බබා තොටිල්ලේ ජාතිය වලපල්ලේ

in Steem Sri Lanka2 years ago

GettyImages-1241800015.jpg

source
හැමෝම පරිස්ස්මෙන් ඇති කියල හිතනවා. අද ලියන්නෙ යන්නෙ අපි දැන් ඉන්න තත්ත්වෙ ගැන.ලෝකෙ උතුම් රට ලංකඅවයි කිය කිය්, තව අවුරුදු 2500 ක ඉතිහාසය ගැන මහලොකුවට කියෙව්වට ඔබත් මමත් දැන් ඉන්නෙ හරියට වේල් තුන කන්න හොයාගන්න අමාරු රටක.මිනිස්සු වේල් තුනක් නෙවෙයි දවසට වේල් දෙකක් කාල හරි ජීවත් වෙන්න පට්ට කට්ටක් කන රටක. මේ තත්වෙට පාලකයොම විතරක් නෙවෙයි උන්ව එතනට යවපු අපිත් වගකියන්න ඕන. නූපන් දරුවන් පවා ණයකාරයො කරල තියෙන රටක , හොදට ඉගෙනගෙන හොද රස්සාවකුත් හොයාගත්තත් ඒත් සතුටින් කැමති දේ කරන්න බැරි රටක ඉන්නෙ නැතුව මිනිස්සු රට දාල යද්දි ඔවුන්ට දේශප්‍රේමී කම ගැන කියල මොකක් බලාපොරොත්තු වෙන්නද?? මොකෝ නොකා නොබී මැරිල යන්නද?වතුර , ගස්කොල හැම ස්වභාවික සම්පතක්ම වගේ අඩුවක් නැතුව තියෙන රටක්, හොද දේශගුණයක් තියෙන රටක් ටිකෙන් ටික විනශ කරල දැන් දුප්පත් පොහොසත් භේදයක් නැතුව අපහසුතාවෙට මුහුණ දෙන තත්වෙකට පත්වෙලා ඉවරයි.ඉතින් මේ ක ගැන ලියන්න හිතුනෙ දැක්ක ලස්සන කවි ටිකක් අහන්න ලැබුනට පස්සෙ. පසිදු ලේකම්ගේ රචිත "බබා තොටිල්ලේ ජාතිය වලපල්ලේ" තමයි කවියෙ නම. එස්. එම් මහින්ද හිමියන් රචිත ජාතික තොටිල්ලේ කවි ඇසුරෙන් නිර්මාණය වෙච්ච කවි ටිකක් මේක. ඒත් ජාතික තොටිල්ලේ කවි වලට හාත්පසින් වෙනස් වර්තමාන සැබෑ තත්වය ගැන කියැවුනු කවිටිකක් තමයි මේකෙ තියෙන්නෙ. ඉතින් කවි ටිකත් මේ එක්කම දැම්මනන් හොදයි කියල හිතුව.

27lanka.jpg
source

බ්ලූ මැන්ඩක් සිබිමින්නේ
කොලොම්බු ෆ්ලැට් පෙදෙසින්නේ
කුනු හුලගයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ

ණය බර මහ මුහුදක් වේ
එහි ඇපයක් ඔබ රට වේ
ඒ බර් සිහිකොට මෙලොවේ
වෙන රටකට යා යුතුවේ

කටුවාපිටි දෙව් පියසේ
පිපිරී ගොස් මල මොහොතේ
සුන්දර සුරබුන්ගෙ අතේ
නැලවෙන බව සිතනු පුතේ

ජාතිය හිස් කොලයක් වේ
ආගම ගිනි පුපුරක් වේ
එය අවුලන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුබවේ

සිනිදු මොලොක් බව ගලෙහී
පිරිසිදු බව කුණු ගොඩෙහී
එක්වී මා පුතුගෙ ලෙහී
අරක් ගනී සැම දිනෙහී

තවත් නිදාගනින් බබා
වෙනත් වැඩක් නැතේ බබා
උනුත් මෙහෙන් ගියා බබා
අපිත් මෙහෙන් යමුකො බබා


මේ කවි ටිකේ මගේ හිතට ගොඩක් වැදුනු කෑල්ල තමයි " ජාතිය හිස් කොලයක් වේ, ආගම ගිනි පුපුරක් වේ " කියන කොටස . ඉතින් මං මීට වඩා දෙයක් ලියන්නෙ නෑ. මොකද කවි ටික හරි සරලයි , ඒ උනාට අර්ථය අපිට අවුරුදු 74ක් තිස්සෙ තේරුම් ගන්න බැරි තරම් ගැබුරුයි......

Sort:  

ජාතිය හිස් කොලයක් වේ
ආගම ගිනි පුපුරක් වේ
එය අවුලන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුබවේ

හරියටම හරි ඒ කතාව!

ඒක තමයි 🙂

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58363.73
ETH 2484.43
USDT 1.00
SBD 2.39