My Free Style Cooking | 5% to SL Charity 🤠🤠🤠
සුභ දවසක් ඔයාලට....😃😃😃
මේ කොරොනා නිසා ගොඩක් අයට ගෙවල් වලට වෙලා ඉන්න ලැබෙන කාලය වැඩි. සුපුරුදු කාලසටහනෙන් ඇත් වෙලා,ජීවිතයට වැදගත් අලුත් අලුත් දෙවල් කරන්න ගොඩක් අය පෙලඹිලා ඉන්නවා. අලුත් ආදායම් මාර්ග වගේම විනොදාන්ශ වශයෙනුත් තමන්ගෙ කාලය ඔවුන් ප්‍රයොජනට අරන් තියෙන එක ඉතාම අගය කළයුතු දෙයක්. අත්කම්, ඇදුම් මහන්න, උයන්න, වගා කටයුතු, පොත් පත් කියවන්න, ලියන්න මේ වගෙ ගොඩාක් දේවල් මෙ අතර දකින්න ලැබෙනවා.
මම දැක්කා අපේ ගොඩාක් අය මේ දවස් වල එක එක වර්ගයේ කැම ජාති හදනවා. ගෙදර කුස්සිය කාන්තාවන්ට උරුමකම් කීවත්, සූපවේදයෙන් ඉහළටම ගිහින් ඉන්නේ ඉතින් පිරිමි පාර්ශවය තමයි. ඒ අතින් ඉතින් කොල්ලෙක් විදියට අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් 😜😜😜.
මට නම් ඉතින් එහෙම නිදහස් කාලයක් ලැබෙන්නේ නැහැ. අපි ඉතින් අත්‍යාවශ්‍ය සේවා ගණයට වැටෙන නිසා සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වෙනවා. ඒකනිසා අපිට ඉතින් එලියේ කඩ වලින් තමයි වැඩිපුරම කෑම කන්න වෙන්නේ. උදේ, දහවල් සහ රාත්‍රී වේලවල් වලට ඉතින් බත්ම තමයි කන්න වෙන්නේ... ගිය සතියේ ඇඩ්මින් ලොක්කට පොඩි තගක් දැම්මා. හැමදාම බත් කන්න බැහැ කියලා. ඔන්න ඊට පස්සේ ඉරිදා රැට ෆ්‍රයිඩ් දෙන්නම් කිව්වා. එළියට ගිහින් කන එකත් නුවණට හුරු නැහැ මේ දවස් වල. මටත් හිතුනා පොඩි පොඩි ඩෙවල් ටිකක් හදාගෙන කන්න ඔනි කියලා.
ගේන්න කිව්වා හොට් ප්ලේට් එකකුයි, Non –Stick pan එකකුයි, තව අඩුම කුඩුම ටිකකුයි.
දැන් ඉතින් හවස් වෙලාවට මට අවශ්‍ය දේවල් මම හදාගන්නවා. ගොඩාක් එළවළු වර්ග හදන්න දන්නේ නැති උනාට, පොඩි පොඩි දේවල් ටිකක් කටේ රසට ගැළපෙන විදියට ගොඩදාගන්න පුළුවන්.
ගෙදරදි පොඩි පොඩි දේවල් කොල්ලට හදලා දුන්නට, පිට තැනකදි උයන්න ගත්තේ කාලෙකින්. ඉතින් ඔයාලටත් හදපු දේවල් වලින් ටිකක් පෙන්නන්න හිතුවා.
පළවෙනි දවස
මම ආසම ඉස්සො දැල්ලො වගෙ මුහුදු කැම ( Sea food) ජාති කන්න 😋😋😋.ඉතින් හා හා පුරා කියල ඉස්සො ටිකක් හදගත්තා. ඉස්සන්ව සුද්ද කරළා අවශ්‍ය ප්‍රමානයට කපාගෙන පදම් වෙන්න තිබ්බා. තෙම්පරාදු කරගන්න බටර් ටිකකුත් එකතු කරගත්තා.
දෙවෙනි දවස
ඩ්‍රයිවර් මහත්තයට කියල පොඩි චිකන් කෑල්ලක් ගෙන්න ගත්තා. මස් කපන්න සුදුසු පිහියක් තිබුනේ නැහැ. ඒක් නිසා හැඩය ගැන හිතන්න බැරිවුනා. කොහොම හරි පොඩි පිහියෙන සෑහෙන පරිශ්‍රමයක් දරලා පොඩි කැලි වලට කපා ගත්තා. චිකන් ටික හදන්න කලින් මැරිනේට් ( marinate ) කරගන්නත් අමතක කළේ නැහැ.. එතකම් ඉතින් අපිට තෙපරාදුවට අවශ්‍ය දේවල් ටික කපා කොටා ගන්න පුළුවන්. හොන්දට තම්බලා ගත්තට පස්සේ වැඩිය තෙල් එහෙම ඔනි වෙන්නේ නැහැ.
තුන්වැනි දවස
චීසි නුඩ්ල්ස්, ස්වීට් පෙනුමක් තිබ්බට මේකේ අමුතු සැරක් තිබ්බේ ,අමු මිරිස් සහ මාලු මිරිස් පොඩියට කපලා එකතු කරා
මේවා ඉතින් හවසටම තමයි ගැළපෙන්නේ.... නැද්ද මන් අහන්නේ ??
