තවත් සහන ඉදිරියේදී !!!

in Steem Sri Lanka3 years ago (edited)

image.png
source


සුභ දවසක් සියලුමදෙනාට,

මම දේශපාලනය කියන විෂයට කැමති පුද්ගලයෙක් නොවුනත් දැන් රටේ වෙන දේවල් දිහා දකිද්දී පුදුම දුකක් සහ වේදනාවක් දැනෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියනවද කියන ප්‍රශ්නයේදී නිරුත්තරයි. රටින් දුරස් වෙලා හිටියත් ඉදහිට හරි අහන්න දකින්න ලැබෙන හැම ආරංචියක්ම වගේ මහා නපුරු හීන වගේ දැනෙන්නට පටන් අරන්.

කන්දක් මුදුනේ තිරිංග නැති වහනයකට අත් වෙන ඉරණම මොන වගේ වේවි ද ? මට හිතෙන අනාගත ලංකාවටත් දුෂ්කර කාලයක් ගෙවන්නට සිදු වේවි කියල හිතෙනවා. මොකද පෙනෙන මානයක විසදුමක් නැති පැටලුනු නූල් බෝලයක් වගේ අපේ රටේ ප්‍රශ්න දවසින් දවස වැඩි වෙනවා. දශක සතකට අධික කාලයක් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී තිරය පිටුපස රගන ලද නාට්‍ය අද කරලියට පැමිණ තිබේ.

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" අද මේ කියමන් 100% නිවැරදි බව ඔබටත් මටත් ඉතාමත් පැහැදිලි.නිෂ්පාදන වලට මුල්තැන දීම වෙනුවට ආනයනයට ප්‍රමුඛත්වයක් දීමේ ප්‍රතිපල අද අපි භුක්ති විදිමු. ඩොලර් අර්බුදය, ඩීසල් හිගය සහ වෙනත් සියල්ල මේවයේ අතුරු විපාක බව නොරහසක්. රට වටේම මුහුද තියන රටට ලුණු ගෙන්වන්නට තරම් අපේ පාලකයන් අදූරදර්ෂීය, ඉතිරිය සිතා බලන්න ඔබට භාරයි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රට වැනසූ සියල්ලෝ කති බොති ප්‍රීති වෙති, මහජනයා විවිධ නම් දරන පෝලිම් වල ඔවුන් ඡන්දයෙන් පත් කල පවට දුක්විදිති. අලි මදිවට හරක් කියා මේ අතර යුද්ධයක් ඇති වුවහොත් ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තු වියහැක.

මේ මොනදේ උනත් අපි තමයි හොදටම කරල තියෙන්නේ. පරිස්සමින් ඉන්න.

Sort:  

මාත් දේශපාලනයට කැමති නෑ. ඒත් හැමතිස්සෙම ඔලුවෙ වැඩ කරන්නෙ ඒක ගැන. ඒකත් සතුටක් ගේන්න නෙවෙයි. හැමතිස්සෙම තියෙන්නෙ දුකක්. දැන් මිනිස්සුන්ට ඔලුවෙ තියෙන්නෙ වෙනද තිබ්බ ප්‍රශ්න නෙවෙයි. අලුත්ම ප්‍රශ්න ටිකක්. ඒ ඔක්කොටම වග කියන්න ඕන මේ රටේ දේශපාලනය.

ඉවසිල්ලෙන් බලන් ඉමු වෙන කරන්න දෙයක් නෑ

ඇත්ත්ටම දෙවියො කියල ජාතියක් නෑ..ඉන්නවනං උන්ටවත් පේන් එපැයි.මේ කරන විනාසෙ.😫

අඩේ.. රූපේ විදියට තමයි අපිට දැන් වැඩ කරන්න තීන්නේ 🙂🙂

😉😁

ekanam aththa, lankawe dan thiyena prashna walata penena manayaka wisadum naha.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62066.10
ETH 2419.11
USDT 1.00
SBD 2.66