සීගිරි ප්‍රේමය ..

in Steem Sri Lanka3 years ago

sigiriya_0206.jpg

Sri-Lanka-WEB-281.jpg

සීගිරිය කියන කොටම අපේ හිතට එන්නේ හරිම අභිමානයක් .ශ්‍රී ලාංකිකයින් විදියට ශත වර්ෂ ගණනාවක් තිස්සේ සීගිරිය ගැන හරි ආඩම්බරයෙන් කතා කරපු ජාතියක් අපි .තවත් බොහෝ කාලයක් ඒ විදියටම කතා කරන්න පුළුවන් විශ්වකර්ම නිර්මාණයක් වුන සීගිරිය කාශ්‍යප රජතුමාගේ අතින් නිර්මාණය වුන විශ්මයජනක භූමියක් විදියට දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වී අවසන් .වසර 5000 කට කලින් නිර්මාණය වුන මේ භූමිය වෙනුවෙන් භාවිතා කල තාක්ෂනය අදටත් දෙස් විදෙස් ඉංජිනේරුවරුන්ගේ නළල රැලි ගන්වන්නට සමත් බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ .එක් තැනකදී කාශ්‍යප රජතුමා විසින් මේ විශිෂ්ට නිර්මාණය බිහි කලා කියල කියද්දී තවත් තැනක කියවෙන්නේ ධාතුසේන රජතුමා විසින් වැඩ ආරම්භ කල මේ මාලිගාව කාශ්‍යප රජතුමා විසින් වැඩ අවසන් කල බවයි .ඒ සියල්ල කෙසේ වුවත් අද අපිට ජාතියක් වශයෙන් ආඩම්බර වියහැකි නිර්මාණයක් ලැබී තිබෙනවා .මුළු පුරවරයම දර්ශනය වන විදියට සියලු පහසුකම් වලින් සමන්විතව ගොඩ නගන ලද මේ රාජධානියේ සැලැස්ම සැබැවින්ම විශ්මයජනක එකක් .මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව ධාතුසේන රජතුමා පර්සියානු නෙස්ටෝරියානු පුජකවරයෙක් වූ මාග බ්‍රාහ්මණ ගෙන් උපදෙස් ගත්තාලු මේ අපූරු රාජධානියේ ඉදි කිරීම් වෙනුවෙන්.ඔහුගේ :The Story Of Sigirya : ග්‍රන්ථයට අනුව නැව් 75 කට අධික ප්‍රමාණයකින් මැන්ගලෝරයේ සිට Murundi සොල්දාදුවන් ගෙනැවිත් හලාවත ප්‍රදේශයේ නතර කර තැබුවා කියලත් කියනවා ධාතුසේන රජතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් .

අදටත් මගේ ජීවිතයේ සංචාරයකදී මම වැඩියෙන්ම යන්න කැමති තැන කොහෙද කියලා කවුරු හරි ඇහුවොත් මට එක එල්ලේම දෙන්න තියෙන පිළිතුර "සීගිරිය" ඒක ඒ තරමටම මනස්කාන්තයි මටනම් .

shutterstock-358175291_destinationMain_1533635373763.jpeg
සීගිරියේ අගය වැඩි කරන අපුරු තැන් දෙකක් තියෙනවා .ඒ කැටපත් පවුර සහ සීගිරි බිතු සිතුවම් .මේ විශ්වකර්ම නිර්මාණ දිහා ඇති තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් .මම මේ ලියවිල්ල ලියන්න හිතුවේ ඇත්තටම සීගිරිය ගැන කියන්නම නෙවෙයි.
මට කියන්න ඕනේ සීගිරි බිතු සිතුවම් ගැන කියන්න.සීගිරි බිතු සිතුවම් ගැන හිතද්දී මගේ හිතට ආපු අදහසක් ලියන්නයි මට ඕනේ වුනේ.මේ නිර්මාණ ගැන ඒවායේ සිතුවම් වෙලා ඉන්න කන්‍යාවන් ගැන විවිධ කථා තියෙනවා .ඒ කන්‍යාවන් එතනට ආපු විදිය.ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබුණු දේවල් ගැන,ඉතිහාසය විවිධ අර්ථ කථන දෙද්දී මට නිකමට හිතුනා මේ ලලනාවියකගේ පෙම්වතා වුන කෙනෙකුට මොනවද හිතෙන්න ඇත්තේ කියලා.ඔහුට හිතුන දේ මට හිතුන විදිය ගැන මගේ කියවීම තමයි මේ .බලන්න ඔබටත් හිතෙන්නේ මෙහෙමද කියලා .

wall-art-sigiriya-ancient-rock-260nw-510048283.jpg
වසර සිය ගණනකට ඉස්සර
නුඹේ අත අල්ලන් ගිය ....
මාවතේ මං අදත් යනවා
හීන ගැන ගැන සුන්දර ....

දැවටි දැවටී මගේ උර මත
හිනැහි හිනැහී පෙම්බර ....
දුන්න සෙනෙහස මතක් වෙද්දී
පපුවේ ඇවිලෙයි ගින්දර ....

එදා අපි ආදරෙන් බැඳිලා
ගෙවූ කාලය මතකද ....
කාශ්‍යප රජු වුනත් දැනගෙන
දන්නෙ නෑ වගෙ හිටියද ....

