පන්සල සහ දන්සල 🙂

in Steem Sri Lanka2 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද ඉතින්.හැමෝම හොදින් ඇති කියල මම හිතනවා. එන්න එන්නම ගොඩක් අමාරුයි නේද ජීවත් වෙන්න.ඉතින් ඊයෙ දවසෙ පොසොන් පොහොයනෙ. අවුරුදු දෙකක් විතර අපි හැමෝටම කලින් වගේ වෙසක්,පොසොන් පොහොයවල් ගතකරන්න බැරි උනානෙ හරියට. ඉතින් ඔන්න මේපාර පොසොන් පොහොයනං කලින් වගේම තමා.නමුත් වියදම් නම් හොදටම වැඩියි එහෙම නේද.ඉතින් මමයි මගේ යාලුවයි හිතුව පෝය දවසෙ ටිකක් ඇවිදින්න. අපි කෝච්චියෙන් ඉස්සර වෙලාම දියතලාවට ගියා. ![PicsArt_06-14-09.28.25.jpg]()

PicsArt_06-15-09.10.31.jpg
ඊටපස්සෙ අපි ගියේ දියතලාව ගල්කන්ද විහාරයට. කන්දක් උඩ තියන අතිශය නිස්කලංක විහාරස්තානයක් ඒක. ඇත්තටම මම ඒ විහාරස්තානයට ගියේ අවුරුදු 10කින් විතර.ඉතින් අපි ඒ විහාරස්තානයට ගිහින් ආගමික වතාවත් ඉටු කරල ටික වෙලාවක් හිටිය. මාර විව් එකක් තියෙන්නෙ එතන.

PicsArt_06-14-09.14.20.jpg

PicsArt_06-14-09.16.54.jpg

PicsArt_06-14-09.18.08.jpg

PicsArt_06-14-09.20.06.jpg

ඉතින් ඊට පස්සෙ අපි දන්සල් වදින්න ගියා. අම්මෝ කාලෙකින් තමා පෝලිමක ඉදල අයිස්ක්‍රීම් එකක් එහෙම කෑවෙ. දන්සල් කියන්නෙ වෙනම ආකාරයක විනෝදයක් නෙ.
PicsArt_06-14-09.27.16.jpg

PicsArt_06-15-09.09.17.jpg
අපේ රටේ මිනිස්සු කොච්චර සුන්දරද? මෙච්චර ප්‍රශ්න තිබ්බත් තමන්ට තියන දේ බෙදාගන්නවනෙ. ලොකුම සල්ලිකාරයො නෙමේ මේ දන්සල් කරන්නෙ. සාමාන්‍ය මිනිස්සු ගොඩක් එකතු වෙලා පුලුවන් විදිහට කරන්නෙ. ඉතින් ඔයාලත් ඔයාලගෙ පොසොන් දවසෙ අත්දැකීම මාත් එක්ක බෙදාගන්න. පරිස්සමින් ඉන්න.
ස්තූතියි 🙏🏻

Sort:  

මෙච්චර ප්‍රශ්න තිබ්බත් තමන්ට තියන දේ බෙදාගන්නවනෙ.

Ekanam atta. dn tiyana prashnath ekka dansal denawa kiyanne attatama beda ganna kemathi minissu.

මෙහෙත් මයියොක්කා, කොස් දන්සැල් තිබ්බා.😁👍

me paththe lokuwatama ahu une na dansal. eka ice cream dansalak hambuna perahara balnn yaddi

ape paththeth bath dansal nm ekai thibbe

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.028
BTC 68431.46
ETH 2457.08
USDT 1.00
SBD 2.60