නූල් සූත්තර | 5% to SL Charity
අපේ අලුත් ව්‍යාපාරය නිසා වෙච්ච දෙයක් තමයි ගේ හැමතැනම නූලුයි, රෙදියි වැඩිවෙච්ච එක. ඉතින් මේවා එහෙ මෙහෙ දැම්මම හදිසියට ගැළපෙන පාට නූල් හොයාගන්න එක හරිම කරදරයි. අවශ්‍ය නූල අවශ්‍ය වෙලාවට හොයාගන්න බැරි වුණාම වෙලාව වැය වෙනවා. ඉතින් දවස් ගාණක් තිස්සේ හිතේ තියන් හිටියේ මේ ටික පිළිවෙලක් කරන්න.
කොහොම හරි පහුවෙලා පහුවෙලා ඊයේ වැඩේ පටන් ගත්තා. මං මේකට ගෙදර තියෙන ඉවත දාන දේවල් තමයි ගත්තේ. වැඩි දෙයක් ඕන වුණේ නෑ. පරණ කේක් බෝඩ් එක්කුයි, මගේ ඉවර වුණ පෑන් බෑග් එකෙන් පෑන් ටිකකුයි ගත්තා.
මං තෝරගත්තේ සිහින් පෑන් ටිකක්. එකම පෙනුම තියෙන පෑන් ටිකක්. Glue gun එක තියෙන එක මේ වැඩේට ලේසි වුණා. මුලින් මං ඇතුළේ රවුමක් ළකුණු කරගෙන නූල් කෝන් එකක් තියල බැලුවා කොච්චර ඉඩක් යනවද කියල.
ඒ විදියට කෝන් හතරකට ඉඩ තිබුණා එතන. ඊට පස්සේ glue gun එක පාවිච්චි කරලා, ඉඩ බැලන්ස් වෙන විදියට පෑන් සවිකරා. ඊට පස්සේ වටේ රවුමේ වැඩ පටන් ගත්තා. ඒකට නම් පෑන් ගොඩක් ඕන වුණා. සම්පූර්ණ වැඩේට හිස් පෑන් විස්සක් විතර ගියා. හොඳ වෙලාවට මං ළඟ පෑන් 1000ක් විතර තියෙනවා.
නූල් කෝන් එකට ඉඩ ඇති වෙන විදියට පෑන් ටික අලවලා, ඊට පස්සේ පොඩි නූල් රීල් දාන්නත් ළගින් ළගින් වගේ තව පෑන් ටිකක් ඇළෙව්වා. දැන් වැඩේ හරි. වේලෙන්න ලොකු වෙලාවක් යන්නෙත් නෑ. ගම් එක ඉක්මනට වේලුණා. හොඳටම වේළුනාම තමයි ඊළඟ පියවරට යන්න වෙන්නේ.
ඊට පස්සේ ගැළපෙන විදියට නූල් ටිකත් දාලාම වැඩේ ඉවර කරා. දැන් නූල් එහෙ මෙහෙ දාන්න ඕන නෑ. හොයා ගන්නත් ලේසියි. ගන්නත් ලේසියි. පිළිවෙලට තියෙනවා. තියෙන පාටත් පේනවා. 🤭අන්න එහෙමයි ඉවත දාන දේවල්වලින් ප්‍රයෝජන ගන්නේ.
නිකන් තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න එකනම් වටිනව..මගේ ලගත් අති එකතු කරපු පෑන්.මොකක් හරි කරන්න ඕන..🤭🤭
පෑන දෙක එකතු වෙලා දැන් පෑන් බෑග් එකක්ම තියෙනවා. දැන් කොහොමත් විසිකරන්න හිතෙන්නෙ නෑ ප්ලාස්ටික් ගොඩක්නෙ
ඔව් දැන් ඒවා විසි කරන එක පරිසරයට හොද නෑ..තව අලුත් නිර්මාණයක් කලා නම් හරි..😊
හොද ක්‍රමයක්. මේ පෑන් ටික මම අදුරනවා 🙊 අපිට තෑගි හම්බුන ඒවා නේ. ඉවර කරගන්න බැරුව හැමදාම අපි අඩන්නෙ 😅.
ඒ ජාතියෙ වෙන පෑන් ටිකක්. අර ටිකේ දාපු J අකුරු නිසා ඒ ටික අඳුරගන්න පුළුවන් වුණා. මං ඒ ටික ගත්තේ නෑ.
J අකුරත් දාගෙන. කමක් නෑ J ඔයා තියාගන්න. C මගේ😁.
ඔයා හරිම නිර්මානාත්මක ලමයෙක් නෙහ් බලන් ගියහම....😍
ඔව් මං මගේ හැකියාවන් හංඟන් ඉන්නේ. 😁
mata mathakai oya me pen walin thwa mal pochchith haduwa. thwath thiyanwa wage. Smart diy
පෑන් ගොඩක් තියෙයි. මට විසි කරන්නත් හිතෙන් නෑ. ඒ නිසා මොන මොනාහරි හදනවා
Eka weraddak penawa...Pene thuda ain kala nam hari...safety issue ekak thiyenawa...
Matath oka hithuna hebei...
හා හා ...
පෑන් ඉවර වුණාට තින්ත ටික ටික ඉතුරු වෙනවනේ. ඒ නිසා තුඩ ගළවන්න ගියේ නෑ.
මං ළගත් පෑන් බෑග් එකක් තියෙනව.. මාත් මොනාහරි හදන්න බලන්න ඕනි...
ඒනම් මගෙ ළඟ වගේ. විසි කරන්න හිතෙන්නෙත් නෑ
ඒක නියමයි දැන් පිළිවෙලට තියනවා ඒ ටික😍😍 පෑන් තුඩ අයින් උනා නම් හොඳයි කියලත් හිතුනා හැබැයි 😬
ඉවර වුණ පෑන්වලත් තින්ත ටික ටික තියෙනවනේ. ඒ නිසා ගලවන්න ගියෙ නෑ
lesi wadak. Piliwelata thiya ganna puluwan dan. 😍
ඔව් ඒක ඇත්ත. එහෙ මෙහෙ දාල හරි කරදරයක් වෙලා තිබ්බේ
Nice DIY project 😍
It helped to clean out my table🥰🥰🥰
නූල් සූස්තර🙊Title එක නියමෙට ගැලපෙනවා. මාත්A/L කාලෙ නම් පෑන් එකතු කලා පිස්සුවෙන් වගේ. Campus ආවත් හරි එකතු කරන්න තියා අපේම කියලා පෑනක් ගන්නවත් බැරි උනා.😂
කැම්පස් ගියාට පස්සෙ නම් මගෙත් සමහර පෑන් නැති වුණා. ඒත් ඒ කලේත් දිගටම එකතු කරා මං නම්.
එහෙනම් එච්චරයි 😃