Rain Contest | හොඳ නරක සහ සමස්ථය | 5% for SL Charity

in Steem Sri Lanka3 years ago

වැස්ස.. කොච්චර දේවල් වලට නම් හේතු වෙලා තිනෝ ද? විද්‍යාත්මකව ගත්තොත්.. සත්තුන්ට, ගස් වලට නොමැරී ඉන්න වතුර එන්නේ වැස්සෙන්.. භූගත ජලය ඉවර නොවී තින්න වහින්න එපැයි.. තව වහින දවස් වල කොච්චර සුන්දර, අසුන්දර අත්දැකීම් අපිට ලැබිල තිනෝ ද?? සමහර වෙලාවට තමාගේ සහකාරිය / සහකරුවා හම්බෙලා ඇත්තේ වැස්ස දවසක උන සීන් එකක් නිසා වෙන්න පුළුවන්.. වැස්ස දිහා බලන් ඉඳලා ගීත රචකයෝ කොච්චර ලස්සන සින්දු ලියලා ඇතිද?? මේ ඔක්කොම එක්ක බලනකොට වැස්ස කියන්නේ අපූරු සංසිද්දියක්..

 37.jpg

 11.jpg

හොඳ විතර නෙවෙයි නේ.. ඇයි නරක..වැස්ස එක්ක ඉතින් වැස්ස විතරක්‌ නෙවෙයි නේ.. නායයාම් වෙනෝ.. මේ පාර මේ වැස්ස එක්ක ජිවිත කීයක් පස් වලට යට උනාද?? අපේ කෑගල්ලේ යාලුවෙක්ගෙ යාලුවෙකුත් ඒම නැතිවෙලා තිබ්බ..
ගංගා වල වතුර පාර දරාගන්න බැරුව ගෙවල් කීයක් යට උනාද මේ පාර.. දැන් මේ කොරෝනයි, ඉහල යන බඩු වල වියදමයි එක්ක ඒ මිනිස්සු කෝම කරගත්ත ද මන්ද.. මේ නෝරා වැස්සේ අර ගං වලට පැනලා නාපු උනුත් හිටියනේ.. නිවුස් වල ඒමත් ගියේ..

 08.jpg
මේ පොඩිම පොඩි වලක් විතරයි 😂


හුම්ම්.. අපේ පැත්තේ වැස්ස ගැන කිවොත්.. අපේ හරියේ නම් ඔය මුකුත් අව්ල් උනේ නෑ.. ගංගා, කඳු මෙහෙ නෑ නේ...ඒත් ඉතින් ඒ දෙකට හරියන්න ආතල් දෙන්න තිනවා අපේ පාර.. අම්මෝ ඉතින්.. වලවල් හැමතැනම.. වටේ අයගෙ වියදමෙන් පොඩ්ඩ පොඩ්ඩ හැදුවත්, දෙපාරක් කැන්ටර් මොනාහරි පුරවන් ගියාම ආයේ වලවල් තමයි..

 16.jpg

 23.jpg

මිනිස්සු විතරක්‌ නෙවෙයි.. ගස් වැල් වලටත් එකදිගට වැහැපු වැස්ස එපා වෙලා වගේ තිබ්බේ.. මලක පෙති තියෙන්න බැ.. වැටෙනවා.. පෙති ඒම වැටෙන්නේ නැති මල් නිකන් වතුරින් පෙඟීලා වගේ.. තව දවස් කීපයයි නේ කියලා කොමහරි ගස් කට්ට කාගෙන හිටිය හැබැයි..

 18.jpg

 19.jpg

අපේ කාවිංගටත් වැස්ස නිසා හ‍රි පාඩුයි. රවුම ගහන්න අව්ල්.. නිතරම නිදාගන්නත් බැ නේ. මට‍ නම් අෆ්ෆා උදේට තීන සිතල එක්ක උදෙන්ම නැගිටින එකත් අව්ල්.. නැගිට්ටත් ටිකකින් ආයේ නැගිටිනෝ කියලා ඇල උනාම ඉතින් 5 30, 6 වෙලා තමයි ඇහැරෙන්නේ.. එතකොට ඉතින් වැඩක් නෑ 😐

0000.jpgඅද සිට ඉදිරි දවස් වලට Rain Forecast..

වහිනකොට එහෙ මෙහෙ යනකොට එපා වෙනෝ ඉතින්.. බයික් එකේ යනකොට මගදී වහිනකොට.. සැපයි නේ.. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ ඇවිල්ල දවසක් දෙකක් යනකොට උගුර පොඩ්ඩක් රිදෙන්න ආවම... පොඩ්ඩක් නිකන් කාමරෙන් එලියට යන්නත් අව්ල් වගේ හිතෙනෝ නේ..


වැස්ස වහිනකොට ඉතින් අපේ වත්තේ කුරුඳු කපන්න ත් අව්ල්.. ඒ නිසා කපන අය පොඩ්ඩක් නිවාඩු ගන්න බලනො.. තව ක්ලාස් කරන්න ඇහුවත් කරන්න යන්න බැ ඉතින් වහිනකොට.. හැබැයි මම ක්ලාස් කරන එක ටික කාලෙකට නතර කරලා ඉන්නේ.. ඒ නිසා අව්ලක් නෑ..

