හුරතල් ගොඩක්
අද අපි ෆීල්ඩ් එකේ පොඩි රෙපයාර් එකකට පුත්තලම පැත්තට ගියා උදේම වෙනදා වගේම අපි එහෙ යද්දී උදේට කන්න තමා ලෑස්තිවුනේ මොනදේ කරන්නත් කලින් කාලා ඉන්න ඕනනේ. එතන තියෙන්වා දැල් කූඩුවක් මීමින්නෙක් වගේ එකෙක් මම දැක්කා වැඩිය ගනන් ගත්තේ නෑ කෑම ලොකුයීනේ ඔකොටම වඩා
පොඩ්ඩක් අමුතුවට කෑගහන සද්දේ ඇහිලා ගියා ඒ පැත්තට මීමින්නෙක් නෙමේ පොඩි මුව පැටියෙක් තමා හිටියේ. සාමාන්‍යයෙන් මුවා කියන්නෙ මිනිස්සුන්ට බය සතෙක්නේ ඒ වුනාට මු දැන් මම එතනට යද්දී කූඩුව ගාවටම ආවා.
එතකොට තමා මගේ යාලුවා මෙයාගැන විස්තරේ කිව්වේ. මෙයා ගේ අම්මව මරලලූ මෙයා කැලේ අතරමං වෙලා බඩගින්නත් එක්ක මෙයාට ඇවිදින්න වත් පණ තිබිලා නෑ තවම කිරි බොන නිසා කොල ජාති කන්නත් බෑ. මෙයාව මෙතනට ගෙන්නලා දීලා මොකද ගෙවල් වල මුවා ඇතිකරන්න බැරි නිසා. බලන්න මිනිස්සුන්ගේ නොමනා වැඩනිසා මේ සත්තු කොතරම් අසරණ වෙනවාද කියලා. කතා කරන්න බැරි මේවගේ සත්තූ කීදෙනෙක් මේ ලොකේ හාමතේ මැරිලා යන්ව ඇතිද
ඉතින් මෙයාව අපි අද හවස්වරුවේ පූර්ණාරක්ශාව යොදලා එලියය දැම්මා මොකද මෙහේ බල්ලෝ මදි නොකියන්න ඉන්න නිසා. පොඩ්ඩක් දැගලිල්ල වැඩී මෙයාට තාම කන්න බැරි නිසා පිටි කිරි තමා දෙන්නෙ ඒවා මෙයාලගේ කිරි වගේ නැති නිසා පොඩ්ඩක් මෙයාට ලූස් මෝශන් හැදිලා තියෙන්නෙ
මෙයාට අපි උදුපියලිය කවන්නත් පොඩි උත්සහයක් ගත්තත් හරිගියේ නෑ තාම කිරි තමා ඉලන්නේ. දැන් මෙයාව මෙයාගේ රැලට දාන්න බෑ මොකද මෙයාව පන්නනවා මිනිස් සුවද මෙයාගාවින් එන නිසා. මෙයා පිරිමිසතෙක් නිසා අං ආපුවාම අපිටත් අනීද දන්නෙ නෑ. කොහොම උනත් දැන් මෙයාව අපි ගාව හිටියට මෙයාව හැමදාම අපි ගාව තියාගන්න බෑ එයාට අයිති ගෙදර තමා කැලේ කවදාහරි කැලේට යන්නම වෙනවා ඉතින්. ආ මෙයාගේ නම කියන්න බැරිවුනාවේ මෙයාගේ නම චූටී
චූටී ලස්සන මුව පැටියෙක්.පව් අහිංසක සත්තු.සතෙකුට උනත් අම්මව කුඩා කාලයේදීම අහිමිවීම හරිම කණගාටුදායක දෙයකි