දුරුතු පෝය..🙏| 5% for SL Charity.

in Steem Sri Lanka3 years ago

කාලෙකට පස්සෙ දවස් හතරක නිවාඩුවෙ අන්තිම දවසටත් ආව..මේ වගේ දිග සති අන්ත නිවාඩුවක් ආයෙ එයිද කියලත් මට කැලන්ඩර් එක බලන්න හිතුන.අත්තම කිව්වොත් ආයෙම මේ වගේ weekend එකක් මැදි කරල නිවාඩුවක් තිබුන් නෑ..අලුත් අවුරුද්දේ නිවාඩුව ඇරෙන්න.😥.
කමක් නෑ..මේ නිවාඩුව කිසිම කරදරයක් නැතුව සැපෙන් විදපු නිසා.😋.
poya1 copy.jpg

අද නිවාඩුව යෙදිල තිබුණෙ මේ අවුරුද්දේ මුල්ම මාසෙ මුල්ම පුර පසළොස්වක පෝය නිසා.ඇත්තටම පෝය කියන්නෙත් දින පතා වැඩට යන මිනිස්සුන්ට නිවාඩු ලැබෙන අගනා දීමනාවක් වගේ.හැබැයි ඒක වැරදිලාවත් සති අන්තයෙ දවසක් උනොත් එහෙම කැලැන්ඩර් එක කෙසේ වෙතත් පණිවුඩය දීපු කෙනාටත් හොදම ඒවයින් දෙකක් කියල තමා මිනිස්සු ඒක අමතක කරන්නෙ.ඒ තරමට මිනිස්සු තමන්ගෙ නිදහසට ආස කරනව.

ඒත් මිනිස්සු ඒ දවසෙ නිවාඩුව ලැබුනනං මොකද කරන්නෙ. අඩුම දවසෙ අර්ථය මොකක්ද කියලවත් තේරුම් අරගෙන මාසෙකට සැරයක් එන පෝයටවත් පැය 1/2ක් පිනට දහමට ලැදි වෙල,බෝධි පූජාවකට සහභාගි උනානම් කොච්චර නං වටීද?
image.png
source

නිවාඩු කියන්නෙ සමහර අයට යාලුවො එක්ක පාටි එකක්,trip1k.අපි මේවත් කරන්න ඕනෙ ඒත් ආගම වෙනුවෙන් චුට්ටම චුට්ටක් කැප වෙන්න කාටද බැරි.මේ covid කාලෙ කියලත් අඩුවක්ම නෑ.වෙන සමහර ආගම්වල වගේ අපේ බෞද්ධ ආගමේ "උඹල පන්සල් යන්නම ඕන"කියල නීතියක් නෑ.එහෙම නොකළ කියල අපේ ආගමේ අපි පිලිනොගන්නෙත් නෑ.

image.png
source

ඒත් අපි අනිත් දේවල් වගේම මානසිකව ආගමික තෘප්තියක් ලැබිය යුතුමයි.අපේ ආගම ගැන මීට වඩා සැලකිලිමත් වියයුතුමයි.මොනව නොලැබුනත් මානසික සතුට ලගා කරල දෙන එක ආකාරයක්.ඒ ගැන සිතා බැලීම ඔබට බාරයි.

ඇත්තටම අද පෝය දවසෙ වටිනකම කිව්වොත්,

බුදුහාමුදුවන්ගෙ ලංකා ගමනය මුල්ම වතාවකට සිද්දවෙල තීන්නෙ අද වගේ දවසකලු.මහවැලි ගංගාව අසල තිබ්බ මිනිපේ කියන ගමකට තමා උන් වහන්සෙ මුලින්ම වැඩල තීන්නෙ.ඒ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර සටනක් නවත්වන්න කියල තමා කියන්නෙ. ඒ ගෝත්‍රිකයො රැස් වෙච්ච බිම තමයිලු මහියංගනය කියල කියන්නෙ.

එතන සටන් වැදීම නවත්වල ඉන්න අයට ධර්මය දේශනා කරල ඒක සමතයකට පත් කරාලු.අද දවස වැදගත් මේ හේතුවට විතරක්ම නෙමේ..ඒ වගේම බිම්බිසාර රජතුමා වේලුවනාරාමය සඝසතු කොට බුදු සසුනට පූජා කරල තීන්නෙත්, අපේ ත්‍රිපිටක ගත කරල තිබුන බුදුදහම ග්‍රන්තාරෑඪ කරන්නෙත් අද වගේ මේ දුරුතු පසළොස්වක පෝය දවසක.
image.png
source

මේ හේතු,කරුණු කාරනා මිනිස්සු නිතර නිතර සිහිපත් නොකෙරුවත් ඇත්තටම පෝය දවසට හරි තමන්ට පන්සලකට යන්න අමාරු න පුලුවං විදියට මලක්,පහනක් තියල ආගම සිහිකරන එකත් හිතට දැනෙන මානසික වින්දනයක්.අද මටත් පන්සල් යන්න හැකියාවක් ,වාසනාවක් නැති උනත්,හැමදාම වගේ අදත් පහන තියල මම ඒක පෞගලිකව අත් වින්ද.

WhatsApp Image 2022-01-17 at 6.45.44 AM.jpeg

ස්තූතියි..

-srilife@චනා,❤️-

star mark.png

Sort:  

Agamata ladiwa inna eka jeewitheta godak hondai

ඇත්තටම ආගම කියල හතරපෝයට සිල්ගන්නම ඕන් නෑ..පොඩි පොඩි දේවල් වලින් සෑහීමකට පත්වෙන්න අපි හැමෝටම පුලුවං..😊

Pahana thiyela mal puja kalama hithta danenne loku sanasiimak.

ඔව්..ඒක විදින මිනිස්සු ඒ වැඩේ කරන්න අමතක කරන්නෙත් නෑ 😊.

පන්සලකට ගිහින් පැත්තකට වෙලා ඉන්නකොට ලොකූ සැනසීමක් දැනෙනව.😊

හිත නිදහස් කරගන්න හොදම විදියක්

ඒ තරමට මිනිස්සු තමන්ගෙ නිදහසට ආස කරනව.

අනිවාර්යයෙන්ම 🤗🤗

එහෙම වෙන් ඕනි කොහොමත්..

මලක් පූජා කරලා පහනක් පත්තු කරාම හිත ටිකක් සැහැල්ලු වෙනවා..

sahatika atta broo...

ඇත්තටම පෝය දවසෙ මලක් පහනක් තියල බූදුගුන සිහිකරනව කියනෙත් ලොකු ජයග්‍රහනයක් තමයි.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.031
BTC 60836.17
ETH 2567.48
USDT 1.00
SBD 2.57