Tea & Experience Hotel | Long weekend trip Part 5 | 5% for SL Charity

in Steem Sri Lanka3 years ago

අපේ ට්‍රිප් එකේ දෙවනි දවස ප්ලෑන් කරලා තිබුන විදියටම උනේ නැ. කොහොම උනත් අපිට ඒ ගැන ලොකු අවුලක් තිබුනෙත් නැ. දෙවනි දවසෙ නවතින තැනට ටිකක් කලින් යන එක හොඳයි කියලා, ප්ලෑන් වෙනස් වීමත් එක්ක අපි තීරනය කරා.

ඇත්තම කිව්වොත්, මේ දෙවනි දවසෙ නවතින තැන ගැන ඒක වෙන් කරපු අපේ යාලුවාටවත් හරි අවබෝධයක් තිබුනෙ නැ. කලින් අපේ කවුරුත් ගිහින් තිබුන තැනකුත් නෙමෙයි නිසා. ඒකෙ නම ටී ඇන්ඩ් එක්ස්පීරියන්ස් හොටෙල්... නැ නැ... හෙරිටන්ස් එකේ "ද ටී ෆැක්ට්‍රි " නෙමෙයි 😅.

කොහොම හරි යනකන්ම ටී ෆැක්ට්‍රි එකක ඩෝම් එකක ඉන්න යන්නෙ කිය කිය විහිලු කරගෙන ගියා.

WhatsApp Image 2022-01-23 at 21.06.47.jpegපිටතින් පේන්නේ ටී ෆැක්ට්‍රි එකක් වගෙම තමයි

අපි කලින් යමු කියල තීරනය කරපු එකත් හොඳට ගියා. හොටෙල් එකට ටික දුරක් තියෙද්දි වාහනේ ඉස්සරහ රෝදෙ හුලන් ගියා.. ඉතින් ඒකත් මාරු කරගෙන යනකොට අපි යන්න හිතාගෙන හිටිය වෙලාවට වඩා පැයක් විතර පරක්කුත් වෙලා.

එයාලා අපිව පිලිගත්ත විදියනම් සිත්ගන්නා සුලුයි. අපි හිතුවෙ මේකනම් නියම තැනක් වෙවි කියලා. දෙමල අයගෙ ක්‍රමයකට තමයි පිලි ගත්තෙ. මම ඒකට කියන නම නම් දන්නෙ නැ. පහනක් පත්තු කරලා තැටියක තියල, එකට මල් තියලා, නලලට පොට්ටු තියල තමයි පිලිගත්තෙ.

ඊලඟට අපිට කුරුඳු තේ එකක් ලැබුනා. අපි වෙන් කරලා තිබුනෙ, ඩෝමෙට්‍රි එක. අපි ඇතුලට යන්න කලින්, එයාල අපිත් එක්ක කතා කරා.

WhatsApp Image 2022-01-23 at 21.06.48.jpegදෙමල කෙල්ලෙක්ද​ 🙊

මේක පරණ, තේ නිශ්පාදනයට බාවිතා කරපු ෆැක්ට්‍රි එකක්. අතහැරලා දාල තිබිලා, යකඩ වලට විකුනන්න යද්දී, මිලට අරගෙන හොටෙල් එකක් බවට පරිවර්තනය කරලා... කියල තමයි කිව්වෙ. කාමර වෙන් කරලා තියෙන්නෙ, ටී ෆැක්ට්‍රි වල විදියටම තහඩු වලින් නිසා, ඇතුලෙ ශබ්ද එලියට ඇහෙන බවත්, ඒ නිසා අනිත් අයට බාධා නොවෙන්න හැසිරෙන්නත් කියලා මැනේජර් කිව්වා. කතාව සාධාරණයි. ඒත් අමන්සරාවේ සින්දු කියල නටලා ආව අපිට නිදහස සීමා වීමක් දැනුනා.

