අයියේ මට තනියි ඔයා ඉන්න තැනට මාවත් අරන් යන්න
ප්රණීතා පාසල් යන වයසේ කුඩා දරුවෙක්. ඇය පුංචි කාලේ ඇගේ පියා පොල් ගහකින් වැටිලා ඔත්පල වෙනවා. ඇයට හිටිය එකම සහෝදරයා ගඟේ ගහගෙන ගිහින් මැරෙනවා. දැන් නිවසේ ඉන්නේ ඇගේ ඔත්පල වූ පියා සහ ඇගේ මව පමණයි. කුඩා නිවසක ඉතා දුක සේ කල් ගෙවන ප්රණීත ගේ ජිවිතේට පොඩ්ඩක් හරි සැනසීමක් ලැබෙන්නේ දඩාවතේ ගිය බල්ලෙක් වෙන ලයිකගෙන්. ප්රණීතත් ආශයි අනෙක් ළමයි වගේ අදින්න. ආදරේ ලබන්න. ඒත් කවුද ප්රණීතට ඒවා දෙන්නේ. එයාගේ හිත හොදටම ඔත්පල වෙලා, ලයික ලගට ගිය ප්රණීත උගේ ඔළුව අත ගෑවේ ඇයට නොලැබුණ ආදරේ ඌට දෙන්න හිතාන වගේ.
ප්රණීතගේ මව උදේ පාන්දර නැගිටලා ඔත්පල වූ පියා පිරිසිදු කරලා, බඩට මොනවා හරි සරි කරලා පිටත් වෙන්නේ කාගේ හෝ නිවසක බැල මෙහෙවරක් හොයන. අදත් වෙනද වගේම අම්ම පිට වෙලා ගියා. අද පාසල් යන දවසක් වුණත් ප්රණීතට පාසල් යන්න හිතක් නෑ වගේ. පාසල් යන්න කියල ඇයට බල කරන්න කෙනෙකුත් නැහැ. ඇය කුස්සිය පැත්තට හැරුනේ දරා ගන්න බැරි කුස ගින්න නිවා ගන්න යමක් සොයා ගන්න අටියෙන්. මොන තරම් අඟ හිඟ කම් තිබුණත් ප්රණීත ගේ මව මේ අසරණයන්ගේ කුසට දාගන්න මොනවා හරි හදල යන එක පුරුද්දක්. පිගාණක වහල තිබුණ බතල අල ටික අර ගත්ත ප්රණීත ගේ පිලට නැග්ගේ බඩගිනි නිසා කන්න මිසක් මොන රහකටවත් නෙමේ. එකක් තමන්ගේ කටට ඔබා ගන්න ගමන් තවක් කෑල්ලක් අරන් ලයිකට දැම්මේ උගේ බඩ ගින්නත් හදුනන නිසා වෙන්න ඕනි.
කටට දෙකට බතල ටික ගිල දැම්ම ප්රණීත පොල් කට්ටට කළෙන් වතුර ටිකක් නමා ගෙන එක හුස්මට බීල දැම්මේ කාපු බතල ටිකට බඩ පිරුණේ නැති නිසා වෙන්න ඕනේ.
පාළුව තනිකම ප්රණීතගේ මුළු ඇගම වෙලා ගෙන. ඈත ආකාසේ පියාඹන කුරුල්ලෝ දිහාට නෙත් යොමා ගත් ප්රණීත සිතිවිලි අතර අතර මං වුණා. ඇයගේ මතකයට ආවේ ඇගේ පාසලේ මිතුරියන්, එයාලා මොනතරම් වාසනාවන්තද? පාසලේ ඉස් පාසුවක් ලැබුණ වෙලේට එයාල කරන කතා ඇගේ මතකයට ආව. මාලිකා ගේ තාත්ත ලොකු සල්ලි කාරයෙක්. විනිතගේ අම්ම බැංකුවක ලොක්කියක් එතකොට ජානකී ගේ තාත්ත ඉන්නේ රට. එයාල කියන කතා, ගිය ගමන් බිමන්, කන බොන දෑ ගැන විස්තර අහගෙන ඉන්න ප්රණීතගේ කට ඇරෙන්නේ ඉබේටම වගේ. එයාල ප්රණීතව ඒ තරම් ළගින් ඇසුරු කරන්නේ නැත්තේ එයා දුප්පත් නිසා වෙන්න ඇති කියල ප්රණිතට හිතුන වාර අනන්තයි. ප්රණිතටත් එයාල ඇසුරු කරන්න තරම් ලොකු ශක්තියකුත් නැහැ වගේ.
දෙනෙත් පියා ගත්ත ප්රණීත හිතුවේ ඇයි එයා මේ වගේ දුප්පත් තැනක ඉපදුණේ කියල. අඩුම තරමේ ප්රණීතගේ අයියා හිටිය නම් ඇයට මේ තරම් තනිකමක් පාළුවක් දැනේනේ නැතිව ඇති. ගැබුරට ගත්ත හුස්ම සෙමින් පිට කරමින් ප්රණීත නැගී හිටියේ අයියගේ මිනිය වල දාපු තැන බලන්න යන අදහසින්.
ලයිකවත් පෙරටු කරගත් ප්රණීත හෙමි හිට පා තැබුවේ එයාට දැනෙන පාළුව තනිකම අයියගේ සොහොන ලග තැන්පත් කරන්න වගේ. වල් වැදුන පස් කන්ද ලග නැවතුණ ප්රණීත බිම ඇන ගහ ගත්තේ හිතේ නැගෙන දුක වේදනාව නෙතේ කදුළු වලින් හෝදලා අරින්න වගේ. ප්රණීතගේ කම්මුල් දිගේ ගලා ගෙන යන මහා කදුළු කදම්ම්බයට හිතේ හැටියට ගලා යන්න ඉඩ දීල ප්රණීත ඔහේ බලාන හිටියේ හිතට කුමක් හෝ සහනයක් ලැබෙන නිසා වෙන්න ඇති. කුඩා ප්රණීත එයාගේ අයියගේ පස් කන්ද මත තිබුණ වල් පැල එකින් එක ගලවල දැම්මේ අයියේ මට තනියි ඔයා ඉන්න තැනට මාවත් අරන් යන්න කියල මුළු හදවතින්ම ප්රර්ථනා කරමින්.
Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.