Field Visit to Jaffna - Day 01
ඉතින් මං කලින් කිව්වා වගේම මේ දවස් කියන්නේ හරිම කාර්යබහුල දවස්.ඉතින් field visit , reports,Viva, Assignments වලින් පිරුණු කාලයක් තමයි මේ ගෙවෙන්නේ.ඒ හින්දම ගෙදරත් ටිකෙන් ටික දුරස් වෙනවා.මොකද ගෙදර යන්න වෙලාවක් තියා නිදහසේ බෝඩිමට වෙලා හරියට නිදාගන්නවත් වෙලාවක් මේ දවස් ටික නැති නිසා.කොහොමහරි සතියක් දෙකක් Report වලට submit කරන්න කාලය දුන්නත් අපි පටන් ගන්නේ submit කරන්න තියෙන දවසට කලින් දවසෙ නිසා කරගන්න තවත් ලේසියි.ඉතින් කට්ටිය නිදි මරාගෙන එදාට වැඩ.කොහොමහරි ඒ විදියට තමයි මේ කාලේ ගත වෙන්නේ.සෑහෙන්න කට්ටක් උනත් හිතේ කොනක ලොකු දුකකුත් තියෙනවා මේ යන්නෙ මේකෙ ගෙවන අන්තිම කාලේ නිසා.ඉතින් මං ලියන්න යන්නෙ මේ ගැන නෙවෙයි මම මේ ගැන පස්සෙ ලියන්නම්.අද ලියන්න යන්නේ අපි ගියපු field visit එකක් ගැන.ඉතින් මේක field visit එකක් කියලම කිව්වට පොඩ්ඩක් trip එකකුත් වගේ.ඉතින් මේක දවස් තුනක field visit එකක්.
පාන්දර 3.30ට තමයි බස් එක පිටත් වෙන්න නියමිත වෙලා තිබුණේ.ඒත් ඉතින් හැමදාම වගේම මේකෙත් බස් එක පිටත් වෙනකොට 4.30 වුණා.කොහොමත් රෑ දෙකට තුනට නිදාගන්න නිසා රෑ නිදාගන්නේ නැතුවම ඉන්න මම තීරණය කළේ බස් එකෙ යන ගමන් පොඩි ඇලට් එකක් දාගන්න පුලුවන් කියල හිතුණ නිසා.ඉතිං ඒ විදිහට පිටත් වුණ බස් එකේ පැය භාගයක් පැයක් විතර නිදාගන්න පුලුවන් උනත් කට්ටිය සින්දු කියන්න පටන් ගත්ත නිසා නින්ද පැත්තකින් දාලා මාත් ඒකට එකතු උනා.සෑහෙන්න බඩගින්නකින් හිටපු නිසා උදේ අට විතර වෙද්දි කෑම සූදානම් කරපු තැනට ගිහිල්ලා උදේ කෑම අරගත්ත අපි මුලින්ම ගියේ Solar power plant එකට.යන මඟදිම දවල් කෑම ගත්ත අපි ආයිත් නැවතුනේ යාපනයටම ගිහිල්ල රෑ නවාතැන් ගත්ත ස්තානය ලගයි.ඉතිං අපිට රෑ කෑම ගන්න සූදානම් කරලා තිබුනෙ වෙනත් ආපනශාලාවකින් නිසා ගමන් මහන්සිය නිවාගන්න නාගෙන ආයිත් ගියේ යාපනයේ RIO ඒකෙන් අයිස් ක්රීම් කන්නත් හිතාගෙන.යාපනය ඇවිල්ලත් ඒකෙන් අයිස්ක්රීම් නැත්නම් වැඩක් නෑ.ඉතිං RIO ඒකටත් ගිහිල්ලා එයා අසාවත් ඉෂ්ට කරගෙන නැවතත් නවාතැන් ගන්න තැනට ආපු අපි එදා දවස නිමා කලේ රෑ එකත් පහුවෙලා නින්දට යමින්.ඉතින් ඊළඟ article එකෙන් දෙවෙනි දවස සහ තුන්වෙනි දවස ගැන ලියන්න හිතුනා මේක ටිකක් දිග වුනු නිසා.එහෙනම් ඊළඟ එකෙන් හමුවෙමු.😊
TEAM 5