Happy Birthday to My Home Like Friend!
යාලුවෙක් කියන්නේ
ඇති තැනකදී බැන්නට
නැති තැනකදී රකින
බරසාර හැඟුමකට...!
නොපෙනෙනා හදවතක් ගැන
හොයා බලනා ඔත්තුකාරයෙකුට
හෙට දවස ගැන කියන
මන්තරකාරයෙකුට
මරදානෙ පරණ පොත් කඩයක්
වගේ සුවපහසු හැඟුමකට
උස්වැටකෙයියාවෙ අහස වගෙ
සුන්දරම කවියකට
කෝටියක් අකුණු මැද රකින
මුදු කොපර් හෙවණකට
වරුවක්ම කිය කියා හැඬිය හැකි
කුළුණුබර පපුවකට
වෙහෙසකර හවසකට
ගෝල්ෆේස් එකේ නෙස්කැෆේ උගුරකට
ඇළ ගාව බැම්ම උඩ
හිනා මල් අහුරකට
හරිගියත් වැරදුණත්
යතුර කවදත් මල් පෝච්චිය
යට තියන
ආදරේ බිත්ති ඇති
පොඩි කුරුලු ගෙදරකට..!
කවදත් පුංචි මගෙ යාලුවෝ සර්කල් එකේ හොඳම යාලුවගෙ තැන කවදත් උදුරගෙන හිටියෙ සහන්. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම අපි එක පන්තියේ හිටිය නිසයි, එයාගෙ අම්මා අපේ ගමේ මිඩ් වයිෆ් මිස් නිසයි අපේ ඇඳුනුම්කමට අවුරුදුම බර ගාණක්. කොහොම වුණත් මට සතුටුයි ඒ වගේ යාලුවෙක් මගෙ ජීවිතේ ඉන්න එක ගැන. අවංකවම මං ඒ ගැන හරිම ග්රේට්ෆුල්.
ඇවිදින්න යන්න, හවසට ගෝල් ෆේස් යන්න, ගෝල් ෆේස් එක දුර වැඩී වගේ පෙනුණොත් අල්ලපු වැටේ තියෙන ඇළ ගාවට ගිහින් කයියක් හරි දාන් ඉන්න හොඳ යාලුවෙක් ඉන්න එක කොච්චර නම් දෙයක්ද? සහන් කියන්නෙ හොඳ සවන්දෙන්නෙක්. මං වගෙ පිටට සන්සුන් ඇතුළ කලබල නොවෙන වර්ගයේ ඇතුළාන්තයෙන්ම සන්සුන් කලබල නැතිව තීරණ ගන්න හිනා වෙවී දවස ගෙවන මනුස්සයෙක්.
නොහිතන දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට, බලාපොරොත්තු කඩ වෙලා යනකොට සතුටු හිතෙන තැන් වල දි සමරන්නත්, හොඳම හොඳ යාලුවෙක් සහෝදරයෙක් වෙලා සහන් මං එක්ක අවුරුදු ගාණක් හිටියා. ඒ අවුරුදු ගාණටම අපි අතර අමනාපකම් මුකුත්ම ඇති නොවී ගලාගෙන ගිය එක ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා. ඒත් සමහර යාලුවෝ එහෙම තමයි. ඒගොල්ලො ගෙවල් වගේ. Introvert කෙනෙකුට ගෙදරක් වගේ යාලුවෙක් මුණ ගැහීමේ පුදුම හිතෙන සතුට මං මගෙ යාලුවගෙන් අත්දැකලා තියෙනවා.
මට විසි හත වෙන්න තව කල් තිබ්බට සහන්ට විසිහතක් වුණා මේ ළඟදි. ඔයාලා බලනවා ඇති ඇයි මං මෙහෙම එකක් ලිව්වෙ කියලත්. සුබ පතන්නයි ඕනෙ වුණේ. මෙහෙම එකක් post කරලම දැම්මම සතුට පොඩ්ඩක් වැඩීනෙ..!
සුව සුබ උපන්දිනයක්!💜️
happy B'day...Sahan. me gendagam polowe podi hari sathutak denawanm denna puluwn hoda yaluwekta witharai.
Matak wela tynne me paththe enna. Oage bday ekth smrn one neda api?😪
B'day samarannama onada...
ලස්සන වචන ටික....❤️
සුභ උපන්දිනයක ඔහුට 🥂
Thank u dr💜️
Ow apitath sathutui....