ඔබට පුළුවන් ඔබේ මනස සුවපත් කරගන්න | You can heal your mind |10% to SL charity

in Steem Sri Lanka3 years ago

එකම එක සැරයක් හරි ඔයාගෙ හිත රිදිලා තියෙනවද ? ඔව් හිත රිදුන නැති කිසිම කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති . අපි ගොඩක් අයගෙ හිත පුංචි දේටත් හරියට රිදෙනවා. ඒකට හේතුව තමයි අපි මිනිස්සු විදිහට අපිට සංවේදී හදවතක් තියෙන එක .

හැබැයි සමහර මිනිස්සු ඉන්නවා හිත රිදෙන්න ඕන තරම් හේතු තිබුනත් ඒවා ගණන් ගන්නේ නැති අය. ඒ වගේම හිත රිදුනත් ඒව දරාගෙන අනිත් අයට පෙන්නන්නෙ නැතුව ඉන්න අය. අපි එයාලව බාහිරින් බලල ඒ මිනිසුන්ව මනින්නේ එයාලගේ හිත රිදුනේ නෑ කියලා .ඒත් අපි දන්නෙ නැහැ ඔවුන් හදවත ඇතුලින් කොච්චර විඳවනවා ද කියලා.

07-things-make-pain-worse-sad-crying-woman.jpg
Link

අපේ හිත් රිදෙන්නේ කොහොමද? එයට පාදක වෙන්න පුළුවන් විවිධ කරුණු තියෙනවා. එකක් තමයි අනිත් අයට පුළුවන් ප්‍රබල වචනවලින් අපේ හිත රිද්දන්න . ඒ වගේම තමයි අපි අකමැති අපිට වේදනාකාරී වෙන දේවල් වලින් බාහිර පුද්ගලයන්ට පුළුවන් අපිව රිද්දන්න . තුන්වැනි එක තමයි අපි ආදරේ කරන කෙනෙක් අපිව හැරගියාම , එහෙමත් නැත්තං අපි කැමති දෙයක් අපිට නැති උනාම අපේ හිත ඉබේම රිදෙනවා . හතරවෙනි කාරණේ තමයි අපි සමහර වෙලාවට අපේ හිත අපිම රිද්ද ගන්නවා .

මේ මොන විදියකට අපේ හිත රිදුනත් නැවත යථා තත්ත්වයට හිත පත්කරගන්න එක නම් ටිකක් අමාරු වැඩක් . විශේෂයෙන්ම කෙනෙකුගේ ප්‍රබල වචන නිසා එහෙමත් නැත්නම් වේදනාකාරී වැඩක් නිසා අපේ හිත රිදුනම නැවත හිත සංසුන් කරගෙන අපේ වැඩකටයුතු කරගන්න ටිකක් අමාරුයි . අපි කොච්චර ඒ වගේ දේවල් මග හැරලා වැඩ කරන්න උත්සහ කරත් යටි හිතෙන් හරි පුංචි හිත් වේදනාවක් අනිවාර්යෙන්ම දැනෙනවා.

සමහර වෙලාවට ඔයාගෙ හිත රිදුනම ,ඔයා ලගම ඉන්න කෙනෙක් කියන්න පුළුවන් ඔබට "ඔයා ඕක ගණන් ගන්න එපා අමතක කරන්න" කියලා. අපිත් ඒ වෙලාවට ඒ කතාවට එකඟ උනාට ඒ දේවල් අමතක කරලා වැඩ කරන්න හැදුවට අපිට ඉඳලා හිටලා හරි හිත රිදුන හේතුව ආයෙමත් මතක් වෙනවා. ඒක තමයි ස්වභාවය.

ඉතිං අපි කොහොමද මේ දේවල් වලින් දේවල් වලින් වැළකිලා අපේ හිත ශක්තිමත් කරගන්නේ ?. මම අනුගමනය කරන ක්‍රම ටිකක් මම ඔබට කියන්නම්.

