අවාසනාවන්ත මරණ
දවස ආරම්භ වුනේ ම අවාසනාවන්ත මරණයක පුවතකින්. පහල වෙල්යාය අයිනෙන් යන දොලේ කාගෙදෝ මළ සිරුරක් රැඳිල කියන ආරංචිය අරන් ආවේ තාත්තා. බලාගෙන යද්දී ගමේ හිටි දුප්පත්ම සහ අහිංසකම පවුලක තාත්තට තමයි මේ කරදරය වෙලා තිබුනේ. මම සිද්දිය බලන්න නොගියත්, ආ ගිය අය කියපු විදියට ඔහුගේ දෙපය ඉවුර මත තිබියදී මුනින් අතට ඔහු ඇලට වැටී මියගොස් තිබුණ. එකතු කරගත්ත පුවක් ගෙඩි කීපයක් සහ දුම්කොළ කැබැල්ලකුත් ඔහුගේ දේහය අසල වැටිලා තිබුනලු.
බැලූ බැල්මට හැම කෙනෙක් ගෙම නිගමනය වෙලා තිබුනෙ පුවක් අහුලන්න ගිහින් හෝ ඇලේ පාවෙන දෙයක් අහුලගන්න ගිහින් මේ දේ වුණා කියල. මෙහෙම අහුලන පුවක් ඔහු විකුණල කීයක් හරි හොයාගන්නවා ඇති. මියගිය මාමා ටිකක් වයසයි. ඉතින් සමහර විට නැවත නැගිටගන්න නොහැකි වෙලා දියේ ගිලී ගියා වෙන්න පුළුවන්. කොහොම වුනත් මේ අනතුර සිද්ධ වුණ වෙලාව ගැනවත් හරිම හේතුව ගැනවත් තවම නිසි ආරංචියක් නම් ලැබුනේ නැහැ. කොහොම වුනත් ඊයේ උදේ 8 විතර ඉදන් ඔහු ගැන තොරතුරක් නැතිව තිබුන නිසා ඔහු පැය 12ක් වත් මේ අවාසනාවන්ත ආකාරයට ඉන්න ඇති කියල හිතන්න පුළුවන්.
ඉතින් මේ සිදුවීමත්, ඒ ගැන විස්තර කිව්ව පුද්ගලයාගේ කතාවත් එක්ක උදේ වරුවම හරිම වේදනාවෙන් තමයි ගත වුණේ. මම ඒ කතාව අහගත්ත මාමත්, මේ කාලයේ ඉතාම අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ. "අනේ මරනෙටවත් කියක්වත් දෙන්න විදියක් නෑ අපිත් බොහොම අමාරුවෙන් තමයි ජිවත් වෙන්නෙ" කියල ඔහුගේ කතාවත් කියන ගියා. ඔහුටත් ඔහුගේ පුතාටත් මේ දවස් වල කිසිම වැඩක් නොලැබෙන බවත්, කිකිළියන් හතර පස් දෙනෙක් ඇති කරල ඒ බිත්තර විකුණලා යම් මුදලක් හොයාගන්න බවත් ඒ මාමා කියාගෙන ගියා. "පුතාගේ දරුවො ඉස්කෝලෙ යන්න පටන් ගත්තම මොනව කරගන්නද මන්ද" කියල කිව්ව ඔහු පාපැදියෙ නැගල යන්න ගියා.
ඉතින් ඒ වෙලාවේ මගේ හිත පුදුම දුකකින් පිරිල ගියේ. ඒ අපි දැකපු පවුල් දෙකක් විතරයි. එහෙම නැති පවුල් කියක් නම් මේ ගමේම ඇත්ද.
කිරිපිඬු පුජාව කර යුත්තේ පණ ඇති මිනිස්සුන්ට කියල මම අදටත් කියන්නේ එකයි.
Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Dn lankawe dakinna ahanna lebennema duka hithena katha…
ow ane. kalakirenwa ane
රටේ හැම තැනම මේ වගේ තමයි... කීප දෙනෙක්ට සැප විදින්න දහසක් දෙනාට ජීවිතේ මොකකද කියලවත් නොදැනම මියදෙන්න සිද්ද කරල තියෙනව.
katha karala wedak na
ඇත්තටම හරිම දුකයි. මට මැවිල පේනවා. මං දැන් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් මඟ ඇරලා දානවා.
බුදුහාමුදුරුවො හිටියත් කියන්නෙ ඔච්චරයි. ඒත් අපි කොහොම කිව්වත් වැඩක් නෑ.
kee denek gana kiyala balannada
පවු නේද අසරන මිනිස්සු පහත් තැනින් යයි ජලා ගලේ වගේ දෙයියෝ කර්මය ස්බාවදර්මය කිය්න ඔක්කොම කෲර විදියට පලිගන්නෙ අහින්සක මිනිස්සු න්ගෙන් මයි . ජරා තුප්පැහි වැඩ කරන උන්ට හෙනවත් නෑ. ඔය ඔක්කොම බොරු දෙයියෝ කිය්ල දෙයක් නෑ සල්ලි වලට හැමදේම ගන්න බැරි වුනාට සල්ලි වට නොගන්න බැරිදෙයක් නැතිතරම් මේ ලෝකේ
ow eka hari. un adatath minissunge duka dakinne na
පව් කරන මිනිස්සු ලස්සනට ජීවිත්වෙනවා. අහිංසක දුප්පත් කූඹියෙකුටවත් කරදරයක් හිංසාවක් නොකරන මිනුස්සුන්ට තමයි හැම කරදරයක්ම..
aththa