වෙරළේ අසිරිය

in Steem Sri Lankalast year (edited)

සොබා දහමේ තවත් අපූරු දායාදයක් වූ මුහුදූ වෙරළ ලොකු කුඩා කොයි කාගේත් හිත දිනා ගත් සාමකාමී එහෙත් වෙලාවකට චණ්ඩ එහෙත් මන බදිනා ස්ථානයකි. ඉර බැස යන මොහොතේ ගල් පරයකට බර තබා මද සුළං විදිමින් ගත කරන ඒ චමත්කාර හෝරා කීපය ගතට සහ සිතට ගෙන එන සුවය කෙසේ පවසම්ද? පෙන කැටි නංවමින් නගන රළ නැගී ආ මොහොතේම බැස යමින් දක්වන ඒ චමත්කාර දසුණ නෙත පිනවන්නේ අප හැමට හොරා නොවේද? ගල් පර අතරින් වෙරළට ගසන කුඩා අප ද්‍රව්‍ය මගේ සිතට ගෙන දෙන්නේ කලකිරීමකි. මිනිසා ඇයි මෙතරම් නපුරු විටක මට සිතෙයි.

image.png
Image source

අපේ ගහ කොළ, සතා සිවුපාවා, ගංගා දිය ඇලි, වැව් තටාක, මුහුදු වෙරළ මේ සැම එකක්ම සොබාදහමින් අප ලද දායාදයි. ඒවා රැක ගැනීම අපේ යුතුකම නොවේද? කැළයට ගියත්, මුහුදු වෙරළට ගියත්, වැවට ගඟට ගියත් අපි විසින් ඉවත ලන කුණු නිසි අයුරින් බැහැර කිරීමට අපි ඉගෙන ගෙන නැත්තේ අපේ වරදින්ද? එහෙත් නැත්නම් සමාජයේ වරදින්ද?

වික්ටර් රත්නායක මහතාගේ සිංදුවක් වෙත මගේ සිත දිව යයි.

ළිදෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ළිදට ගල් ගසාලා
වතුර බොර කරයි
මිනිසා වතුර බොර කරයි
මිනිසා ගඟට ආවඩයි

අපේ මිනිස්සු එහෙමයි. කිසිම දෙයක කිසිම උවමනාවක් නැහැ. තමන්ගේ දේ විතරයි බලන්නේ. හරිම ආත්මාර්ථකාමියි.

හිතේ නැගෙන මානසික අසහනයට, චිත්ත පීඩාවට, වෙහෙසකර මනසට හොදම ඔසුව මුහුදු වෙරළ. ඇයි මිනිසුන්ට බැරි ආදරේ කරන්න එවන් සුන්දර වූ ස්ථාන වලට. රකින්න බැරි ඇයි අපේ සොබා දහම. ආදරේ කරන්න බැරි ඇයි අපේ සොබා දහමට.

ඈත වෙරළ දෙස බැලු මට දියඹේ පාවෙන නැවක් හෝ ඔරුවක් පුංචි තිතක් ලෙස පෙනෙයි. ක්ෂණයකින් මගේ සිත දිව ගියේ මගේ ළමා විය වෙතයි. තාත්තා සමග මුහුදට ගිය ඒ පළවෙනි දිනය. අහස හා මුහුද ගෑවෙන සීමාව ක්‍ෂිතිජය ලෙස තාත්තා කියා දුන් ආකාරය. වැල්ල පුරා විසිරී ඇති කවඩි හා සිප්පි කටු ඇහිදීමට කුඩා අපි එදා පොර කෑ ආකාරය. මුහුදු වැල්ලේ අපි සෑදු මාලිගා ක්ෂණයකින් රළ ගෙඩියකට මැකී යද්දී අපි දුක් වූ ආකාරය. මේ සියල්ල මගේ දෙඇස් අභියස රග දෙන්නේ මේ මොහොතේ සිදු වන සිදු වීම ලෙසිනි.

ඒ මතකයට පණ දෙමින්, මහ හඩින් බිදෙන රළ ගෙඩිවල ඝෝෂාවට මම සවන් යොමු කළේ ඉර බැස යන සැන්දාවේ විසි තුරු වෙන සුන්දර වෙරළේ චමත්කාරය ගත පුරා විදිමිනි.

ස්තුතියි

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

Muhude pawena dewal dakkamath quote karala tiyana song eka niweradiyi neda kiyala oppu wenawa.

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.029
BTC 56768.45
ETH 2391.62
USDT 1.00
SBD 2.28