කොන්දොස්තර ගේ ඇපලොජිය | 10% for SL Charity

in Steem Sri Lanka3 years ago

මේක පොඩි අතීත කතාවක්. කලින් ජොබ් එක කාලෙ උන දෙයක්.

අපි remotly වැඩ කර නිසා, team එකේ අනිත් අයව මුණගැහිලම තිබුනෙ නෑ. එකම batch එකේ නිසා එක්කෙනෙක් දෙන්නෙක් දන්නවා උනත්, අනිත් හැමෝම online meeting වලින් විතරයි දන්නෙ.

අපේ SL team එක බැලුවෙ CTO. එයත් ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කෙනෙක්. දෙසැම්බර් මුල සතියේ එයා ලංකාවට එනවා කියලා, අපිට meetup එකක් දැම්මා. උදේ 11 වෙද්දි හමුවට වෙලාව තිබුනේ. Office වැඩ වලදි වෙලාවට වැඩ කරන එක සෑහෙන වැදගත් නිසා මම මෙහෙන් 8 bus එකෙන්ම පිටත් වෙන්න හිතුවා.

image.pngSource

Alarm එකකුත් තියලාම නිදාගත්තා. එකක් කිව්වට ඉතිං 4ක් විතර තිව්වා. මට මාව ඒ තරම් විස්වාසයි උදේට නැගිටින එක සම්බන්ධයෙන්. ඔන්න මුල් alarm එක වැදුනා. සුපුරුදු පරිදි තව චුට්ටක් නිදගන්න හැරුන ගමන් අම්මා ඇවිත් "ඔයා අද යන්නෙ නැද්ද" කියල ඇහුවා. නිදිමත කොයිතරම්ද කිව්වොත්, මම කොහේ හරි යන්න හිටියද කියලා මතක් කරගන්න තත්පර 10කට වඩා ගියා. තව පොඩ්ඩෙන් හොද ආතල් එකක් තමයි set වෙන්නෙ.

දඩිං බිඩිං කියලා ලැස්ති උනා. ඒ අතරෙ bus එකට call කරලා seat එකකුත් වෙන්කරගත්තා. Expressway bus වල උදේට seat තියෙවිද sure නැති නිසා, book කරගන්න එක ඇගට ගුනයි නෙ.

මම ඉන්නෙ Expressway entrance එකට කිට්ටුවෙන් නිසා, bus stand එකට යනවට වඩා, එතනින් bus එකට නගින එක ලෙසි. entrance එක ලඟ සෙනග වැඩි නිසා ඊට කලින් halt එකෙන් නගින්නම් කියලා, කොන්දොස්තර මහත්මයාට දැනුම් දුන්නා.

ඔන්න ඉතිං මම ලෑස්ති වෙලා, bus halt එකට ගිහින් විනාඩියක් වගේ යනකොටම bus එක එනවා. මෙන්න මේ මනුස්සයා නවත්තන්නෙ නැතුව ගියා 😱. ජංජාලයයි. ඊලග bus එක තව පැයකින්. දෙපාරක් හිතුවෙ නැතුවම, තාත්තාට කිව්වා entrance එක ලඟට යමු කියලා. call ගන්නවා ගන්නවා, phone එකත් වැඩ නැ. entrance එක ලඟට ගියාට වැඩක් උනෙත් නැ. bus එක වෙනදා වගේ පොඩ්ඩක් නවත්තගෙන ඉඳලත් නැතුවම ගිහින්.

ඊලඟට ගත්ත call එකනම් answer කලා. කොන්දොස්තරට ඇහුනෙ මම entrance එක ලඟ ඉන්නවා කිව්වා වගේලු. දැන් මක් කරන්නද ඉතිං. ඒපාර එයාම කිව්වා, තව ටිකකින් එන bus එකක් තියෙනවා, මෙන්න මේ halt එකට යන්න කියලා.

මගේ ලඟ තව අක්කා දුන්න number වගයක් තිබිලා call කරලම බැලුවා. එයා කිව්වා stand එකට ඇවිත්ම නගින්න කියලා.

මෙන්න ටිකකින් ආයෙමත් call එකක් එනවා, මාව දාලා ගිය bus එකෙන්. “මිස්ට bus එක හම්බුනාද? අනේ sorry මිස්, මට ඇහුනෙ වැරදියට. seat එකත් තියාගෙන ආවෙ. sorry මිස්” කියලා කිව්වා. මම හා හරි, මට bus එකක් හම්බුනා, ප්‍රශ්නයක් නැ කියලා කිව්වා.

පලවෙනි වතාවට කොන්දොස්තර කෙනෙක් එයාගෙන් උන වැරැද්දකට මගෙන් නම් මේ සමාව ගත්තෙ. ගොඩක් වෙලාවට bus වල යනකොට අමිහිරි අත්දැකීම් තමයි මේ වගේ වෙලාවට ලැබෙන්නෙ. seat එකක් තියාගෙන උන පාඩුව ගැන කියනවා වෙනුවට උන දේ ගැන සමාව ඉල්ලුවා. මිනිස්සුන් ගේ ආකල්ප, හැසිරීම මේ වගේ වෙනස් වෙනවානම් තව ගොඩක් දේවල් මීටත් වඩා හොඳ වෙවි.

Sort:  

මෙහෙම කොන්දොස්තරවරුත් ඉන්නව නේද ඒත් ගොඩක් වෙලාවට හම්බෙන අයනම් මෙහෙම නෑ ඒකයි දුක 😐

Hamme ow. samaharuta ituru denna matakat na...

Expressway බස් වල එක ටිකක් වෙනස් නේද? හොද සින්දුත් දානව

Ow ewage wada karana ayat tikak hodai wage

seat එකක් තියාගෙන උන පාඩුව ගැන කියනවා වෙනුවට උන දේ ගැන සමාව ඉල්ලුවා

ඒක ඇත්තටම හොඳ ආකල්පයක්.❤

Ow. Akalpa diyunu wena ekai wenna ona.

Positive attitudes always give positive outcomes. ❤️

Yeah.. what matters the most is our attitude.

ඔය වගේ දේවල් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්..😊

ow. minissu hitana widiyen tamai hema dema wenas wenne...

Ohoma wena waradi walata samawa ganna conductors la adui thama.

Ow. godak welawata wenne, apita waradda dala banina eka nh.. ekko welawata awe na.. kiwwe thana hitiye na.. ohoma mokak hri nh kiyanne.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63548.34
ETH 2646.78
USDT 1.00
SBD 2.74