සෙනසුනක් සොයා...

in Steem Sri Lanka3 years ago

photo_2021-10-19_16-24-29.jpg

බඩුබාහිරාදිය බෙදදීමෙන් පසුව "ඔහොම්මම අරාමෙත් බලලම යමු" යැයි හටන්ගල උදිත හිමියන් කර යෝජනාවට අකමැති වීමට අපට හේතුවක් නොතිබුණි. දහවල් ආහාරය සඳහා පෙර සැලසුම් කර වැඩසටහනක් තිබුණද කුසගින්නක් නොතිබුණු හෙයින් අපි ආරාමය කරා ගමන් කිරීමට සැරසුනෙමු. කොයිතරම් දුරක් යායුතුදැයි අප නොදැන සිටියද, කොයි ගමනටත් මා රැගෙන යන කුඩා බෑගය මම කරේ එල්ලා ගත්තෙමි. කුඩයක්, කුඩා වතුර බෝතලයක්, කුඩා තුවායක් හදිසියකදී භාවිතා කර හැකි ෂොපින් බෑග් කිහිපයක්, මෙන්ම පැනඩෝල්, සිට්‍රසින්, ප්ලාස්ටර, කුඩා බාම් කුප්පියක් සහ වෙනත් ද්‍රව්‍ය කිහිපයක් සහිත පසුම්බියක් ද නිරතුරුව මා ගෙනයන බෑගයේ අන්තර්ගත වේ. එතරම් බර නොවූ මෙහි මෙකී දෑ ට අමතරව තව බොහෝ දේ අඩංගු වන අතර ඕනෑම තැනකදී අපහසුතාවයට පත්නොවී හා කිසිවෙකු මත නොයැපී සුළු කාලයකට පැවතීමට මේ මල්ල මට බොහෝ වරක් උපකාරී වී තිබේ.

යන දුර පිළිබඳ අවධායනක් නොතිබුණද කෝකටත් කියා ලොකු වතුර බෝතයක් මම හරිත් අතට දුන්නෙමි. ඒ තීරණය ගැන පසුව අනේක වාරයක් මම මටම ස්තුති කලෙමි.

photo_2021-10-19_16-24-22.jpg

මෙම ආරණ්‍ය තවමත් ඉදිකරමින් පවතින බව මීට පෙර හාමුදුරුවෝ අප දැනුවත් කළහ. 90 ගණන් වලදී උක්ත ස්ථානයේ ආරාමයක් පැවතී ඇති බවත්, ඉන් ඉතුරු වූ ගල් පඩි, ළිදක් සහ සිරිපතුල කෙටු ගලක් තවමත් දැකිය හැකි බවත් උන්හන්සේ අප දැනුවත් කර සිටියහ.

ගමන් මගේ ආරම්භය වැටුණේ තේ වත්තක් මැදිනි. මෙම ආරාමයට යාමට තවත් පාරවල් කිහිපයක් පැවතියද මා වැන්නෙකු සමඟ ගමන් කර හැකි එකම මග මෙය බව මා පසුව වටහා ගතිමි. තේ වත්තට ඇතුල් වැද්දීම ස්වාමීන් වහන්සේ පාවහන් ගලවා, ගිනිසිඉරියා කොටුවක් කඩා සුද්දකර ගත්තාහ. අප දෙදෙනා සුපුරුදු කෙළිලොල් ලීලාවෙන් ඇතුල් වුණෙමු.

photo_2021-10-19_16-24-43.jpg

සිරුරෙන් මා තරම් හෑල්ලු නොවූවද ස්වාමීන් වහන්සේ යුහුසුළුව වැඩම කරන්නට විය. තේ වත්ත පසු කර අප ක්‍රමයෙන් වනාන්තරයට ඇතුල් වුණෙමු. මිනිස් පා සටහන් වලට එතරම් හුරු නොවූ මේ අඩි පාර මගේ ගැහැණු සිතේ චකිතයක් ඇති නොකරාම නොවේ. දෙවනුවට අප පිවිසියේ ගම් දෙල් කොළ වලින් අඩි පාර වැසුණු අඩවියකටයි. ස්වාමීන් වහන්සේ ඉතා වේගයෙන් ගමන් කළ අතර පසුව මගේ ගමන් විලාශය දැක දෝ වේගය බාල කළහ. මා මගහැරෙතැයි බියෙන් මගේ ආරක්ෂකයා මා පසු පසින් ගමන් කළේය.

photo_2021-10-19_16-24-47.jpg

තිබුණු නිහැඩියාව බිදිමින් අප පසු පසින් එක වරම ගමේ කොලු ගැටව් රංචුවක් මතු විය. එතරම් ගරු සරුවක් නැති බවක් පෙනුණද ඔවුහූ මේ මුකළානේ පුරුදු කරවුවන් වුවෝය. අප එද්දී අහලකවත් නොසිටි ඔවුහූ, අප පසු කර වනය තුළට ගමන් ගත්තාහ.

