තව ටික දවසයි

in Steem Sri Lanka6 months ago

PXL_20240101_044327186.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද් ලියන්න යන්නෙ ජීවිතේ කට්ට කන එක උපරිමේටම පුරුදු කරපු දෙයක් ගැන. Academic ඉවරවෙලා training යන්න සෙට් උනාම බැජ් එකේ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි හොද Training place එකක් හොයාගන්න එක. මොකද ඔයාල දන්නවනෙ ලංකාවෙ Civil Construction field එක හොදටම කඩාවැටිල තියෙන්නෙ. ඒත් අපේ වාසනාවට දැන් ටික ටික ඒක ආයිත් පොඩ්ඩක් හැදිල තියෙන නිසා කට්ටියට පඩි නැතුව හරි යන්න සයිට් ටිකක් සෙට් උනා. ඔය කාලෙදි ත්මයි බෝඩිමේ හිටපු යාලුවෙක් කිව්වෙ සූරියකන්දෙ යන මේ road project එක ගැන. Accommodations නැති උනත් තුන්වේල කෑම සයිට් එක දෙන හින්ද යන වියදම අඩුවෙන නිසා අපි හතරදෙනෙක් ඒකට යන්න කැමති උනා. ආවට පස්සෙ තමයි තේරුනේ රගේ. ඇත්තටම මුල් සතියෙනම් දමල ගහල ගෙදර එන්න හිතුන වාර අනන්තයි. දේශගුනය සෑහෙන්න වෙනස් නිසා ඒකට ඔරොත්තු දෙන එකත් මුලින් සෑහෙන්න අමාරු උනා. තිබුන ලොකුම ප්‍රශ්නය තමයි වතුර. ඉතින් රෑ 11,12ට වැඩ ඉවරවෙලා එද්දි වතුර නැතෙයි කියල දැනගත්තම එන ෆීලින් එකනම් වෙනම එකක් 😂. එහෙම උනාම කිලෝමීටර එකහමාරක් විතර යන්න ඕන පීල්ලක් තියෙන තැනකට නාගන්න. රෑ කලුවරේ , පට්ට හීතලේ විතරක් නෙවෙයි, කූඩැල්ලො අයින් කර කර නාගෙන ආයිත් බෝඩිමට එද්දි ගොඩක් වෙලාව්ට එක විතර වෙනව, ඉතින් ආයිත් උදේ හයට සයිට් එකට යන්නත් ඕන.

IMG_20231224_091354.jpg

මාසෙ ඉවර වෙනකන් අපි හතරදෙනා බලන් ඉන්නෙ ඇගිලි ගැන ගැන,නිවාඩු යන්න. සයිට් වල හම්බෙන කෑම.ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.ගෙදර ගිහින් අම්ම උයන කෑමවේලක් කාල ආයිත් වැඩට එද්දි කට්ටියගෙ මූනවක් දෙහිලෙල්ල වගේ.මොකෝ ඉතින් ආයිත් මාසයක්ම අදින්න එපැයි.කොහොමහරි අමාරුවෙන් කට්ට කාගෙන මාස හතරක් ඇදගන්න අපිට පුලුවන් උනා.තව තියෙන්නෙ මාස දෙකයි, ඔව් ඔව් දැන් ඔයාලට හිතෙනව ඇති "ආ තව මාස ද්කයිනෙ ඕකත් ඉක්මනට යාවි" කියල, ඇත්ත්ටම කිව්වොත් එහෙම නෑ 😂😂, මේ මාස දෙකත් එහෙම ඉක්මනට යන්නෙ නෑ කියල අපි දන්නව. ඒත් අමාරුවෙන් හරි ඒ කට්ට කාල මේක ඉවරකරගන්න ඕන නිසා අල්ලගෙන ඉන්නව. මොකද කිසිම රස්සාවක් ලේසි නෑ කියල අපි දන්නව.🙂

Sort:  

මොකද කිසිම රස්සාවක් ලේසි නෑ කියල අපි දන්නව

hariyatama harii 😁 Good luck for the next 2 months.

Thank youu 🥳

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.029
BTC 57839.82
ETH 3132.70
USDT 1.00
SBD 2.43