ක්‍රිකට් සහ අරගලය

in Steem Sri Lanka2 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද ඉතින්.හැමෝම පරිස්සමින් ඉන්නව කියල මම හිතනවා. තෙල් පෝලිම් වල ඉදල නං දැන් ගොඩක් එපා වෙලා තියෙන්නෙ. කොහොම නමුත් මම අද මට දැනෙන මට හිතෙන අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව. ලංකාවේ ඕනම කෙනෙක් දන්නව අපේ රටේ දූශිත පාලනය ගැන සහ ඔවුන් පන්නාදැමීමට සියලුදෙනා එකතු වී කරනු ලබන අරගලය ගැන. ඇත්තටම මුලදී තිබුනා වගේ ලොකූ ගැම්මක් නෑ වගේ තමා මේ අරගලයේ. මට හිතෙන්නෙ මිනිස්සුන්ට දැන් අරගලයට එන්නත් කලින් ජීවත් වෙන්න අරගල කරන්න වෙලා කියල. මොකද බඩුමිල ඉතාමත් ඉහලයි. මට හිතාගන්න බෑ දවසෙ කුලියක් කරල පවුලක් ජීවත් කරවන මිනිස්සු කොහොමද ඉන්නෙ කියල. හැබැයි එක දෙයක් පැහැදිලිව පේනව. මෙහෙම ඉදල ඉදල මේ වේදනාව කොහෙදි හරි පිටවෙනව.අන්න ඒ දවස වැඩි ඈතක නෙමේ කියලත් මට හිතෙනව.

p3.jpeg

දැන් කතා කරමු ක්‍රිකට් ගැන. ඇත්තටම අපිට සතුටු වෙන්න තියන එකම දේ මේ දවස් වල ක්‍රිකට් විතරයි. පෝලිම් වල ඉද්දි අපේ දුක නිමෙන්නෙ මේ මැච් එක නිසා. අපේ තරුන කොල්ලො ලෝක පූජිත ඕස්ට්‍රේලියානු කන්ඩායම වසර 30කට පස්සෙ අපේ මවුබිමේදි තරගාවලි ජයක් ලැබුවා. ඇත්තටම ඒක විශාල ජයග්‍රහණයක්. නමුත් මේ ක්‍රිකට් සහ දේශපාලන මත සම්බන්ධ වෙලා දැන් දැන් අමුතු ප්‍රශ්නයක් ගොඩ නැගිල නේද.ඇතැමුන් කියන්නෙ මේක ආන්ඩුව මිනිස්සු නොමග යවන්න කරපු ප්ලෑන් එකක් කියල.මම නං හිතන්නෑ බුද්ධිමත් ජනතාව මේක පිලිගන්න කැමතියි කියල. මොකද මේ මැච් ICC එකේ මැච් නෙ. අනික මේ රටේ තියන්න බැරිනම් ඔය මැච් ඩුබායි වලදි හරි තියනව. මට තේරෙන්නැ ඇයි මේ ක්‍රීඩාවක් අල්ලගෙන මිනිස්සු බෙදෙන්න යන්නෙ කියල.ඇයි අපි අපේ ශක්තිමත් අරගලය මේ වගේ දෙයක් නිසා දියාරු කරගන්නෙ. අපි හොදටම දන්න දෙයක් තමා ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ අරගලයට පැමිනියා. ඉතින් අපි ක්‍රීඩාවයි අරගලයයි පටලවාගන්නේ නැතුව ඉදිරියට යමු.

p2.jpeg

p1.jpeg

අවුරුදු ගනනාවක් ඉතාමත් සූක්ෂමව අපේ මුදල් හොරකම් කරපු මිනිස්සු එකපාරට ඒ සල්ලි දෙයි කියල හිතන්නේ කොහොමද ? මේ පාලකයින් ඉවත් කරන තුරු මේ රටේ කිසිම විදේශ විනිමය මෙරටට ගෙනෙන වැඩැක් සිදු නොවිය යුතුද? මොවුන් එලවන කාලය තෙක්ම මිනිසුන් බඩගින්නෙ ඉන්නෙ කොහොමද ? මට සිතෙන විදිහට අරගලය සමගම අපි රටක් වශයෙන් ගොඩනැගිය යුතුයි යන්නයි. පාලකයන් එලවලා පස්සෙම ඩොලර් හොයමු කියල හිටියොත් ඒක කවදාවත් වෙන්නැති වැඩක්.එහෙම නේද? ඔයාලගෙ අදහසුත් මට කියන්න. මේ මට හැගෙන දේයි. අපිට පුලුවන් නැගිටින්න. පොඩි පොඩි දේවල් වලට අරගලය දෙකඩ වෙන්න ඉඩ නොතබමු. ඔබට ජය !!!!!

Sort:  

මේ බණ්ඩාරවෙල නේද?

ඔව් bro. මෙහෙ තිබ්බ උද්ඝෝෂණයක පොටෝ එකක් දැම්මෙ 🤜🤛

මමත් බණ්ඩාරවෙල

අම්මෝ නියමයි නේ.🤜🤛 help එකක් දෙන්න bro අපිටත්

මාත් තාම අලුත් bro.

ඔබ හරි, අරගලය කරණ ගමන් ඩොලර් ලංකාවට ගෙනා යුතුයි. හැම දේම සර්ව අසුභවාදී ලෙස බලන්න හොද නැහැ. සුභාවාදිවත් බැලිය යුතුයි.

අනිවාර්යයෙන් ❤️🔥🤜🤛

I totally agree with you.

❤️🔥🤜🤛

Oya kiyapu de hari. Apith apata karanna puluwan de karanna ona.e wagema rata karanna bari bawa danagena palakayoth puluwan kenekta dila yannath ona.

අනිවාර්යයෙන් 🔥❤️🤜🤛

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 63207.78
ETH 3068.52
USDT 1.00
SBD 3.87