මෙනේරි කිරිබත් - 5% to Sl Charity

මෙනේරී කියලා ධාන්‍ය වර්ගයක් තියනවා කියලා මම දැනගන්නේ චරිත තුනක් නවකතාව කියවද්දී මගේ මතකයේ හැටියට. මොන හේතූවක් නිසාද දන්නේ නෑ, මම ඒ කාලේ හිතුවේ මෙනේරී කියන්නේම රළු කෑමට අපහසු ආහාරයක් කියලා. සමහර විට ඒ කතාවල ස්භාවය අනූව ඒක මට මැවුන චිත්තරූපයක් වෙන්න ඇති.

මේ මෑතකදී අපේ ගෙවල් ළඟින් ධාන්‍ය වර්ග, කිතුල් පිටි, හකුරු වැනී දේවල් අලවී කරමින් යන ත්‍රීරෝදයකින් මම මෙනේරී මිලට ගන්නවා. මෙනේරී කියන්නේ මොනාද කියලා දැනගන්න අවශ්‍ය නිසා ගත්තාට, මෙනේරී වලින් කරන දෙයක් මම දැනගෙන හිටියේ නෑ. ඉතිං විකුණපු කෙනාම මට මෙනේරී කිරිබත්, කැඳ සහ පිට්ටු හදන ආකාරය කියලා දෙනවා.

SAVE_20210918_225157.jpg

කිරිබත් වලට මම කොහොමත් කැමති නිසා මම තීරණය කලා විසිකරන්න හරි කමක් නෑ මෙනේරී කිරිබත් හදනවා කියලා. මෙනේරී ටික ගරලා සෝදලා අරගෙන, සාමාන්‍ය කිරිබතක් හදන විදියටම ලුනුදාලා වැඩි හොඳට මම දිය කිරෙන් තමබගන්නවා. හාල් වලට වඩා අඩු වෙලාවකින් මෙනේරී ටික තමබගන්න මට පුළුවන් උනා. ඉන්පසු මිටිකිරි එකතු කරලා, දෙතුන් වතාවක් හැදිගාමින් කිරිටික හිදෙන තුරු සාමාන්‍ය කිරිබතක් වගේම උයාගන්න එක තමයි කලේ. ඇත්තටම ඒක බොහෝම රස කෑමක්.

ලුනුමිරිස කියන්නේ කිරිබතට හොඳටම ගැලපෙන දේ උනත්, හොඳ පදමට දෙහි ඇඹුල් එකතු කරපු සම්බෝලයක් මෙනේරී කිරිබතට ගැලපෙයි කියලා මට හිතෙනවා. ඇත්තටම එදා ඉදන් මම මෙනේරී කිරිබත් වලට අසීමිත විදියට කැමති වෙනවා. මේක ටිකක් ඇගට දැනෙන බර ආහාරයක්. පොඩි ප්‍රමානෙකින් බඩ හොඳට පිරෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් හතර දෙනෙක්ට හොඳටම ප්‍රමාණවත්.

IMG-20210918-WA0000.jpg

මෙනෙරී වතුර ටිකක පෙගෙන්න තියලා වතුර පොඩි ප්‍රමාණයක් දලා තම්බලා, තැම්බුන මෙනෙරී ටිකට ගාපු පොල් දලා කූරූ ගාලා ගත්තාම ඒකට මෙනෙරී පිට්ටු කියනවා. හරියට අපි තම්බපු කොස් වලට පොල් දාලා කුරූ ගාන්නේ. අන්න ඒ වගේ..
මෙනෙරී ටික , ටික වෙලාවක් පෙගෙන්න තියලා, වතුර ටිකක් වැඩි වෙන්න තියලා, ලුනු, සුදුලූනූ සහ කරපිංචා ටිකක් දාලා බෙරී වෙන්න උයාගෙන, සාමාන්‍ය කැඳ වලට වගේම පොල්කිරි දාලා ගත්තාම අපිට මෙනේරී කැඳ හදාගන්න පුළුවන්. මේ දෙකම මම උත්සහ කරලා නැති උනත් මේ ක්‍රම දෙකම කියලා දුන්නේ මෙනෙරී මට විකුනපු වෙලෙන්දාමයි.

දැන් නම් මෙනේරී හොයාගන්න එක තරමක් අපහසු දෙයක් වන අතර ගම්බද ප්‍රදේශ වල තියනවා කියලා මම අහලා තියනවා .
ඔයලාටත් හම්බුනොත් කාලා බලන්නකෝ.

Sort:  

ලුනුමිරිස කියන්නේ කිරිබතට හොඳටම ගැලපෙන දේ උනත්, හොඳ පදමට දෙහි ඇඹුල් එකතු කරපු සම්බෝලයක් මෙනේරී කිරිබතට ගැලපෙයි කියලා මට හිතෙනවා

ඒක තමයි මම එත් බැලුවේ මොකෝ මේ කිරිබතක් එක්ක පොල් සම්බෝල කියලා. ඒම කොහොමද? රහයි ද?

ඇත්තටම රසයි එහෙම. පස්සේ දවසක මෙනේරී කිරිබත් ලුනුමිරිස් එක්ක කෑවාත් සම්බෝලේ තරම් ගැලපුනේ නෑ..

මේකනම් රස කෑමක් වගේ...

ඔව්. හරි රසයි.

මටත් ඒකෙ රස දැනෙනව වගේ... කාල නම් නෑ. ඒ ප්ලේට් එකත් ලස්සනයි...

හම්බුනොත් කාලා බලන්න. හරි රසයි. ප්ලේට් එක නම් තෑග්ගකට හම්බුනේ.❤️

Honda wedak...Samajayen gilihila yana dewal promote eka godaak hondai...

ස්තූතියි. ඇත්තටම ගොඩක් අය මෙනේරී කියලා දෙයක් දන්නේවත් නෑ.

මං හරි ආස කරන කෑමක් තමයි මෙනේරි කැඳ. මේකත් try කරලා බලන්න ඕනි.

මේකත් බලන්නකෝ. හරිම රසයි. මෙනෙරී කැද හදන්න හිතාගෙන හිටියාට තාම බැරි උනා.

මෙනේරි ගැන අහලා තිබුණට මම කවදාවත් ආහරයට අරන් නෑ ... පොල් සම්බල් එක්ක මෙනේරි කිරිබත් රස පාටයි.....❤️

ස්තූති. ඇත්තටම රසයි. හම්බවුනොත් හදලාඅ බලන්නකෝ.. මෙනේරී හොයාගන්න තමයි ටිකක් අමාරු.

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65762.16
ETH 3485.95
USDT 1.00
SBD 2.50