මාස්ක් එක | 5% for SL Charity
ඔයා නිවුස් බැලුව නම් මතක ඇති, මීට මාස කීපයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හදපු අලුත් විදිහේ මාස්ක් එකක් ගැන නිවුස් එකක් ගියා. එතකොට මම නම් හිතුවේ ඕක මාකට් එකට එන්නේ නැති වෙයි කියලා.
එත්, ඒක කොහොමහරි මාකට් එකට ඇවිල්ල. ඔය කස්ටිය මේක දැකල තින්නත් පුළුවන්. එත් ඊයේ තමයි මම මේක මුලින්ම දැක්කේ. තාත්තා ඔක්කොම අයට ගෙන්නලා තිබ්බ. එකක් රු. 200යි. නෝමල් මාස්ක් එකක් රු. 15 වගේ වෙන්නේ.. ඒනම් ඇයි ඔයා මෙයින් එකක් ගන්න ඕන??
ඒකට හේතු ඔයා මේ පැක් එක ගත්ත ගමන් පේනවා. මේක හොඳ පැකින් එකක් එක්ක එන්නේ. මේකේ කියන විදිහට මේ මාස්ක් එක ලේයර් 3කිං හැදිලා තින්නේ. ඒකෙන් දෙවැනි ලේයර් එකේ තමයි ඒ අය නැනෝ තාක්ෂණය යොදාගෙන තින්නේ. ඒකට වයිරස, බැක්ටීරියා 99.99%ක් වැළැක්වීමේ හැකියාව තිනවාලු. පේරාදෙණිය කැම්පස් එකෙන් කියන්නේ. බොරු වෙන්නත් බෑ නේ.
මේක අතට ගත්තම දැනෙනවා මාර සොෆ්ට් ගතියක්. ඒ මේකේ පිටත ලේයර් දෙක කොට්න් වලින් හදලා තීන නිසා. ඒ විතරක් නෙවෙයි.. මේකේ පිටත ලේයර් එක වතුරින් තෙත් වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. හරියට නෙලුම් කොලේ වගේ. Surgical mask එකත් ඒ වගේ තමයි.. බොහෝදුරට..
කොට්න් නිසා හුස්මගන්න අපහසුවක් නෑ. අනිත් එක තමයි සම්පුර්ණයෙන් දිරාපත්වෙන ද්‍රව්‍ය වලින් තමයි හදලා තින්නේ. අපි ඕන තරම් දැකල තිනෝ surgical mask පාරේ දාලා ගිහිල්ල. දිරුවත් නැතත් ඒම දාන්න එපා.
Surgical mask එකක් නම් දාන්න කියලා තින්නේ එක පාරයි නේ. එත් මේක 25 පාරක් හෝදහෝද දාන්න පුළුවන්. ඒක තමයි මම කැමති ම feature එක. ඒම ගත්තොත් මේක surgical mask 25කට සමානයි. ඒම ගත්තොත් රු. 300 වත් වෙලා නේ. ඒම බැලුවොත් මේක ලාබයි. අනික මේකේ ලාභයෙන් කොටසක් රජයෙ කැම්පස් එකකටත් යනවා නේ.
ඉතින්, ඔයාලත් අරන් බලන්න. මට නම් වෙනසක් දැනුනා. ඔයාලත් වෙනස වටහාගන්න..
අපි දැන් සති දෙකකට විතර කලින් ගෙනාවා. ඒක ඇත්තටම අපහසුවක් දැනෙන්නෙ නෑ.
ඒක තමයි
මාත් දාලා බැලුව
හොදයි ඒක..
අපේ කැම්පස් එකෙන් හදල තියෙන්නෙ..😍 ඒක නම් හොඳයි වගේ නේද..අපේ අයියත් ගෙනාව . හෝද හෝද දාන්න පුලුවන් එක මාස්ක් එකක් තියෙන එක හොඳයි. නැත්තන් හැමතැනම මාස්ක්..
ඔඕ අෆ්ෆා.. 25 පාරක් පුළුවන් හෝදන්න..
හොදයි නේ ඒක
Sudu paata nethuwa kalu paata gaththanm pawichchi karanna lesi...
ඒක ඇත්ත.කළු තිබිල නෑ නොවැ
මං ගාවත් තියෙන්නේ ඔය මාස්ක් එකක්...ඇත්තටම ඒක හොදයි 🌝 හැබැයි ඔය වගේ බොක්ස් එකක් හම්බුනේ නෑ ගන්නකොට 🤔
ම්ම්ම්...
ඒනම් ලගදී වෙන්නැති මේම එන්න පටන් ගන්න ඇත්තේ
මේ මාස්ක් එක ගොඩක් හොඳයි වගේ. ඒක adjust කරන්නත් පුළුවන් එකක්ද? 😯
ඔඕ.. ඒක ෆට්ට
Adjust කරන්න පුළුවන් කෑල්ලකුත් තිනෝ
මේකේ කළු පාට එක අපේ මල්ලි ගාව තියෙනවා
කළු තිබිල නෑ නේ ගන්න 😐
මේකනම් හොඳ වැඩක්. quality එක හැමදාම මේ විදියට තිබුනොත් මරු වැඩක්.👊
Math gandoone ekak hoyala...
ගානට වටිනවා.
ආරක්ෂාව සහතිකයි..
ඇත්තටම අපේ දේවල් අපි අගය කරන්න ඕනේ . විශේෂයම campus වලින් කරන නව නිර්මාණ market එකට ගෙනාවනම් import කරන ගොඩක් දේවල් අඩු වෙන්න තිබ්බා
ඇත්තටම මේක ගොඩක් වටින නිර්මාණයක්. නැනෝ තාක්ෂණය පැත්තෙන් අපේ campus වල ගොඩාක් නව නිපැයුම් වෙනවා. ඒක සතුටට කාරණාවක්. මොකද ඉස්සරහට nano technology එක ලෝකයේ ලොකු වෙනසක් කරනවා. අපි ඒකට සූදානම් වෙලා ඉන්න එක වැදගත්.
ඒත් රජයෙන් ඒවාට අඩු අවධානයක් තමයි දෙන්නේ.මේ නිර්මාණය ට වත් මෙහෙම පිළිගැනීමක් ලැබුණු එක නම් ලොකු දෙයක්❤️
අනිවා.. මේ වගේ දෙයක් හැදුන එකම ලොකු දෙයක් මේ කාලේ...
ow lankawe mewage product hadanna puluwan..eth samahara hadana nawa nipayum walata rajayen kisima sahayogayak thanak denne na.
අන්නේකයි.. මේම ඒවා හදන් නැතුව ගොඩ එන්න බෑ
ඔව් අයියෙ ඒකනම් ඇත්ත රජයෙන් කිසිම වැඩ පිලිවෙලක් නෑ අලුත් නිර්මාන වලට වටිනාකමක් අරන් දෙන්න 😒😪