ගස් අතරින් පහල බලද්දී අප ක්‍රමයෙන් ඉතා ඉහල උසකට යමින් සිටි බව මට වැටහිණි. ගැලවී ගිය ගල් සහ කටු සහිත වැල් නිසා ගමන් මග කෙරෙහි වඩාත් අවධානයෙන් යායුතු විය.

photo_2021-10-19_16-24-50.jpg

ගමනේ තෙවන භාගයේදී ගලින් නිමකර පැරණි ආඩි පාර අපට මුන ගැසුනේ ගමනට යම්කිසි පහසුවක් සලසමිණි. මෙය පැරණි අරණ්‍ය සේනාසනය කාලයේදී ඉදි කරන ලද්දක් විය. ගමේ සිට මෙම පාර දක්වා අලුත් අඩිපාරක් නිර්මාණය කිරීම ඒ වන විටත් ආරම්භ කර තිබුණි. අපි ද ඒ සඳහා යම් මුදලක් පසුව පිරිනමුවෙමු.

ගල් පාරට එළබෙත්ම වටපිටාව දෙස යම් උද්යෝගයකින් නැරඹීමට මට ඉස්පාසුවක් ලැබුණි. තෙත් වනාන්තර වල සුලබයැයි සිතිය හැකි හතු වර්ග, මීමන වර්ග මග දෙපස බහුලව පැවතිණි. වර්ෂාව ඇරඹුණේ ගමනේ මැද භාගයේදීය. මා සතුව කුඩය පැවතුණද තුරු සෙවණේ ගමන් කර නිසා කුඩයේ අවශ්‍යතාවය එතරම් නොදැනුණි.

photo_2021-10-19_16-24-57.jpg

Sri padmagiri yogasramaya bio diversity mushrooms.jpg

photo_2021-10-19_16-24-25.jpg

වාසනාවට මෙන් වර්ෂාව අඛණ්ඩ නොවුනී. කුඩල්ලන් නොමැති වීම අපට ඉමහත් සහනයක් විය. ගහ කොළ හඳුනා ගැනීමට තරම් කාලයක් අපට නොතිබුණද, වැසි වනාන්තර පිලිබඳ හදාරන අයෙකුට පහසුවෙන් ළඟා විය හැකි වන පද්ධතියක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දීම වැරදි නැත. මෙම කොටස හටන්ගල වනාන්තරයට අයත් බව අපි පසුව විමසා දැනගතිමු.

photo_2021-10-19_16-24-40.jpg

වැස්ස සමග පොළොවේ ඇති කර ලිස්සන සුළු බව අපේ ගමන තවත් දුෂ්කර කළේය. මිනිත්තු 20 ක ආසන්න ගමනකින් පසු අපි ගමනේ කෙළවර යයි සිතිය හැකි ස්ථානයකට සේන්දු වුණෙමු. පැරණි කුටියක නටබුන් මත ලීයෙන් අලුතෙන් ගොඩනගන ගොඩනැගිල්ලක සැකිල්ලක්, බුදු ගෙයක් හා ළඟදී රෝපණය කොට අපවත් වූ බෝ පැළයක් සහිත සම බිමකට අවසානයේ අප පා තැබුවෙමු.

photo_2021-10-19_16-25-17.jpg

මෙම ස්ථානය වටා ස්වභාවිකව නිමවුණ ඉතා විශාල ගල් තලා කිහිපයකි. ඍජුවම ප්‍රපාතයකට මුහුණලමින් පවතී මෙම ගල් තලා මතට ගමේ කොලුගැටවු සහ ස්වාමින් වහන්සේ සේන්දු වුණේ පුරුදු කරුවන් නිසාවෙනි. නොසිතු ලෙස අධික සුළඟ සමඟ වර්ෂාවක් ඇද හැලීමට පටන් ගත්තේ මා පර්වතය මතට යෑම වළක්වමිනි. එසේ නොවූවද එවන් අවදානමක් ගැනීමට මට අවශ්‍ය නොවුණි.

