Cricket Carnival
ඉතින් පොඩි කාලේ ඉඳන් තව වෙනතුරුත් ඒ වගේම ඉස්සරහටත් වෙනස් වෙන්නැති, වගේම වෙනස් කරන්නත් බැරි දේවල් වලින් එක දෙයක් තමයි ක්‍රිකට් වලට තියෙන ආසාව.උනන්දුව, කැපවීම සහ ආසාව කියන තුළම අඩුවක් නැතුව තිබිලත් අවාසනාවට අධ්‍යාපනය නිසා මගෙන් අතහැර දමන්න වුනු ජීවිතයේ ලොකුම කැප කිරීමක් තමයි ක්‍රිකට් කියලා කියන්නේත්.අද වෙනකොටත් අහන්න ආසන්න වචන කීපයක් තමයි, මචං මැච් එකක් ගහමුද, අද සෙල්ලං කරනව එනවද?? කියන ඒව. ඒත් දැන් ඒ කාලේ වගේ නැහැ.ගොඩක් පිට්ටනි පාළුවට ගිහිල්ලා.ඒකයි අපිත් එක්ක හවසට සෙල්ලම් කරපු කොල්ලෝ ,යාලුවෝ මේ ජීවන රටාවත් එක්ක අතිශය කාර්යබහුල වෙලා.ඒ වගේම මේ කාලේ පොඩි ළමයි computer games වලට පුරුදු වෙලා තියෙන නිසා ගමක හවසට ක්‍රිකට් සෙල්ලම් කරන තැනක් හොයාගන්නත් මාර අමාරුයි.ඉතින් මේ වගේ කාලෙක තමයි Academic ඉවර වෙන්න පොඩි කාලයක් තියාගෙන Cricket carnival එකක් පවත්වන්න කටයුතු සූදානම් කළේ.ඒ අනුව cricket carnival එක 2020 සහ 2023 ශිෂ්‍ය කණ්ඩායම් එකමුතුවෙන් සංවිධානය කළ අතර ඊට 2007, 2009, 2018 , 2017 වගේ ශිශ්ය කණ්ඩායම්ද සහභාගී වුනා.
ඉතින් එහෙම ආරම්භ වුනු මේ tournament එකට බෝඩිමේ හතර දෙනා සහ අපේ බැච් එකේම තවත් කොල්ලෝ හතර දෙනෙක් අරගෙන ටීම් එකක් දැම්මෙ කාලෙකින් සෙල්ලම් කරෙත් නැති නිසා විනෝදෙටත් එක්ක.ඉතින් කණ්ඩායම් 38ක් එකතුවුනු තරගාවලිය තරගයෙන් තරගය අතිශය උද්වේගකාරි තරග බවට පත්වුණා.ඉතින් මුලින් ක්‍රීඩාකල තරඟ වලදි කාලෙකින් සෙල්ලම් කරපු නිසා කට්ටියගෙන් පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වුණත්, ඊළඟ තරග වලදී තරගකාරී බවත් , කණ්ඩායම් හැඟීම් සහ දක්ශතාවත් මත එකින් එක තරග ජයගෙන අවසන් පූර්ව වටයට එන්නත් අපිට පුලුවන් වුනේ කණ්ඩායමේ අට දෙනාගේ සතුට දෙගුණ තෙගුණ කරමින්.2009 ශිෂ්‍ය කණ්ඩායමත් සමග පැවති අවසන් පූර්ව තරඟයෙන් ලබාගත් ජයග්‍රහණයත් සමග කණ්ඩායම් 38ගෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටද අපි හැකියාව ලැබුණා.ඒත් අවසන් තරඟයේදී 2018 ශිෂ්‍ය කණ්ඩායම හමුවේ පරාජයට පත් වුවත් අනුශූරතාවයක පහස ලැබීමට 20 ශිෂ්‍ය කණ්ඩායමට වගේම අපි අට දෙනාට අවස්ථාව ලැබුණේ ජීවිතයේ සතුටුම දවස්වලින් එකක් බවට ඒ දවසද පත්කරමින්.
Good to see your love for cricket is still alive!
This post has been upvoted/supported by Team 7 via @philhughes. Our team supports content that adds to the community.
"ශබ්ද නගමු! 🎉👏 What a thrilling season it's been for our team, filled with ups and downs, but ultimately leading to an unforgettable finale! 😍 The 2009 cadets' squad, with whom we shared the final pre-match game, has left us beaming with pride. Their triumph, coupled with our own team's spirited performances, has brought us to the grand final of the championship - a feat that required unwavering dedication and teamwork from each and every one of our members! 💪 The joy is tripled when we think about how this achievement has not only been possible for our team but also for the entire community. And now, as we look forward to the 2018 cadets' squad's match, we're reminded that even in defeat lies an opportunity for growth and improvement. Let's keep pushing the boundaries of what's possible and make our voices heard! 🗣️ So, let's get ready to cheer on our team once again and celebrate the victories, no matter how big or small they may seem! 🎊 And remember, your vote matters! 🤝 Please go to https://steemitwallet.com/~witnesses and cast your vote for 'xpilar.witness' - it'll be a testament to our commitment to this amazing community. Let's make it happen, Steemians! 💖"
මෙම සටහන අද Steemit ක්‍රීඩා වාර්තාවේ (පහත සබැඳිය) විශේෂාංග කර ඇත...අපගේ ප්‍රජාව තුළ පළ කිරීමට සහ අපගේ තරඟවලට සහභාගී වීමට ඔබට ආරාධනා!
Steemit ක්‍රීඩා වාර්තාව: (සැප්තැම්බර් 12 , 2024) | ක්‍රීඩා ලෝකය