්ත බලන්න යනවා.එදා ඔය දිහා බලද්දි නම් වතුර සෑහෙන වැඩිවෙලා තිබුනා.

IMG_20211109_093017.jpg

මේ වතුර පාර වැඩිවීමත් එක්ක ගිරිඋල්ල පොලිසිය පැත්ත සම්පූර්ණයෙන්ම යටවුනා.ගිරිඋල්ල - කුරුණෑගල මාර්ගය උදේ වහල තිබුනේ.ගොඩක් ගෙවල්,කඩ සාප්පු යට වෙලා කියල තමයි ආරංචි උනේ.1973න් පස්සෙලු මෙච්චරටම ඔයේ වතුර වැඩි උනේ.එදා නම් ස්ටෑන්ඩ් එක එහෙම සොහොනක් වගේ තිබුනේ.මිනිස්සු පස්දෙනෙක් වත් නැති තරම්.හැම කඩයක්ම වගේ වහලා තිබුනේ.

IMG_20211109_134506-03.jpeg

IMG_20211109_093134_1-01.jpeg

දිගටම වහින නිසා ගංවතුරේ නම් කිසිම අඩුවක් උනේ නෑ වැඩි උනා මිසක්.ගොඩක් මිනිස්සු පාලමට ඇවිත් වතුර යන විදිය බලන් ඉන්නවා.ඒ අතරේ ගංවතුරට බම්බුගහගන්න කියලා පොල් එකතු කරපු මනුස්සයෙකුත් හිටියා.කොහොම හරි පොල් ගෙඩි 500ක් විතර එකතු කරගෙන බට්ටා ලොරියක් ගෙනවිත් ඒ ඔක්කොම පටවන් ගියා.

එදා දවසෙ නම් නගරය අමු සොහොන් පිට්ටනියක් වගේ.කොහොම හරි දවල් 1ට වගේ වැස්ස නතර උනා.ඒත් මහා ඔයේ වතුර නම් අඩු උනේ නැහැ.

IMG_20211109_093152_1.jpg

ඒත් එක්කම මම දැක්කා සැර වතුර පාරත් නිසා යන්න බැරිව හිර වෙලා ඉන්න කබර පැටියෙක් ගහක අත්තක් බදාගෙන ඉන්නවා.ඌ කබරෙක් උනත් ගොඩක් දුක හිතුනා.

IMG_20211110_132348.jpg

දැන්නම් වැස්ස අඩු වෙලා ගංවතුර අඩුවෙලා ඔයේ වතුරත් අඩුවෙලා තියන්නේ.ඒත් ඉතින් කියන්න බෑ ආයෙමත් තදින් දිගටම වැස්සොත් ආයෙත් ගංවතුරක් ඒවි.

Screenshot_2021-11-12-10-25-28-559_com.android.chrome.jpg

Sort:  

පාළම උඩ ඉන්නත් බයයි මේ ෆොටෝස් ටික දැක්කම නම්

ඔව් දැන්නම් වතුර අඩුවෙලා.පාලම දිහා බැලුවම හිතාගන්න බෑ එච්චර වතුර පාරක් ආවද කියල.

අදනම් ළකුණු 99/100 ක් විතර දෙන්න පුලුවන්🙊 මම හරි ආසයි මේ වගේ ඒව කියවන්න..

ඒ අතරේ ගංවතුරට බම්බුගහගන්න කියලා පොල් එකතු කරපු මනුස්සයෙකුත් හිටියා.කොහොම හරි පොල් ගෙඩි 500ක් විතර එකතු කරගෙන බට්ටා ලොරියක් ගෙනවිත් ඒ ඔක්කොම පටවන් ගියා.

එහෙම කෙනෙක් වතුරෙ ගහගෙන ගියා කියලත් News වල කියනව ඇහුන..

පාලම කලින් තියන විදිය එක්ක copare කරාම නම් මට හිතාගන්න බැරි උසකට ගඟ ගලල වගේ

Entry 4

Thank you!මටත් පාලම දැක්කම හිතාගන්න බෑ එච්චර වතුර ආවද කියලා.

the rain got worse, activities were closed because the bridge was closed. It's really worrying the river, hope it's all right

Now it's all ok.Everyone is back on there normal day today activities.

That's what everyone expects😊

Yes,Everyone like to do there normal day today activities,without staying at home.

of course it's fun

ලස්සනට ලියලා. එකම ආර්ටිකල් එකේ කියවන්න රසවත් දේවල් ගොඩක් තියෙනවා. කබරගොයි පැටියා ඇත්තටම පවු.

Thank you!ඊයේ බලද්දිනම් කබරගොයි පැටියා බැහැලා ගිහිල්ලා.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62956.16
ETH 2588.54
USDT 1.00
SBD 2.74