නවය වසරෙ කෙල්ල
මේ කතා කරන්න යන්නෙ තිස්සමහාරාමය ගැන කියල පලවෙනි photo එක දැක්ක ගමන් කෙනෙක්ට තේරෙනව. තිස්සමහාරාම දාගැබ ඉදිකරේ කාවන්තිස්ස රජතුමා. ඒ කාලයේ ඉඳලම රුහුණ සෞභාග්ය සම්පන්නයිනෙ. තාමත් තිස්ස පන්සල කිව්වොත් අපේ හිතේ මැවෙන්නෙ වෙල් යාය එක්ක පේන ඒ දාගැබ. ඉතින් අපේ සංචාරයේ එක නැවතුමක් වුණේ තිස්සමහාරාම රජමහ විහාරය.
මේ පන්සලට ඇතුල් වෙලා එක මොහොතකදී මගේ හිතේ රැව්දෙන්න ගත්තෙ කවි පෙළක්. මට අදටත් මොකද්දෝ හේතුවක් නිසා මතකයෙන් මේ කවි පේලිය තාමත් කියන්න පුළුවන් කමක් මට දැනුන. විශේෂය මේක මීට අවුරුදු 12 කට කලින් මමම ලියපු කවි පේලියක්.
ඒ කියන්නේ 2010 දි. මම හිටියෙ 9 වසරෙ. ඒකාලේ කොහේ හරි ගමනක් ගියොත් Mood ගහගෙනම තමයි. කිසි හේතුවක් නොතිබුනත් නිතරම අනිත් අයගෙන් වෙන් වෙලා තනියෙන් ඇවිදින සොභාවයක් ඒ කාලෙ මට තිබුණ. පස්සෙ කාලයත් එක්ක සමාජයට හුරුවෙද්දි මේ දේවල් ඔක්කොම යහපත් අතට හැරුන බවත් කියන්නම ඕන. දැන් නම් මම පුදුම සතුටකින් ජීවත්වෙන කෙනෙක්.
ආයෙත් කතාවට අවොත්, 2010/08/18 වෙනිදා පවුලෙ අයත් එක්ක මම මේ පන්සලට ආව. සුපුරුදු විදියට හරිම හුදකලා වුණ කෙනෙක් වගේ වෙහෙර වහන්සේ වටේ යද්දි හිතට පුදුමාකාර වෙනසක් දැනෙන මේ බුදුපිළිම වහන්සේ දකින්න ලැබුන. පහලින් මේ පෙන්නල තියන බුදුපිළිමය මගේ හිත සසල කරා. බැතිමතුන්ගේ අවධානයෙන් මිදුන, සුදු පාට ගලෙන් නිම කරපු, බෝ පැලයක් යට සමාධි ඉරියව්වෙන් වැඩ ඉන්න මේ බුදු රුව මොකද්දෝ හේතුවක් නිසා මගේ අවධානෙ ගත්ත. අදටත් මතකයි මට මල් ආසනය මත තිබුණ වියළිලා ගිය මල් එහාට කරලා අලුත් නෙලුම් මලක් පුජා කරපු හැටි.
මේ බුදුපිළිමය ඉස්සරහ මිනිත්තු කිහිපයක් වැදගෙන මම ගොඩක් දේවල් ප්රර්ථනා කරා. සාමාන්ය පෙළ සමත් වෙන්න, section first වෙන්න, සතුටෙන් ඉන්න ලැබෙන්න මේ වගේ කට පාඩම් වුණ ප්රාර්ථනා පෝලිමක් හිතින් කියාගෙන ගියා. කොච්චර වුණත් තව ඉන්නමයි හිත. ඒ අතරතුර පාවෙලා බිම වැටිල තිබුණ බෝකොලයක් අහුලාගෙන ළඟ තියා ගත්ත.
බුදුපිළිමය ඉස්සරහ සුදු නෙලුම් මලක් අතේ තියාගෙන වැඳගෙන ඉන්න මට කවි පෙළක් ඔලුවට ආව. ලොකු දෙයක් නෙවෙයි තමන් හරිම දුකෙන් ඉන්න ගොඩාක් ප්රශ්න තියන කෙනෙක් කියල මනෝ ලෝකය ඉන්න නවය වසරෙ කෙල්ලෙක්ට ඔළුවට එන බොළඳ කවියක්.
වෙල් තලය පිස හමන සුළඟ මැද වැඩ ඉන්න..
හරිත පත් සෙවණ යට පියා ඇස් අඩවන්ව..
ලොවුතුරා සුවය දෙන හිමිගෙ පා නමදින්න..
අවසරද හිමියනේ මගේ දුක පවසන්න..
ඉතින් මේ පැදි පෙලේ එහෙන් මෙහෙන් හිතෙන් ගලපගෙන පන්සල වැඳලා අපි යන්න ගියා. අපහු ගෙදර ආවට පස්සෙ ඒ මොහොතෙ අහුලගත්ත බෝ කොළය පොතක් ඇතුලෙ දාල එතනම හිතට ආව කවි පෙළ වැඩිදියුණු කරල ලියල දැම්ම.
ඉන් පස්සේ ජිවිතේ එක එක අවධි වල එක එක මනෝ භාවයන්ගෙන් මම මේ බුදු පිළිම වහන්සේ වැඳලා ඇති. ඒ හැම වාරයේම නවය වසරෙ කෙල්ලෙක් වගේ මෙතනට අඩිය තියපු මොහොතෙ දැනුන හැඟීමෙන් මගේ හිත පිරිල යනව. සමහර විට මොනම හෝ ආත්මීය බැඳීමක් තිබුන වෙන්නත් පුළුවන්. නමුත් එක දෙයක් නිසැකවම කියන්න පුළුවන්. 2010 ඉඳල,මේ පිළිමය ඉදිරිපිට හිටගත්ත හැම වාරයකම ඊට කලින් වාරයට වඩා වයසෙන් වගේම චර්යාත්මකවත් ගොඩක් පරිණත කාන්තාවක් විදියටයි මම හිටගත්තේ. එයිනුත් මේ වාරය මගේ හොඳම වාරය වෙන්න ඇති.
සමහර විට මේක කියවන ඔයාටත් කිසිම හේතුවක් නැතුව හිත නැවතුන මේ වගේ තැනක් ඇති. සමහර විට පෙර භවයක මෙතැන මම සැබවින්ම බුදුන්ට දුක කියන්න ඇති?
5% to SL-Charity
sasara puruddata wenna ethi... Kaleking dekapu lassanam post ekak...( Awanka sitin qwe harida....)
thanks. hitha kiyanneth puduma deyakne
Eththa...Hithata denena dewal godak durata hari...
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Nawaye wasare kellage hangim una eka hari lassanata hithata danena kaviyak. eka atule tiyenava e aathmiya bandime gabura.
ow eka thamai
excellent publication friend. very good story
thanks dear
එහෙම වැඳගෙන ඉන්න වෙලාවේ ගත්ත ෆොටෝ එක තවම මම ගාව තියෙනවා
🙊🙊🙊🙊🙊
kiyawaddi nam asa hithuna.anthima photo eka godak lassanay.professional ekak wage.
eka van eke yanagaman gaththeth. ethana hari lassanai. thissa wewa
හැබැයි ඒක මරු
Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Please consider to approve our witness 👇
Come and visit Italy Community
ඒ මතක තාමත් තාමත් තියාගෙන ඉන්න එක වටිනවා❤️
mata tikk honda mathakayak thinwa =)
ලස්සන මතක හැමදාම හිතේ තියෙනවා
eka nam hari
හරිම ආසාවෙන් කියවපු ලස්සන Article එකක්..