එක ක්‍රමයක් තමයි ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගන්න එක. ඔබේ හිත රිදුන වෙලාවක ඔබට පුළුවන්නම් අමාරුවෙන් හරි හිතන්න "ඇයි මම මේ ගැන දුක් වෙන්නේ , මට සතුටු වෙන්න ඕනි තරම් කරුණු තියෙද්දී? " කියලා. ඔබ ඔබව ප්‍රශංසා කරන්න. ඔබ අනෙක් අයට කරපු හොඳ දේවල්, ඔබේ හොඳ ගතිගුණ පිළිබඳව තමන් තුළම ආත්ම අභිමානයක් ඇති කරගන්න එතකොට අනෙක් අය ඔබට මොන දේවල් කරත් ඔබේ හිත රිදෙනවා හරිම අඩුයි. ඔබට දෙයක් නැති උනත් තියෙන දේවල් පිළිබඳව හිතලා ඔබට පහසුවෙන් හිත හදාගන්න පුලුවන් වේවි.

තව කරුණක් තමයි භාවනා කරන එක. මේක අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න දෙයක්නේ. භාවනා කිරීම තුළින් සිද්ධවෙන්නේ අපේ මනස සුවපත් වෙන එක වගේම හිත එක තැනක තියාගන්න පුලුවන් වෙන එක.

wanderlust.jpg
Link

අනෙක් කාරණය තමයි තමන්ගෙ දුක තමන්ටම කියන එක.. දුකක් දැනුණාම ඒ ගැන කවියක් ලියන්න, එහෙමත් නැත්නම් චිත්‍රයක් අඳින්න . හිතේ තියෙන දුක වචන වලට හරි චිත්‍රයකට හරි නැගුන ම ඔයාගේ හිතේ තියෙන දුක දෙක ඉබේම නැතිවෙලා යනවා .

හොඳම දේ තමයි ඔයා ඔයාවම විනිශ්චය කරන්න යන්න එපා. සමහර වෙලාවට කෙනෙක් අපිට බැන්නා ම එහෙම නැත්නම් අපි අතින් දෙයක් නැති වුනාම අපි හිතනවා ඒකට වැරදිකරු තමා කියලා. මේකෙන් සිද්ධ වෙන්නේ අපේ හිත තව තවත් වේදනාවට පත් වෙන එක විතරයි . අනිත් දේ තමයි සමහර වෙලාවට අපිට දුකක් දැනුනම අපි අඬනවා. හැබැයි කෙනෙක් හිතනවා අඩනවා කියන එක දුර්වලතාවයක් කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

සතුට කියන හැඟීම වගේම තවත් හැඟීමක් තමයි දුක කියන්නේ. සතුට දි අපි හිනා වෙනවා වගේ දුකේදී අපි අඩනවා කියන එක සාමාන්‍ය දෙයක් . අපි අඬනකොට අඬනකොට ඇස්වලින් ඇස් වලින් කඳුලු ගලාගෙන යනවා නං නම් අන්න ඒක ඔබේ සිත් රිදීම නැති කරගන්න හොඳම ක්‍රමයක් . අඬනවා කියන එක ඔබට හිතනවනම් ලැජ්ජාවක් කියලා ඔබට පුළුවන් තනියම කවුරුත් නැති තැනකට ගිහිල්ලා හරි අඬන්න. එකෙන් ඔබේ හිත අනිවාර්යෙන්ම සුවපත් වෙනවා.

take-care-yourself-encourage-yourself-mirror-to-see-ourselves-also-useful-to-encourage-build-confidence-182023547.jpg
Link

මේ හැම දේටම වඩා හිත් රිදීම් නැති කරන්න හොඳම දේ තමයි අපි අන් අයත් අපි වගේමයි කියලා හිතන එක. අපි පාවිච්චි කරන එක වචනයකින් හෝකෝ ක්‍රියාවකින් පුළුවන් කෙනෙක්ව ගොඩක් මානසිකව පහළට ඇද දමන්න. ඒ වගේම පුළුවන් කෙනෙක්ව කෙනෙක්ව ඉහළම තැනකට ගෙනියන්න . භෞතික ආයුධයක ටත් වඩා අපේ වචනය කියන දේ හරිම ප්‍රබලයි. අපි කරන දේවල් තව කෙනෙකුගේ හිත් රිදීමකට හේතුවක් වෙනවා නම් ඔබ ඒ ගැන ආයෙමත් හිතල බලන්න.

