Don't Let Hibiscus Flowers to Die | Making Hibiscus Tea | 10% to SL-Charity
රෝස මලක් තරමටම මට ලස්සන මලක් තමයි මේ පොකුරු වද මල. සමහර විට ඔයාල අහලත් ඇති මේ පොකුරු වද මල් තේ ගැන. වද මල් තේ හරිම ලස්සන වගේම ගුණදායක පානයක්. ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් මේ පානයේ ප්රයෝජන මොනවාද කියල ඔයාට බලා ගන්න පුළුවන්.
හැමදාම නිකම්ම පිපිලා පරවෙලා යන මේ මල් කීපයක් අරන් වද මල් පානයක් හදාගන්න ඕන කියල මම හිතුව. මුලින්ම හොඳින් පිපිච්ච මල් කීපයක් කඩා ගත්ත. ඇත්තටම ලොකු මල් තිබුනේ දෙකයි. ඒ නිසා පිපෙන්න ලං වුන පොහොට්ටු දෙකකුත් මම තෝරගත්ත.
මල් වල කළු පාට කුඹි ගොඩක් හිටි නිසා පෙත්තෙන් පෙත්ත ගලවල වෙනම භාජනයකට දාන්න සිද්ද වුනා. පෙති ගලවල පොඩි නොවෙන්න හොඳින් හේදුව.
වදමල් තේ හදන්න පුළුවන් එක එක ආකාර ඔයාලට අත්හදා බලන්න පුළුවන්. උණු තේ එකක් විදියට, සීතල විදියට, කුරුදු, එනසල් වගේ දේවල් දාල හෝ නොදා.. මේ එක එක ආකාර වලට හදන්න පුළුවන්. මෙතනින් බලාගන්න පුළුවන් ආකාර කිහිපයක්
මම හැදුවේ මට දවල් රස්නේ වෙලාවට බොන්න පුළුවන් සිසිල් බිමක් වගේ. ඇත්තටම තම්බා ගත්ත වදමල් පෙතිවල අමුතු රසයක් ඇත්තේ නෑ. ඒ නිසා එක රස කරගන්න අපට එක එක ක්රම පාවිච්චි කරන්න පුළුවන්. මම කරේ දෙහි ගෙඩියක් කඩල එකේ සම්පුර්ණ යුෂ මගේ හදාගත්ත වදමල් පානයට් එකතු කරා. ඒ වගේම සිනි හැඳි කීපෙකුත් එකතු කරා. කැමති නම් ලුණු ටිකකුත්.
ඔයාලට පේනවා ඇති පොඩි වර්ණ විපර්යාසයක්. දෙහි එකතු කරාට පස්සේ හරිම ලස්සන රතු පාටකට මේ බීම එක හැරෙනවා. ඊට පස්සේ ඒක ටිකක් නිවෙන්න තියල ෆ්රිජ් එකේ දැම්ම. දවල් ට කම්මැලි හිතුනම බොන්න රසවත්, ගුණවත් ලස්සන බිමක්!
වද මල් ගොඩක් ලෙඩ රෝග වලට ඖෂධයක් . මං හිතන්නේ මැලේසියාවේ ජාතික පුෂ්පයත් වද මල්.
Hibiscus tea eka beela tye mn,amuthu gathiyak tye eke 😁
Mehema nil katarodu hodai kiyala ekak dakala bela baluwa. Eken ena rahata bonna ba. Mewath e wageda danne na😂🌝
raha wenna monwa hri daala bonna😂
me thiyenne
Owa therenne na affa apata. Mn hithuwe dehi okata dana jathiyak kiyala
මේවා බොන්න පුලුවන් කියලා මං අද දන්නේ.... බීලා බලන්න ඕනි...
oya danneth nedda. Harith danneth na. owa bonwa
Api ewa danne na appa... Apita owa hadala dunnoth kanna bonnanam dannawa...
ඇත්තටම මේක රසවත් පානයක්. තව කටරොලු මල් වලිනුත් මේ වගේම හදන්න පුලුවන්...
Mamath hema week ekakama wage bonawa.godak rasai.
අඩේ…..මම විතරද වදමල් බීල නැත්තෙ?
අපේ ගෙදර සැහෙන්න වද මල් තිබ්බ.. දැන්නම් බෙහෙතකටවත් නෑ හොයාගන්න.
ewa bonawada.... man adamai ahuwe.. beheth walata gannwa kiylanm dannwa
මමත් බීල තියෙනවා. ඒකෙ අමුතු රසකුත් තියෙනවා.
Rasaida kylath kiynawako😒
Oya malak anthimata dakketh awurudu ganakata kalin mn
rahak kiyalama na ane. dehi dammama dehi rahai. kurudu dammama kurudu rahai.