හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරන අපි

in Steem Sri Lanka4 months ago

202212asia_sri_lanka_protesters_WR_RN.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ අපි හැමෝම දැනුවත්ව සහ නොදැනුවත්ව පොදුවේ කරන කරපු ,කරමින් ඉන්න වැරැද්දක් ගැන.මේ ගැන ලියන්න හිතුනෙ අහම්බෙන් මුහුනු පොතේ දැක්ක සංවේදී වීඩියෝ එකකට පස්සෙ. වීඩියෝ එක ගැන කෙටියෙන් කිව්වොත් තියෙන්නෙ කිබුලක්ගෙ ගොදුරක් වෙලා ඉන්න වදුරු පැටියෙක් තම ජීවිතය අනතුරේ වෙලාවෙත් වට්පිටේ තියෙන ගස්වල පලතුරු ආහාරයට ගනිමින් ඉන්න එකක්. හරි ඉතින් ඒක කොහොමද අපිට අදාල වෙන්නෙ. ඔව් ඒක අපිටත් ගොඩක් අදාලයි, මොකද අපේ ජීවිතත් තියෙන්නෙ රෝස මල් යහනක නෙවෙයි, ඒත් රටේ පාල්කය්න් කරන්න් කාලෙන් කාලෙට අපිට පොඩි විනෝදයක් දීල ඒ ප්‍රශ්න යටපත් කරන එක. කිසිම ප්‍රශ්නෙකට ඔවුන් සදාකාලික පිලිතුරක් දෙන්නෙ නෑ, ඒකට උත්සාහ ගන්නෙත් නෑ , මොකද ඔවුන්ටත් ලේසියි මිනිස්සු ප්‍රශ්න වලින් තෙරෙපෙද්දි ඒවට තාවකාලික් විසදුම් දිදී සුඛෝපභෝගි ජීවිතගත කරන්න. රටේ මිනිස්සුම ගැලපෙන විසදුමක් හොයාගන්න තුරු අපිත් මේ කිබුල් කටේ ඉන්න වදුරට සමානයි. මේ Article එකත් ඊට අදාල එකක්.

අප පැවත එන වානරයා මිනිසා වත්ම ස්වාභාවික පාරිසරික ආහාර ජාල පුරුක් ක්‍රියාවලියට නතුවීමෙන් බොහෝ දුරට ගැලවී මුළුමනින්ම දේශපාලනික යැපීම් පැවතීම් පුරුක් ජාලයක පුරුකක් බවට පත්විය. ඔබ හොඳින් බැලුවහොත් ඔබට මට , ඔබ අප මේවවිට දේශපාලනිකව හසුව ඇති තැන ගැන යම් අවබෝධක් ලැබෙනු ඇත. තව දුරටත් වටපිටාව පිරික්සීමේදී උල් දත් පිහිටීම අනුව ඒ විශාල සතෙකුගේ බවත්, ඒ තඩි කිඹුලෙකු ගේ මුඛයේ බවත් මැනවින් වැටහේවී..

සිදුවී ඇත්තේ කුමක්දැයි කිසි වගේ වගක් නැතිව සිය ජීවිතය රැක ගැනීම වෙනුවෙන් නොව බලවත් ව ඇති පුරුද්දටම පමණක් මරු කටේ සිටිමින් වුව අතට හසුවන ආහර පමණක් බුදිමින් ඉන් ගැලවීමේ මාවතක් තබා අවම මට්ටමින් තමන් නතුව ඉන්නා තැන ගැන හෝ කිසි අවබෝධයක් ලබා ගැනීමට පවා අමතර කායික මානසික වෙහෙසක් නොදරයි.

තමා රසවත් ගොදුරක්ව ඇති බව වටහා ගෙන ඉන් මිදීමට ඊට ප්‍රතිවිරුද්ධව ඒ වෙත සවිඥානිකව හා අරමුණුසහගතව ක්‍රියා කරනවාට වඩා පුරුද්ද බලවත් ය. කුමක් උවත් එක්කෝ බඩ පමණකී , නැතහොත් එය ආතල්ම පමණකී .. තවත් වරෙක එයම උත්කර්ෂයට හා ගෞරවයට පත් වීමට තරම් හේතුවක් බව සිතමින් කටයුතු කිරීම නම් පරිණාම ක්‍රියාවලියේදී සිදුවූ දෝෂ සහගත තත්ත්වයක් ලෙස හෝ එය අසම්පූර්ණ වූ තිරිසන් අවදියක් ලෙස බව ලියා කියා තැබිය යුතුමය.


Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 69066.32
ETH 3740.86
USDT 1.00
SBD 3.65