ජීවිතේ වෙනස් කරන්නෙ සල්ලිම විතරක් නෙවෙයි

in Steem Sri Lanka2 years ago

IMG_20221012_175210.jpg

source
හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. මේ දවස් ටිකක් වෙහෙසකර වැඩියි. Academic පටන්ගත්තම ඉවර කරන්න ඉතුරු කරන් හිටපු Assignments , Practical දැන් එකදිගට කරන්න පටන්ගෙන. ඒකාලෙ ඒව කල් යද්දි සතුටු හිතුනට දැන් තමයි අද්‍යාත්මික සතුට දැනෙන්නෙ. වැඩ එකදිගට හිරවුනාම නිදහසේ කිසිම දෙයක් කරගන්න හිතෙන්නෙ නෑ. ගෙදරට කතාකරන්න වුනේ නැති දවසුත් මේ අතරම තියෙනව.මහමෙරක් වැඩ එක්ක බෝඩිමට ආවම ටිකක් හරි නිදහසක් දැනෙන්නෙ ඉන්න කොල්ලො ටික එක්ක තියෙන හිනා සාගරේ හින්ද. අද ලියන්න යන්නෙ ඒව ගැන නෙවෙයි. අපේ ජීවිතේ සමහර සුලු දේවල් අපි නොසලකා හැරියට සමහර වෙලාවට ඒව අපේ ජීවිතේ සම්පුර්නයෙන් වෙනස් කරන්න පුලුවන්. පොඩි කතාවක් තියෙනව මේකට සම්බන්ද වෙන. මේ කතාව මං ඇහුවෙත් අහම්බෙන්.මේ කතාව ගොඩක් අය අහල ඇති කමක් නෑ අහපු නැති අයට දැනගන්නත් එක්කම මේකට දාන්නම්.

මේක පිටරටක වුන සිද්ධියක්. එක කර්මාන්ත ශාලාවක රැකියාව කරන පුද්ගලයෙක් දිනපතා උදේ ආයතනයට ගොඩවෙද්දි එතන මුර සේවය කරන පුද්ගලයට සුබ උදෑසනක් කියලත් නැවත රාජකාරි අවසන් වෙලා යද්දිත් සුභ රාත්‍රියක් කියලත් අමතල යන්න පුරුදු වෙලා හිටිය. මෙතන රාජකාරි කරන විශාල පිරිසක් හිටිය.රාජකාරි කරන්න තිබ්බෙත් විශාල ශීතකාමර වල ඒවටම ආවේනික වූ ඇදුම් වලින් සැරසිලා ඉතින් වෙනද වගේ මේ කතාවෙ කතා නායකයා වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදද්දි තමයි මතක් වුනේ තමන් වැඩකරපු තැන ඕන දේවල් කීපයක් දාල ඇවිල්ල කියල. ඉතින් ඉක්මනට ඒ දේවල් අරන් එන්න පුලුවන් නිසා වැඩකරපු කාමරයට ගොඩ වුනෙත් සීතලට ඔරොත්තු දෙන ඇදුම් ඇදගන්නෙත් නැතුව . නමුත් අවසනවාවකට ඔහු කාමරේ ඉන්න බව දන්නෙ නැතුව පිටතින් කාමරය ලොක් කර ඇති බව දැනගද්දි ඔහු පරක්කු වැඩියි. කොච්චර හයියෙන් කෑගැහුවත් ඇහෙන්නැති බව දන්න ඔහු ටිකෙන් ටික හීතල වැඩිවෙලා අමාරුව වැඩි වෙද්දි වේදනාවටම ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර දැමුව. නමුත් උදේ ලැබුනු සුබ ආමන්ත්‍රණය හවස නොලැබුනු බව මතක් වුනු මුර සේවකයට පොඩි සැකයක් මතුවුනේ මේ වෙලාවෙදියි.කොතරම් පිරිසක් වැඩ කරත් ඔහුට එසේ ආමන්ත්‍රණය කරේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් නිසා එය ඔහුට හොදින් මතක තිබුනා. ඉතින් ඒ සැකය නිසාම නැවත කාමර සෝදිසි කරන්න ඔහුට හිතුනේ අර පුද්ගලයාගේ ජීවිතයට වාසනාව ගෙන දෙමින්. ඉතින් සුලුම සුලු Good morning, Good Bye එකකට පුලුවන් වුනා ජීවිතයක් බේරගන්න.මේ කතාව නිකන් මේකට විතරක් පටු කල හැකි එකක් නෙවෙයි. අපි ගොඩක් සුලු දේවල් වැඩිය හිතන්නෙ නැතුවම අමතක කරනව නැත්නම් අත ඇරල දානව. නමුත් අපි දන්නෙ නෑ ඒක වෙලාවක අපිට කොතරම් අත්‍යවශ්‍ය වෙයිද් කියල. ඉතින් ඔබ කරන සෑම සුලු දෙයකම වටිනාකම ලැබෙන්න පරක්කු වෙන්න පුලුවන් නමුත් පරක්කු වෙලා හරි ලැබෙන බවටනම් විශ්වාසයි.

Sort:  

ඒ උනාට දැන් ගොඩක් අය සල්ලි පස්සෙ යන්න පුරුදු වෙලා. ඒත් ඒ නිසාම තමයි අපේ රටටත් මේ දේ වෙලා තියෙන්නේ .😥

ඒකනම් ඇත්ත 😐

E good morning Good bye kiya eka anith kenata watinakamak ekathu kara wagema eyage jiwitheth beruwa.

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 67271.13
ETH 3515.41
USDT 1.00
SBD 2.70