 07.jpg
මේ මම හදපු ඉටිපන්දමක්‌


අපිට තින්නේ ඉතින් ඔන්ලයින් ලෙක්චර්ස් නේ.. ඒ නිසා වැස්සට වඩා වැස්ස එක්ක එන පැකේජ් එක තමයි බලපාන්නේ.. ගොනවනකොට ලෙක්චර්ස් යන්න අව්ල්.. අකුණක් ඒම කනාවට හ‍රි පාත් උනොත්.. කියන්න බැ නේ.. තව වැස්ස එක්ක එන හුලන් පාරට ලයිට් වයර් වලට මොනාහරි පහත් උනොත් කරන්ට් නෑ.. ලැපේ චාජ් තින්නේ පැය 3 වගේ.. පෝන් ඒකෙන් ලෙක්චර්ස් ගියාට හරියට කරන්න හිතෙන්නේ නෑ.. අකුණු, හුලන් නැතුව වැස්සට නම් කමක් නෑ.. ඒත් ඒම වෙන්නේ නෑ නේ..

 01.jpg
මේ දවස් වල දවල්ට..


දැන් නම් දවස් කීපයක්‌ වහින්නේ නැතුව තිබ්බ.. ඒත් ඉතින් මේම අව්ව තිබිල වැහැපු ඒවා ඔක්කොම ආයේ උඩට අරන් ආයේ වහිනකොට.. ආයේ සැපයි.. ඒ නිසා මම නම් කැමති.. පොඩ්ඩක් වැස්ස.. පොඩ්ඩක් ඉර.. එතකොට අපේ වැඩ කරගන්නත් අව්ලක් නෑ.. වැස්සේ ආතල් එකත් ගානට හම්බෙනවනේ..

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

This is my #club5050 participation...

5050.jpg

Sort:  

දවල් දවසේ පාඩුවේ වැඩ ටික කරගන්න දීලා රෑට නිදාගත්තට පස්සේ වැහි දෙයියෝ ඕනි ආතල් එකක් ගත්තට කමක් නෑ...😅

දෙපාරක් කැන්ටර් මොනාහරි පුරවන් ගියාම ආයේ වලවල් තමයි..

සැපට යන්න පුලුවන් ඇති එහෙනම්😅

කාවිංගටත් වැස්ස නිසා හ‍රි පාඩුයි. රවුම ගහන්න අව්ල්..

කාවිංගව දැක්කෙ ගොඩ කාලෙකින්. එයා වැස්ස දිහා බලගෙනද ඒ ඉන්නෙ.

Ade....Kawinga kiyanne pusada???

නැතුව 😂😂
ඔයා හිතුවේ කවුරු කියලා ද 🤭😂🙉

සැපට යන්න පුලුවන් ඇති එහෙනම්😅

ශපය් තමයි.. වාහන වලට නියම exercise එක..

කාවිංගව දැක්කෙ ගොඩ කාලෙකින්. එයා වැස්ස දිහා බලගෙනද ඒ ඉන්නෙ.

ඕඕ
මගේ කාමරේ ජනේලේ ගාවට වෙලා ඉන්නේ ඔය 😂🤭

Me dawas wala wessa nm epa wela.adat patan gattane.akunui gorawanne netiwa reta wessat kamak na.

අද ගොරවන්නේ වහින්නේ නැතුව කරන්ට් නැතුව තිබ්බ..
එපා උනා 😂

It's raining...It's raining....It's raaaaaaaaininnnnnnng...

Now it's a bit controlled here..

තමාගේ සහකාරිය / සහකරුවා හම්බෙලා ඇත්තේ වැස්ස දවසක උන සීන් එකක් නිසා වෙන්න පුළුවන්.

ෆිල්ම්ස් වල නම් ගොඩක් දැකලා තියනව එහෙම සීන්😅😅
මේ දවස් වල උදේටයි දවල්ටයි හොදටම අව්ව, හවස් වෙද්දි වැස්ස එනව, ඒත් අද නම් බය කරා විතරයි. අන්තිමට වැස්සෙත් නෑ

ෆිල්ම්ස් වල නම් ගොඩක් දැකලා තියනව එහෙම සීන්😅😅

ඕඕ.. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් වෙනසක් නෑ ඒකට නම්

ඒත් අද නම් බය කරා විතරයි. අන්තිමට වැස්සෙත් නෑ

අඩේ මෙහෙ නම් වැස්ස.. දැන් නම් අඩුයි වැස්ස..

වෙස්ට්නාහිරට(මීගමුව පැත්තට) වැස්ස නෑ මෙ මොහොතේ

දැන්නම් වැස්ස එපාවෙලා තියෙන්නෙ😂😂

දැන් නම් මෙහෙට එච්චර වහින්නේ නෑ 😂වෙලාවට..

පූසව කාවිංග කියල නම් කරන්න මොකාක්ම හරි සැගවුනු කතාවක් තියෙන්න ඕනී?

Paw kavinga😏

දැන් නම් යනෝ ඔන්න .
රෑට යන්න බැ හැබැයි
පොඩ්ඩක් වහිනෝ නේ..

lassana photo tikak ekka lassana adahas tikak. puso nam asai guli wela nidaganna wessata

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.029
BTC 64440.63
ETH 2653.79
USDT 1.00
SBD 2.80