සුභ දවසක් ❤️

Sort:  

දුකක් දැනුණාම ඒ ගැන කවියක් ලියන්න

මං ඒක කරනව..

Eka hoda athdekimak neda☺️

Mm...man ahala thiyenawa "tears are words that need to be written" kiyala. Loku dukak denunama mata oni tharan e gena kawi liyanna puluwan.

විශේෂයෙන්ම කෙනෙකුගේ ප්‍රබල වචන නිසා එහෙමත් නැත්නම් වේදනාකාරී වැඩක් නිසා අපේ හිත රිදුනම නැවත හිත සංසුන් කරගෙන අපේ වැඩකටයුතු කරගන්න ටිකක් අමාරුයි

මටත් මේ වගේ වෙලාවක ආපහු හිත හැදෙන්න ගොඩක් වෙලා යනව. මම එතකොට කරන්නෙ ඒ ගැන කතා කරනව මගේ පැත්තට කතා කරන කෙනෙක් එක්ක.

සමහර වෙලාවට වත්තෙ වැඩක් කරනව. ගේ ඇතුලෙ හිටියම තමයි දැනෙනව වැඩි. ඇවිද්දම දුක අඩුයි

Ow e parisarayen eeth unama loku sahanayak tiyenawa. hodama de e wage hitha riddana ayagen eth wena eka thamai

hema kenektama tamanta awenika krama tiyenawa. e koi dekadith duka hithenna hethuwa amathaka karaganna ekai wenne. api tawa tawath ekama hithanakota duka danenawa wadi. eka nohitha innakota nikanma amataka wela ynwa kalayath ekka.

100% ow. Eth mn hithanne ekata purudu wenna oni neda.

එක ක්‍රමයක් තමයි ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගන්න එක.

ඒකට ලේසිම විදිය තමයි හැමදේකම හොඳ පැත්ත හොයාගන්න එක. ගොඩක් හිත රිදුණම ටිකක් අමාරු වුණත් ඒක හොඳ ක්‍රමයක්.

අන්තිම point එක. මං විශ්වාස කරන්නෙ ඒ තමයි බෞද්ධ ගිහියෙක් විදියට රකින්න පුලුවන් සීලෙ. තමා උපමා කරලා කිසිවෙක්ට හිංසා කරන් එපා. සරල බුදු දහම.

මං දැක්ක ලස්සනම, අර්ථවත් ලියවිල්ලක්❤️

Thank you prasadi❤️❤️ . Mn hithana vidiyata hodama de hitha riddana hethu walin eth wela inna eka.

mn duka hithunama godak karanne mokak harima wadak karana eka. Ethakota e duka gana hithann welawak nathi wenawa e weleawe. Pahu weddi e duka hithuna de ganakma nathi wlea yanawa.

Btw nice words akka 🤗

Thank u nangi.☺️ eth mn hithanne hitha riduna welawakath wena wedakata hitha yomu karanna api puhunu wenna ona neda..

hitha ridunama eka ekkana hitha hadaganna widiha wenas. godak dewal habei kalayth ekka hariyanwa. iwaseemen inna puluwan nam samahara hith rideem adu karaganna puluwan.

Ow..kalaya thamai godak dewal walata hodama visaduma

Aththa... Manasika nidahasa kiyana eka hamadetama wada marama wadagath.. Eka langa karaganna eka lesi deyak nemeyi habayi.. Thank you for this tips!!!

ow. Mona tharam salli thibunath , facilities thibunath ganna beri ekama de thamai manasika nidahasa. Eka labaganna wagema pawathwa gannath godak purudu puhunu wenna ona😊

Coin Marketplace

STEEM 0.19
TRX 0.24
JST 0.037
BTC 95716.86
ETH 3329.80
USDT 1.00
SBD 3.02