සදුදා හවසක්..(❁´◡`❁)

in Steem Sri Lanka2 years ago (edited)

මේ ලගදි දවසක අපිට මරු වැඩක් උනා.. කතාවට කලින් කතාවෙ පසුබිම කියන්නෝන නෙ....


image.png
Source

මේක උනේ දැන් සති කීපෙකට කලින් වගේ පාරවල් වල බස් හොයාගන්න අමාරු උන දවස්වල..ඉතින් සාමන්‍යෙන් අපි ඔක්කොම යාලුවො 10කට වැඩිය සදුදා ස්කෝලෙන් පස්සෙ හැමෝම එකට ක්ලාස් එකකට යනව. හැමොම හැමදාම ස්කෝලෙ එන්නෙ නැති උනාට එක දවසකට උපරිම 6ක් 7ක් සෙට් වෙනව ස්කෝලෙ ඉදන් ක්ලාස් එකට යන්න. එදා අසාමාන්‍ය විදිහට යාලුවො 10ක්ම ස්කෝලෙ ඇවිත් තිබ්බා. එදා කාලා බීලා බස් හෝල්ට් එකට යද්දිත් ටිකක් පරක්කුත් උනා.

වෙන්නප්පුවෙ තමා අපේ ස්කෝලෙ තියෙන්නෙ..ක්ලාස් තියෙන්නෙ දංකොටුවෙ. ඒ හින්ද අපි බස් දෙකක තමා ක්ලාස් එකට යන්නෝන. වෙන්නප්පුවෙ ඉදන් මීගමු බස් එකක ගිහින්, බස්නාහිරයි වයඹයි වෙන් වෙන තැනින් බැහැල, ආපහු කුරුණෑගල හෝ කුලියාපිටි බස් එකක යන්නෝන. හැමදාම ඔහොම තමා කරන්නෙ..

එදා අපි බලන් හිටියට 2.30ටවත් එක බස් එකක්වත් ආවෙ නෑ. ක්ලාස් එකට යන්නත් කොහොමත් පැයක් වත් යනව. ක්ලස් එක පටන් ගන්නෙ 3ට!..ඒ ක්ලාස් එකට යන්න පුලුවන් වෙන පාරකුත් තියනව කියල කලින් දවසක යාලුවෙක් කතා වෙවී හිටිය. එයා අපේ අම්මගෙනුත් යන විදිහ දවසක් අහගත්ත. ඒත් මං කවදාවත් ගිහින් තිබුනෙ නෑ ඒ පැත්ත පලාතකවත්.

image.png

කරන්නම දෙයක් නැති තැන පලවෙනි පාරට ඒ පැත්තෙන්වත් යමු කියල අපි කතා වෙලා වෙන්නප්පුව බස් ස්ටෑන්ට් එකෙන් සාමන්‍යෙන් යන පැත්තට නැතුව වෙන පැත්තකට යන බස් එකකට නැග්ගා. ඒකෙ ගියත් අපි බස් දෙකක යන්නොන. මං පලවෙනි පාරට ගිය හින්දද මංද මුලින්ම නැගපු බස් එක යනව යනව බහින තැන ලං වෙන පාටක් වත් නෑ. බහින තැනක් මම දන්නෙත් නෑනෙ..කුඹුරු, වතුර පාරවල් පහුකරන් තමා බස් එක ගියෙ. 3ටත් අපි ඒ බස් එකේ.

ඊට පස්සෙ තමා හොදම ටික. ඒ බස් එකෙන් බැහැල බස් හෝල්ට් එකකට ගියා ඊලග බස් එකට නගින්න. හොද වෙලාවට ඒ බස් හෝල්ට් එක වැඩි පිරිසකට හොදට ඉඩ ඇතුව බෑග් ඔක්කොමත් තියාගෙන ඉදගන්න පුලුවන් තරම් ලොකුයි. එහෙම කියන්න හේතුව ඊට පස්සෙ පැයකටත් වඩා අපි එතන තමා ගත කෙරුවෙ.

වෙනද පන්ති යන රූට් එකත් නෙමෙයි හින්ද අපි ගොඩක් අය පලවෙනි පාරට තමා ඒ පැත්තට ගියෙ. ආපහු ගෙදර යන්න දන්නෙත් නෑ අපි. ඔන්න මුලින්ම ගිය ගමන් කට්ටියම බස් එකක් එනකන් බලන් හිටියා. ටිකක් වෙලා යද්දි කට්ටිය බාගෙට නිදි එතන. එතන ඒ තරම් ඉඩ තිබ්බා. ටිකකින් බස් එකක් එනකන්ද ඉන්නෙ කියලත් අමතකයි අපිට. හැමෝම කියවනව හිනා වෙනව කෑගහනව වෙනම යුද්ධයයි. එක්කෙනෙක් දෙන්නෙක් පොත් අරන් පාඩම් කරනව කියල වල්පල් කියවනව.