නාන කාමර වලට පොඩි කියුබිකල් තියලා හදලා තිබුනේ. ටී ෆැක්ට්‍රි එකේ තිබුන පොලවම බාවිතා කරලා. ඔන්න ඉතිං මේ නැවතුමේ ප්‍රශ්න පේන්න පටන් ගත්තා. මුලින්ම කොල්ලොන්ගෙ නානකාමරයේ, වතුර බ්ලොක් එකක් ආවා, ඊලට උනු වතුර නැතුව ගියා.. කමක් නැ කියමුකෝ..

රෑ කෑමට ගියාම, බුෆේ එක දැකලා තමයි තරු පෙනුනේ. ඒකේ තේරිම් හරිම අඩුයි. තිබුන දෙවල් වල රස ගැනත් මම කියන්න යන්නෙ නැ. නිර්මාංශික කෙනෙක්ට නම් මුකුත් තිබුනෙ නැ.

රෑ කෑමට සාපෙක්ශව, උදේ කෑම එකනම් හොඳයි. ඒත් දවල් ආයෙමත් අර වගෙමයි. කෑම ගැන සරලව කිව්වොත්, එදා හැමෝටම බඩේ ප්‍රශ්න 😬. ඩ්‍රයිවර් මල්ලිට හරියට කෑම දීලත් නැ.

ඒතන හොඳක් විදියට කියන්න පුලුවන්, පිලිගත්ත විදිය සහ එලියට ආවම පේන මීදුමට වැහුන කඳු පන්තිය.

WhatsApp Image 2022-01-23 at 21.06.47 (1).jpegආාාාා මේකෙ මීදුම නැ 😅

හොටෙල් එක ගැන දාන්න රිවීව් ගොඩක් අපේ අයට එකතු වෙලා තිබුනා. එ ඔක්කොම සාරාංශයක් වශයෙන් කියන්න පුලුවන් වාක්‍යකුත් අපි හොයා ගත්තා.

"යකඩ වලටම විකුනපිය!!" 😂🤭

Sort:  

Kauda me photo eke enna lassana demala kella...😉

Sasi kiyala kellek 🤭🙈.

Ai hoyanne

Yalu kara ganda

Yalu karagatta kiyala hitaganna ehenm 😌

Oyala google review ekak danna. Ethakota eyala improve karawi. Thana nam lassanai pitin baluwama

Ow thana lassanai. Service eka improve unanm hari

චූටි දෙමළ පාටකුත් තියෙනව. 😁😁😁

Matat okama hituna 😅🙊

Habai lassanaiii 😍😍

Thanku 🙈

"යකඩ වලටම විකුනපිය!!" 😂🤭
සැර වැඩි නැද්ද..?

Aththata damme na. Jollyata kata una witarai.

එහෙනං අව්ලක් නෑ..

ඒතන හොඳක් විදියට කියන්න පුලුවන්, පිලිගත්ත විදිය සහ එලියට ආවම පේන මීදුමට වැහුන කඳු පන්තිය.

එහෙම හරි හොඳක් තිබිලා තියෙනවනෙ.🙂 වටේ පරිසරය නම් හරිම ලස්සනයි.❤

ow e parisarayatanm asa hitenawa.

Hi, @rasinkani,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

හොටෙල් එක පිටින්නම් සුපිරියට තියෙනව හැබැයි 🙈😂

Apple papol katawa tamayi malli

දවස් දෙක තුනක trip එකක් යද්දි ඔහොම උනාම එපා වෙනවා නේද?

Kattiyatama upset itin. Eth eka wadiya oluwata ganne natuwa awidda

කෑම.කෙසේ වෙතත් ඒකත් හොද අත්දැකීමක් ..

hema kema ekatama tea dala tibuna... tea eka witarak kurudu walin hadala tibuna 😂.

කෑමවලට තේ දාල කිව්ව..හෑ

Example: Tea marinated chicken 😅.

ඒකෙ ඔක්කොම tea,tea,tea ද?

Bahutharayak 😖

😶😶😶

 3 years ago (edited)

yaluwo ekka iddi prashnath athal ithin

"යකඩ වලටම විකුනපිය!!" 😂🤭

😂😂

ow ow.. ekata danna puluwan review gena kata welath kattiya hodatama hina una.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.027
BTC 60678.52
ETH 2339.38
USDT 1.00
SBD 2.48