අද කට්ටිය ටිකක් වැඩි උනා. කෑම වර්ග දෙක තුනක් හදන්න හිතගෙන හිටියේ.ඉතින් කලින් වැඩ නිමකොට එන්න හිතුවත් වෙලාව ගතවුනා. 6.45 වෙද්දි යාන්තම් නවාතැන්පලට අවා. ඇවිත් 7.45 වෙද්දි මේ ඔක්කොම හදන්න පුළුවන් වුනා. Hot plate එකයි, Induction cooker එකයි දෙකම පාවිච්චියට අරන් තම්යි වැඩේ ගොඩදා ගත්තේ.
තරු පහේ අවන්හලක තරම් රස නැති උනත්, තනියම හදාගෙන කන නිසා හිතට ලොකු සතුටක් දැනුනා. ආපු යාළුවො ටිකත් කෑම ටිකට හොන්ද සාධාරණයක් ඉශ්ඨකලා. කුණු කූඩයට දාන්නවත් යමක් ඉතුරු නොවීම සතුට වැඩි වීමට තවත් ලොකු හේතුවක් උනා.😎😎😎
ඉතින් ඔයාලත් මේක කියවලා රසවින්දින්න ඇති...
කියවූ සැමට බොහොම ස්තූතියි...🤗🤗🤗
sha aiyata rasata kama hadanna puluwanne.. dakkama badaginith enawa..
ෂා... කියවල ඉවරවෙලා වතුරත් බිව්ව...
Ehenam thawath santhoshai....
eka maru kathawa.. hee hee..
😅😅😅
E tika nm 🤤 kala iwara una withrai..aye badaginnakuth awa
Eththatamada....Ehenam maru...
shha,oyata rasata penumata uyanna puluwanne.step eka hondai.chef job ekekuth karamu
Hawasata eka thami karanneh.....Nethnam jeewath wenna amarui affaa...
ශා නියමයිනේ . නියමෙට හදල
ගොඩ කාලෙකින් ඔහොම කෑමක් කැවෙත් නැ.. 😁
Sosani hadala dewi ehe yanna
රස කෑම ගොඩක් හදලා 😁😋. කඩෙන් කනවට වඩා මෙහෙම හදාගන්න එක හොඳයි.
Ekaneh ..aduma tharame pirisidu kama hari thiyenawaneh...
බලන් ගිහාම අයිය බබාට උයන්නත් පුලුවන්නේ. වැඩ්ඩෙක් තමයි ඉතින්.😁😁😁
Oka maha wedak nemei malli babo....
හොද වෙලාවට මන් කන දේවල් හදලා නෑ. නැත්තන් මට තව බඩගිනි වෙනවා මේ මල රෑ😁😁
Mewa mukuth oya kanne nedda...
අඩේ ඔය තින්නේ ලයින් එකට.. අපිට ඉතින් ඕම ට්‍රයි කරන්න බෑ. තෙල් කනෝ වැඩි කියලා කනක් ඇහිලා ඉන්න බැරි වෙයි 😂
Oya okkoma hadanna thel kaalak wath gye nehe malli... Eka nisa shape.....
රස පාටයි 😍😍 ඉන්නකෝ අපිත් හරියට පුරුදු වෙනකම් 😌
Hadamu hadamu mithura.... meketh podi fun ekak thiyenawa....
irisiyawa dora erala balanawa... matatath ahaki nam yai sithunaaaaaaaaa
Puluwan puluwan... dawas deka thunak withari yanneh
කුණු කූඩයට දාන්නවත් යමක් ඉතුරු නොවීම සතුට වැඩි වීමට තවත් ලොකු හේතුවක් උනා.😎😎😎
sirawata patta rasata hadala thibba..ඔබ අපට සැලකුවාට බොහොම ස්තුතියි.
නියමයි නේ. පෙනුමෙන් නම් හොදට තියෙනවා . රහත් එහෙම වෙන්න ඇති 😍
Nethnam.... Patta rahai kiyala kiyawa gaththa...kattiyata thug ekak daala...
rasa paataii. kanna hithenawa dakkama.
Omg... how amazing your cooking skills. Proud of you brother. My respect for the entire male side.
That is what I wanted to highlight. But later I decided to go smoothly...
Thank you brother for reading this.
ෂා නියමයිනෙ.කටට කෙල උනනවා.
Thank you very much.... oyalage commento sehena watinawaa mata...
මරු කෑම ටිකක් නේ එකදිගට හදලා තියෙන්නේ 😋
Owa ithin saralawama hadanna puluwan dewal.... Wenasakath ekka maru... Try karamuda?
ගෙදරින් එලියට බහින්න කාලේ හරි 😌🖐️
නියමයි අයියෙ😍😍😍😍....අපේ ගෙදරත් මායි මල්ලි තමයි උයන්නෙ ගොඩක් විට..අම්මලා වැඩ නිසා ගොඩක් විට...කොල්ලොන්ට හොදට උයන්න පුලුවන් අයියෙ🤩🤩🤩😍😍😍😍
Koheda ithin samahara kellonta pina nehe ewa kanna...
Chef saman aiya 👌👨🏻🍳
Meka patta malli...
මහ රෑට මේවා කියවනකොට දැනෙන බඩගින්න වචන වලට පෙරලන්න හරි අමාරුයි අනෙ😑
Udeta balanna... Udeta....Smiling....