image.png

පැත්තම හෙල්ලෙන්න සද්දෙ එතන. අපි 10ක් ඉන්නව කියන්නෙ ඉතින් කොහොමත් ඉවරයි. සින්දුවක් විතරයි අඩු උනේ. ප්‍රශ්නෙ ඔක්කොම අමතක කරල ෆොටෝ ගැහුවත් එක්ක. කාල ආපු නිසා අපහු කන්න බොන්න සල්ලි තිබ්බෙත් නෑ අපි ලග.. ඒත් ඉස්සරහ තිබ්බ කඩේකට ගිහින් ටොෆි ගත්තා කට්ටියටම..දැන් ටොෆියක ගනන්!!..

පැය භාගයක් විතර ගිහින් ආපහු මතක් උනා තාම බස් එකක් ආවෙ නෑනෙ කියල. ඊට පස්සෙ ඉතින් පාරෙ යන වාහනවලටත් අත දැම්ම .. ඇත්තටම යන්නත් නෙමෙයි ඒත් නිකන් ඉන්න බැරි කමට වාහනයක්වත් නවත්තයිද කියල බැලුවා..වාහනෙ ඈත එද්දි අත දාල ලගට එද්දි අපි අත දැම්මෙ නෑ වගේ අයින් වෙලා ඉන්න එක තමා කෙරුවෙ ඉතින් කවුරුත් නැවැත්තුවෙත් නෑ ..කට්ටියම ට්‍රිප් එකක් ගිහින් වගේ මරු ෆන් එකක් ගත්ත එදා නම්...

4ටත් ලං වේගෙන එද්දි අපිට තේරුන බස් එකක් එන පාටක් නෑ කියල 6ට කලින්. පන්තියත් 5.30ට ඉවරයි නෙ. ඊට පස්සෙ ලග පාත ඉන්න යාලුවන්ගෙ ගෙවල් වලට කතා කරා..බයෙන් තමා කෝල් කරේ බනි කියල..අපි පන්තිය කරන ටීචර්ටත් කෝල් කරල කිව්ව අපි තාම මග කියල බස් නැතුව. අපේ ස්කෝලෙම ටීචර් කෙනෙක් තමා පන්තිය කරන්නෙ. අපි හිතුවෙ හොදට අහගන්න වෙයි කියල, ඒත් කවුරුත් බැන්නෙ නෑ.

අවසානයේ බලන් ඉදල බැරිම තැන 4ත් පහු වෙලා යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් වාහනෙ එවන්නම් කිව්ව අපිව ක්ලාස් එකට දාන්න. විනාඩි 15කින් වගේ වාහනෙ ආවා. ඊටපස්සෙ 10 දෙනෙක්ට යන්න අමාරුයි ඒ කාර් එකේ.. ඒත් වෙන කරන්න දේකුත් නෑනෙ. කොහොමහරි හෙල්ලෙන්නවත් ඉඩ නෑ, කට්ටිය පැක් වෙලා ගියා ක්ලාස් එකට. ඒ ආපු අන්කල් එහෙමත් හරි හොදයි. අවසානෙ ක්ලාස් එකට ගියෙ 4.30ට වගේ.ඉතින් අපි 3ට තියන පන්තියට 4.30ට ගිහින් පැයක් ඉදල සතුටින් ආපහු ගෙදර ආව..එදා ඉදන් බස් නැති උනත් ඒ පාරෙන් නම් ගියේ නැ අපි

Sort:  
 2 years ago (edited)

ක්ලාස් යන්න බැරි උනාට වෙලාවට හොද fun එකක් අරන් කට්ටිය 😅

hahah presiddiye dannath ba thiyana photos😑😅

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග. ඒ නිසා නොදන්න පාරවල් වල යන්නේ නැතිව දන්නා පාරේ යන්න. හොඳ වෙලාවට කට්ටිය ගොඩක් හිටියේ.

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග. ඒ නිසා නොදන්න පාරවල් වල යන්නේ නැතිව දන්නා පාරේ යන්න. හොඳ වෙලාවට කට්ටිය ගොඩක් හිටියේ.

hee thaniyama hitiya nm kohomath yan na 😛

මං පලවෙනි පාරට ගිය හින්දද මංද මුලින්ම නැගපු බස් එක යනව යනව බහින තැන ලං වෙන පාටක් වත් නෑ.

ඒකනම් මටත් වෙලා තියෙනව. ආපහු ඒ පාරෙ යද්දි ඉක්මනට යන්න පුලුවන්.

eka samanyai neh..

දැන් ටොෆි හරි ගණන්ලු නේ, කාලෙකින් කෑවෙ නෑ

ou issr 100 t toffee 100i
dn toffee 20i😫😫

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 67271.13
ETH 3515.41
USDT 1.00
SBD 2.70