අලුත් මුහුණු | 5% to SL Charity

in Steem Sri Lanka2 years ago

මන් ඔයාලට කිව්වනේ මන් පහු ගිය ටිකේ අසනීපෙන් කියලා හිටියේ. ඉතින් මන් දවසෙම ඇදේ තමය් ඒ ටිකේ. අසනීප තත්වේ නැති වෙලා ගියා දවස් දෙකක් යද්දි. ඒත් ඇග සුපුරුදු රිද්මෙට එන්න තව සෑහෙන්න දවස් ගියා. ඉතින් සතියකට විතර පස්සෙ දැන් ආයෙම සුපුරුදු ජීවන රටාවට අනුගත වෙලා ඉන්නේ මේ. ඉතින් ඒ අසනීප එක්ක මගහැරුන කට්ටියක් බලන්න ගියා මන්.

20220307_090301.jpg

අපේ ගෙදර වත්තේ මේ ලගකදි අපි එලවලු වර්ග කිහිපයක්ම ගෙනත් හිටෙව්වා. මේ පැති වල ඉතා හොදින් වැවෙන බන්ඩක්කා, වම්බොටු, මෑ කරල්, මිරිස්, මාලු මිරිස් වගේ එලවලු වගේම මෙහේ ගෙවතු වල වැඩිය වවනවා දකින්න නැති රාබු, ගෝවා, බීට්, සලාද වගේ ජාතිත් අපි වැව්වා. ඇත්තටම ඒ සමහර වර්ග වැව්වේ අපේ ආසාවට. ඒ කියන්නෙ මෙහේ වැවෙන එක ශුවර් නැති උනත් එකක් හරි වැවුනොත් ආසය්නේ කියන බලාපොරොත්තුවෙන්. ඒත් අපි නොහිතපු විදියට ඒව හොදින් පැල උනා. ඒව පල දැරුවත් නැතත් ඒ සතුට ඇති.

ඉතින් මන් ගියා තාත්තා අලුතින්ම ගෙනත් ඉන්දපු යාලුවන්ගේ සුව දුක් බලන්න වගේම කලින් ඉදපු යාලුවෝ ලොකු වෙලාද බලන්න. අලුතින්ම වගාවට එකතු උනේ අතු ගෝවා පැල තුනක්. අම්මා හදපු අතු ගෝවා මැල්ලුම හිතට අල්ලපු නිසා වගේම තාත්තා එලවලු කඩේට ගියාම ආස හිතිලය් ඒවා ගෙනල්ල තිබුනේ. ඉතින් පස් පුරවපු උර තුනක් ඒ තුන් දෙනාට වෙන් උනා.

20220307_085921.jpg

ඔය මොන පැල තිබුනත් මන් කවදත් ආසාවෙන්ම ඉස්සෙල්ලා යන්නේ සලාද වගාව බලන්න. ඒවා කලින් තිබුනාට වඩා ලොකු වෙලා තිබුනා. ඒ වගාව දකිද්දි මට මාරම සතුටක් එන්නේ. මන් අසනීපෙන් ඉද්දී සලාද වගාවේ කොටසක මුල් ලගට පස් ලන් කරා. ඉතුරු ටික කරන්න ඇගට මහන්සියක් දැනුන නිසා ඒක කරේ නෑ. ඉතින් මන් දැන් යද්දි ඒ පස් ලන් කරපු ගස් ටික අනික්වාට වඩා ලොකු වෙලා ලස්සනට තියේද්දි එයාලටත් හොදින් වැඩෙන්න අප්ට වගේම ආදරේ ඕන කියන එක මට හොදින්ම දැනුනා.

20220307_090220.jpg

මගේ ගොටුකොල පාත්තිය නම් තවම මුල් අදියරේ තියෙන්නේ. ඒත් මන් ඉන්දපුවා පොලවට මුල් ඇදලා කියලා තේරුනා එයාලා ප්‍රබෝදමත්ව ඉදපු විදියට.

20220307_090407.jpg

කලින් දවසක බලද්දි සතෙක් කැකිරි පැලේ මැදින්ම කඩලා ගිහින් තිබුනා. ඒ ඒක ගෙනාව කාලෙමය්. ඉතින් හිතුනේ ඒක මැරේවි කියලා. ඒත් දැන් බලද්දි ඒක අලුතින් ලියලලා දකිද්දි ගොඩක් සතුටුයි.

20220307_090522.jpg

මේ වගේ ඔක්කොම පැල ලගට ගියාට පස්සේ මන් ගෙදරට ආවා. එයාල වැඩෙනවා දකිද්දි මාරම සතුටක් හිතට එනවා. මේ පැල ටිකට තව වර්ග එකතු කරන්න හිතන් ඉන්නෙ ඉස්සරහට මන්. බලමුකෝ කොහොම වේවිද කියලා.

Sort:  

අර උඩින්ම තියෙන කහ මල බණ්ඩක්කා මල නේද. ඒක ලස්සනයි😍

මහන්සි වෙලා වවපු දේවල් මේ විදියට ලස්සනට ඉන්නකොට හිත පිරෙනවා.

ow bankadda akke. e male amuthuma lassana thiyenne.

ow akke loku wenawa dakiddi harima sathutui mata

වැටකොලු එහෙමත් හොදට හැදෙනව..ඉන්දල බලන්න

indala thiyenne. thawama chooti ewa

tika kalekin aswanna balanna puluwn ehenm neh?

puluwan puluwan 😊

වගා කරපු පැල හොඳට වැඩිලා තියෙනවා දකිනකොට ඇත්තටම හරිම සතුටුයි. ඒවා ඵල දරල තියෙනවා දකිනකොට ඊටත් වඩා සතුටුයි. 😍

ඔව්. මේවාත් තව කාලයක් යද්දි පල දරාවි. කිහිපයකම දැනටම පල ඇවිල්ලා තියෙන්නේ.

බණ්ඩක්කා ගස් වල කරලුත් ඇවිල්ල නේ.. 🤞🤞

oo chooti karal ena jathiyak habai thinne

Bandakka nam godak lesiyen hadenwa neda.

owow. me pathi wala lesiyenma wawila karal enawa

Coin Marketplace

STEEM 0.20
TRX 0.14
JST 0.029
BTC 67403.09
ETH 3246.95
USDT 1.00
SBD 2.65