ලොවීනා | 10% for SL Charity

in Steem Sri Lanka3 years ago

ලොවීනා නැමැති මෙම කතාව කතෘ මොහාන් රාජ් මඩවල මහතා තනි වැකියකින් සඳහන් කරන්නේ "මවුන්ට් ලැවීනියාවේ සැඟවුණු ආදර කතාව" ලෙසයි.

මට මේ කතාව සොයාගෙන කියවීමේ ආශාව ඇති වුනේ, අද හැම කෙනෙක්ම දන්න මවුන්ට් ලැවීනියා හෝටලය, ඉංග්‍රිසි යටත්විජිත සමයේ ඉංග්‍රිසි ආණ්ඩුකාරතුමන් ගේ නිල නිවස හා බැඳුනු ශෝකී ආදර කතාව සොයා යෑමට ඇති වූ කුකුසයි.

මාගේ පොත් කියවීමේ රුචිය හා කුතුහලය, මා රැයක් නිදිවරමින් පොත කියවීමට පෙලඹවීමට තරම් ශක්තිමත් විය. සෑම විටකම පාහේ එය එසේම සිදු විය. කතාවෙ නිමක් දැක මිස නින්දක් මට නොවීය.

WhatsApp Image 2021-09-10 at 17.18.01.jpeg

මුලුමහත් කතාවම කියවා අවසානයේ, මාගේ හැඟීම් මොනවාදැයි තේරුම් ගත නොහැකි පරිද්දෙන් මා කතාව තුලම ගිලී සිටියෙමි.

ලොවීනා හුදෙක්ම ආණ්ඩුකාරවරයාගේත් රොඩී කෙල්ලකගේත් ආදර කතාවක්ම නොවන බව තේරුම් ගැනීමට කතාවේ මුල් පරිච්ඡේදයම ප්‍රමාණවත් විය.

ලොවීනා මේ දීර්ග කතාවේ එක් කොටස්කාරියක පමණක් ය. ඇයගේ කතාව මෙහි අතුරු කතාවක්‍ ය. මේ මුලු කතාවේම හිමිකාරිය ලොවීනාගේ කිරි අත්තම්මාය. කුල කාන්තාවක්ව ඉපිද, අන්තඃපුර කාන්තාවක් වන්නට වූ ඇයගේ ඉරණම රොඩී කුලයකට ලියවී ගියේය. පුන්නා ලෙස ඉපිද, පුන්නී නම් රොඩී ගැහැණිය වන්නට ඇයට සිදු විය.

WhatsApp Image 2021-09-10 at 17.18.02.jpegඅවසන් පිටුව බැලීමට මතක් වූයේ කතාව කියවාද අවසන් වූ විටය.

කතාව තුල සිටින විවිධාකාර කාන්තාවන් ඔවුන් ගේ ජීවිතවල කටුකත්වය සමග අරගල කරන අයුරු මා ඔවුන් ඉදිරියේ සිට බලා සිටියෙමි. මේ කිසිවක් පිටතින් පෙනෙන අරගල නොවූ අතර, සියල්ලක්ම සිත්තුලම සිරකරගත් අභ්‍යන්තර අරගලයන්‍ ය. විටෙක තමාට ඇවැසි දේ දකින්නට දුම් කබල් දල්වන පුන්නාත්, කීරීත් ඒ දුක මොනවට කියාපෑහ. තවත් විටෙක දේවදූතයන් දකින පින්චීත්, පිච්චමල් සුවඳේ සිහිසුන් වන ලොවීනාත් තමන්ට ඇවැසි ලෙස සිත හසුරුවනා අයුරු පෙන්වූහ.

WhatsApp Image 2021-09-10 at 17.22.47.jpegමේ සියල්ලම කතාව තුල ජීවත් වන කාන්තාවන්‍ යැයි මා සිතමි.

එකල පැවති කුල මල භේදයන් නිසා, අනේක දුක් විඳි මිනිසුන් ගේ කතා මේ පොතතුල දැකිය හැක. රජුගේ සිට, රොඩී කුලයේ බයියා දක්වාත්, ඉන් ඔබ්බට පරංගිත්, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාත් දක්වා විවිධ පිරිමින් ගේ හැසිරීම් දැකගත හැකි විය.

කතාවේ අවසානයට පැමිණියද, මා තවමත් කතාව තුලම ජීවත් වෙමි. දස්කොන් ප්‍රේම කලේ ප්‍රමිලාටද, පුන්නාටද සිතමි. මේ හුදුමහත් කඨෝර දිවිය පුන්නී කෙලෙස දරාගත්තා දැයි සිතමි. තමා ලොවීනා අත්පත් කරගත්තේයැයි ආණ්ඩුකාරවරයා සිතුවේදැයි සිතමි. ඔහු සැබවින්ම ලොවීනාට ප්‍රේම කලේද, නැතිනම් ප්‍රේමයක් ලෙස අත්පත් කරගැනීමේ වුවනාවෙන් සිටියාදැයි සිතමි. තමාගේ ගැහැනිය අහිමි වීමේ දුකට උත්තියා කුමක් කරගත්තේදැයි සිතමි.

අවසානයේදී, අතුරුදන් වූ උත්තියා සොයා ගිය ලොවීනාට කුමක් සිදුවුනිදැයි මා වද වෙමි.

Sort:  

Kiyawala iwara wela denawada???

Kiyawala iwarai 🙊. pdf karala tamai denna wenne.

Seriously....

Meka ape gedr thibbd mnda. love story kiywnna asa nthi nisa kiyewwe na. mmm kiywlm blnna ona

ee kiyawanoo 😒. nikanma nikan love storyak nemei eka 😓.

Meka harima duka kathawak. Me genu lamayata wenu dewal gena hitheddi dukai. Oyath meka kiyopu eka hoday. Mn nm meka godak dawas kiyola.

ane me 😂. man nodanna oyage poth kiyawima.

Ane meh. Oya danne tikai.🙄

mulin mm aran dunna potha kiyawala enna.

Boru nokiya enna😌

කියවන්න ඕනි මමත්...

කියවලා හිතුන දේ කියන්න​ 😌.

@rasinkani හරිම ලස්ස්නට ගලා ගෙන යන කතාවක්. මවුන්ට්ලැවීනියාවෙ මේ හැංගිච්ච ආදර කතාව තවදුරටත් රහසක් නොකරපු මඩවලයන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ සුන්දර කතාව තවත් සුන්දරව අකුරින් කැටයම් කරාට ඔබටත් ස්තූතියි.!!

සමජයේ විවිද පැතිකඩ කිහිපයක් එක කතාවක් තුල දැක ගන්න පුලුවන්. කතෘ මඩවල මහතා කතාව අපූරුවට පෙල ගස්වා තියෙනවා.

මටත් ආස හිතුනා ඒ පොත හොයන් කියවන්න...

කියවලා බලන්න​. ලස්සන කතාවක්.

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.033
BTC 62875.13
ETH 3030.71
USDT 1.00
SBD 3.67