ගොවිපලේ මහ හිමේ තනිවම
උන්නෙ මං පැලකට වෙලා ....
බැහැයි කිව්වේ නැත්තෙ ඇයි නුඹ
යන්න රජ මාළිගේ බලා ....

කාසි කහවණු ගොඩක් මං ළඟ
නැති බවත් නුඹ දන්නවා ....
ඒත් රන්මසු වලට වැඩියෙන්
හිතේ ආදරෙ තියෙනවා ....

පුරුද්දට වගෙ ඇවිද යද්දී
වටේ රූ සිරි බල බලා ....
දැකල හුරු රූපයක් දැක්කා
බිත්තියක් මැද ගල්වෙලා ....

යන්න හැදු පය ආයෙ නවතා
බලනකොට හිත රත්වෙලා ....
මං පරෙස්සම් කරපු ඔක්කොම
අනේ ලොවටම පෙන්නලා ....

මාත් මෙච්චර කලක් නොදුටුව
ළමැද රණ හංසයෝ දිහා ....
ඇහැක් වහගෙන ඇසින් බල බල
කවුද මංදා හිනැහුණා ....

මගේ කිය කිය මහා ගැම්මෙන්
රැක්ක උඹ මට නැති නිසා ....
මමත් හිත තද කරන් හවසට
ගලෙන් පහලට පනිනවා ....

sigiriya-6-sri-lanka.jpg

සීගිරිය.. අදත් විශ්වකර්ම සුන්දරත්වයක් ,ලොව මවිත කල තාක්ෂණයක් එක්ක විරාජමානව ඔබ දිහා බලාගෙන ඉන්නවා ....
Sigiriya-Rock-Fortress-1.jpg

Sort:  

ටිකක් කාශ්ටක වුණත් මාත් හරිම ආසයි ඒ පරිසරයට... හතර පස් සැරයක්ම ගිහින් තිබුනත් එපා වෙන්නෙ නෑ.. ඒ කවිය වගේම ෆොටෝස් ටිකත් හරි ලස්සනයි..

පුරුද්දට වගෙ ඇවිද යද්දී
වටේ රූ සිරි බල බලා ....
දැකල හුරු රූපයක් දැක්කා
බිත්තියක් මැද ගල්වෙලා ....

හැම කවියකටම වස්තු බීජය වෙන සිදුවීමක් තියනව. සැබෑ ලෝකයෙ හරි, මනෝ ලෝකයෙ හරි, සැබෑ ලෝකයත් මනෝලෝකයත් දෙකේම එකතුවක් හරි. නියම වස්තු බීජයක් හොයාගැනීමත් කවියෙක්ගෙ එක දක්ශතාවයක්. මට අමාරුම දෙයක් ඒක. ඇත්තටම නිර්මානශීලී වස්තු විශයක් එක්ක ලියපු නිර්මානශීලී කවි පෙලක්

ස්තුතියි.

සීගිරිය කියන්නෙ අපූරුම නිර්මාණයක්. මේ කවි පෙළ ප්‍රේමයේ විරහව වේදනාව සරල බසකින් පෙන්නලා දීල තියෙනවා.

නිර්මාණ සරල වෙන තරමට ඒවා හිත් වලට ළඟාවෙන වේගය වැඩියි නේද ..

තවම මම කවදාවත් සීගිරිය බලන්න ගිහින් නෑ. රටේ තත්වෙ හොඳ අතට ආවම යන් ඕනෙ.

සීගිරි ලලනාවියෝ ගැන ගොඩාක් ලස්සන කවි ලියවිලා තියෙනව. මේකත් හරි ලස්සනයි

අනිවාර්යෙන්ම එක දවසක් හරි යන්න .බිතු සිතුවම් බලද්දී මේ ටික මතක් වෙයි .

අතීත නිර්මාණ වලට යොදා ගෙන තියන තාක්ෂණය ඇත්තෙන්ම ඉතා පුදුමසහගතයි.

හරිම ලස්සන ඒ වගේම සරල කවි පෙළක්.

Thank you.

මං පරෙස්සම් කරපු ඔක්කොම
අනේ ලොවටම පෙන්නලා ....

මාත් මෙච්චර කලක් නොදුටුව
ළමැද රණ හංසයෝ දිහා ....
ඇහැක් වහගෙන ඇසින් බල බල
කවුද මංදා හිනැහුණා ....

මගේ කිය කිය මහා ගැම්මෙන්
රැක්ක උඹ මට නැති නිසා ....
මමත් හිත තද කරන් හවසට
ගලෙන් පහලට පනිනවා ....

මට කලාවනම් පිහිටල න පොඩ්ඩක්වත්.. නමුත් අලුත් සින්දු වලට වඩා පරන සින්දු කවි වලට අසායි..මොකද මේ කවි පෙලෙ වගෙ අමුතු අර්ථයන් කවිය අතුලෙ ගැබ් වෙල තියන නිසා.ලස්සනට කවි ටික ලියල තියනවා....සින්දුවකුත් ලියමු ඉස්සරහට...

ස්තුතියි .ඇගයීමට .සින්දු නම් ලියලා තියෙනවා ගොඩක් .

මන් තාම ගිහින් නෑ සීගිරිය බලන්න😥😥😥
ලංකාවෙ අතීතය බොහොම සුන්දර එකක් ඒත් වර්තමනය ගැන බලනකොට ,කාලයට කොහෙ හරි වැරදිලා තියෙනව😞

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65969.85
ETH 3429.28
USDT 1.00
SBD 2.68