කෙසෙල් කොලේ බත් | 5% to SL Charity

in Steem Sri Lanka2 years ago

ගෙදර එද්දි ඇකිලිලා එන බෑග් එක ගෙදරින් එද්දි එන්නෙ බෝලයක් වගේ පිම්බිලා. ඒ වගේම ඒක ඇතුලට යන්න ඉඩ මදි උන අනිත් දේවල් ටික තවත් බෑග් පුරවලා අත් වල එල්ලිලා. ඉතින් මේ බෑග් පුරවන්න ලොකුම හේතුවක් වෙන එක්කෙනක් ගැන තමය් දැන් මේ කියන්න යන්නේ. ඒ තමය් අම්ම දෙන බත් එක. එකක් කිව්වට ගොඩක් වෙලාවට බත් එකකට වැඩී. ඒව ලොකුම ලොකු බත්. ඒ ගෙවල් වල යන්න් උනේ නැති යාලුවන්ටත් එක්ක.

අම්මා මේ පාර බත් එක බැදලා උන්නෙ කෙසෙල් කොලේක. මන් ආසම පරිප්පුත් එක්ක සෝයාමීට්, බිත්තර තම්බලා, අබරැල්ලා වගේම අම්මා මට හදලා බෝතලයක් පුරවලා දුන්න කල්තියාගන්න පුලුවන් බැදුමත් එක්ක මන් කැමති විදියට ඇට වෙන් වෙන්න උයපු බත් මේ පාර බත් එකේ තිබුනා.

20220327_111006.jpg

කෙසෙල් කොලේ බත් බදිද්දි කරන්නෙ මුලින්ම කෙසෙල් කොලයක් කපන් ඇවිල්ලා ඒක හෝදලා දැල්ලකට අල්ලනවා. සැරෙන් සැරේ දැල්ලෙන් ඉවතටත් දැල්ල ලගටත් අල්ල අල්ලා මේක කරන්නේ. සාමාන්‍යෙන් ඒම කරද්දි කෙසෙල් කොලේ වෙනම කොල පාටක් වෙනවා දුබුරු පාටට හුරු කොල පාට. එදා මන් ගෙනාව කෙසෙල් කොලේ නම් ලපටි නිසා ගොඩක්ම දුබුරට හුරු කොල පාටට හැරුනේ නෑ. මෙහෙම කරන එකෙන් කෙසෙල් කොලේ ඉරෙන එක නවතිනවා. නැත්තන් කෙසෙල් කොලේ ලේසියෙන්ම ඉරිලා යන කොලයක්නේ.

20220327_103248.jpg

මන් අම්මගෙන් ඇහුව කෙසෙල් කොලේ කෑම බදින්නේ ආය් කියලා. අම්මා කිව්වේ ලන්ච් ශීට් එකක බදිනවාට වඩා ගොඩාක් කෑම බදින්න පුලුවන් නිසාත්, කෙසෙල් කොලේ බැන්දාම කෑම සුවද නිසාත් වගේම නරක් වෙන ගතිය අඩු නිසාත් මෙහෙම කරන්නේ කියලා අම්මා කිව්වේ.

කෙසෙල් කොලේ බැන්දාත් නිකන් විදියට බැන්දාත් අම්මගේ කෑම මගේ යාලුවො අතර හරි ජනප්‍රියය්. විශේශෙන් මේ පාර අබරැල්ලා වලට හැමෝම ආස උනා. අම්මා බත් එකටත් බැද්ද්ලා වෙනමත් අබරැල්ලා ටිකක් දාල දුන්නා. ඒවා දවසක් දෙකක් වගේ තියන් කන්න පුලුවන් නිසා. ආයෙත් ඒක හදන් එන්න කියලා ඉල්ලීම් ලැබුනා යාලුවන්ගෙන්.

20220327_165907.jpg

ඉතින් දැන් සාමාන්‍ය කැම්පස් ජීවිතේ ගොඩක් දුරට ලැබිලා තියෙන්නේ. ඒ ගැන කොච්චර සතුටුය්ද කියලා කියන්න වචන නෑ. ඒ ජීවිතේම කොටසක් වෙලා අම්මා ඉරිදාට හදලා දෙන රහ බත් එක වගේම මෙහේ ගෙනල්ල කන්න හදලා දෙන කල්තියාගන්න පුලුවන් කෑම ජාති.

Sort:  

මටත් මතක් වෙනවා අම්මා සදුදා උදේට කෙසෙල් කොලේ ඔතලා දෙන බත් එක 🥺

Ekath ammalage adarema kotasak😊

eka dakkama mageth katata kela inua. oops

Mehe enna kanna😊

මේක දැක්කම මතක් උනේ කොලේජ් යන කාලෙ. ඒ බත් එකේ රස කියන්න වචන නෑ ඉතින්❤️

ඔව් ඔව් හරිම රහය්😊🥰

ඒ කෑම එකේ ලස්සන. මාස ගාණකින් කාලා නෑ එහෙම එකක්. අර වගේ බෝතලයක් මාත් අරන් එනවා ගෙදර ඉඳන් එනකොට

ඒ බෝතලේ නම් සෑහෙන්න වටිනවා😂😂 සතිය ගෙවාගන්නේ එකෙන්

ඒ බෝතලේ නම් සෑහෙන්න වටිනවා. සතිය ගෙවාගන්නේ ඒකෙන්😂

Campus kale matath ohoma kema ekak labuna e kale. Dn ewa na. Habai mn adath kesel kole kewe. Dun thel bath kiyala ekak. Rahai habai.

Wena ratakin colaba ratata aran awa kama ekak wenna ona

Kesel kolen ekathu wena rasath bath ekata ekathu wenwa.

Anna hari. Ethakota thawa rahai

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62102.06
ETH 2415.08
USDT 1.00
SBD 2.49