විනාඩි කිහිපයක් ඇඹරී ගිය ගස් සුළු මොහොතකින් නිශ්චල වුණේ මේ බිමට අරක් ගත දෙවියන් අපට මෙහි පය තැබීමට අවසර දුන්නාක් මෙන් හඟවමිනි.


මෙම ඉසව්වේ සිට පහල ගම්මානය නැරඹිය හැකි ස්ථාන කිහිපයකි. එවන් නැරඹුම් ගලක සිට බැලූ විට හියාරේ, කැටන්දොල ආදී ප්‍රදේශ කිහිපකම මැනවින් දැක බලා ගැනීමට හැකියාව ඇත. සැබවින්ම බවුන් වඩන භික්ෂුවකට සුදුසු ශාන්ත වටපිටාවක් මෙම ස්ථානයේ ගොඩනග ගත හැකි බව මට සිතුනි.

photo_2021-10-19_16-25-09.jpg

මට දරාගත හැකියැයි සිතිය හැකි එක් තැනකදී මම ගල් තලාව මතට ප්‍රවේසමෙන් නැග්ගේ 'ඔහුගේ' ආධාරය ඇතිවය. මනස්කාන්ත දසුනක් කල් වෙලා ගෙන නිදහසේ රස විඳීමට මට හැකියාව ලැබුණි.


විනාඩි කිහිපයක් විඩා හරිමින් මෙහි රැඳී සිටි අප නැවත හැරෙද්දී තුනේ කණිසමට අසන්න වී තිබුණි. එතරම් කුසගින්නක්ද නොදැනුනේ අප අපේක්ෂා කරාටත් වඩා සාර්ථක දිනක් ගත කිරීමට හැකි වූ නිසාවෙන් විය හැකිය.

photo_2021-10-19_16-25-26.jpg

photo_2021-10-19_16-25-30.jpg

photo_2021-10-19_16-25-05.jpg

එකම මාර්ගය වුවද ආපසු එන ගමන අප ආ ගමන තරම් අපහසු නොවිණ. අතර මග කඩින් කඩ ඇදහැලෙන වැස්ස අතරේ ප්‍රවේසමෙන් අප පහලට පැමිණියෙමු. මා ප්‍රියකරන කොළ පැහැය චායරුපයෙන් චායාරුපයට මම ආපසු රැගෙන ආවෙමි.

photo_2021-10-19_18-48-05.jpg

කිසිදා සැලසුම් නොකර අපූරු චාරිකාවක අවසානය අප මෙලෙස සනිටුහන් කළෙමු. අපට මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් හටන්ගල උදිත හිමියන්ට ඉතා ගෞරව පූර්වකව අපි ස්තුතිය පුද දෙමු.

photo_2021-10-19_18-53-30.jpg

10% to sl-charity

Sort:  

කලාතුරකින් කෙනෙකුට ලැබෙන අත්දැකීමක්.

eka nam aththa. ahambayak

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Super.journey.

ඒක නම් හරිම අපූරු ගමනක් 😇❤

ow wenas experience ekak

මමත් ගොඩක් ආසයි ඒ වගේ ගමන් යන්න 😍

Photoes tikanam niyamai ane. Oya poddak mahath wela wage akka.

mahath wenna kemathi na mama

maru gamanak . lassana photo godak. Ethan muduna mara hulagak neh thiyenne. havei view eka maru.

e wele wessa ekka loku hulagak awa

හරිම ලස්සනයි.මගේ හබීට යෝජනා කරන්න ඕන යමු බලන්න කියලා.

oyalata kittui neda.. a paththe gihin balanna

ekane ekane nango,

Plan kare nathath ekanm watina gamanak. harima lassana niskalanka parisarayak wage.

plan karala kiya nam thawa meaningful ithin

You guys had an unplanned wonderful experience. The wind is too strong and I really like it. For me, it is very hard to think about living inside a forest without the things I used to live in. 🤯

The wind is too strong and I really like it.

thawa tiken balloon ekak wage uda ynawa mawa

Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63914.63
ETH 2664.93
USDT 1.00
SBD 2.77