ප්‍රශ්න නැති හේමාල්
ඉතින් යාලුවනේ ඔයාලා මාතෘකාව දැක්ක ගමන් ටිකක් confuse වෙලා ඇති කියලා මම හිතනවා.ඔයාලට හිතෙනව ඇති, කවුද මේ හේමාල්? ඇයි හේමාල්ට ප්‍රශ්න නැත්තේ?හරි හරි ඔහොම ඉන්න මං ඔයාලගෙ ප්‍රශ්න ඉක්මනට විසඳන්නම්.ඇත්තටම හේමාල්ට ප්‍රශ්න නෑ කියන්නමත් බෑ.හැබැයි අපිට තරම් නම් නෑ.අපිට වගේ සල්ලි හොයන්න මහන්සි වෙන්න, උදේ ඉඳන් හවස් වෙනකම් රස්සාවට ගිහිල්ලා මහන්සි වෙලා මහන්සි වෙලා ඇවිත් උයන්න, ගෙවල් දොරවල් අස් කරන්න, වගේ ප්‍රශ්න නම් හේමාල්ට කොහොමටවත් නෑ.එහෙම කොහොමද වෙන්නේ? ඇයි හේමාල්ට ඒ ප්‍රශ්න නැත්තේ? ඉතින් මිත්‍රවරුනි, හේමාල්ට ඒ ප්‍රශ්න නැත්තේ හේමාල් පූසෙක් හින්ද?මොකක්?? මොකක්ද ඒ නම හේමාල්, ඔහු ඇත්තටම මටත් මුලින්ම මේ නම ඇහුවම හිතුනේ මොන වගේ නමක්ද කියලා ඒක.ඒත් ඉතින් මොකක් කරන්නද ඒක තමයි එයාට දාපු නම.අපි ඉතින් බෝඩිමට එනකොටත් එහා පැත්තේ කාමරයේ ඉන්න ළමයි තමයි මේ පුසට හේමාල් කියලා නම දාලා තිබ්බේ.
පූසාත් ඒ නමට හරි ආසයි,නම භාගෙට කියද්දි තමයි දුවගෙන එන්නේ හොයාගෙන.ඒ වගේම තමයි හේමාල්ට අඩුවක් නැතුව හැම කාමරයකින්ම වගේ කෑම බීම වගේම ආදරයත් හම්බෙනවා.ඉතින් හේමාල් විතරද මේකේ ඉන්නේ.නෑ නෑ හේෂාදරී එහෙමත් ඉන්නවා.ඒ තමයි හේමාල්ගේ දුව.හේෂාදරීගෙනම් ෆොටෝ එකක් ගහගන්න බැරි උනා, මොකද එයා ඉන්නේ කාමරේ ඇතුලේ නිසා, එළියට එනකන් ඉන්න ඕනේ එයාගේ ෆොටෝ එකක් ගහගන්න.හේෂාදරි නම් තාම පොඩියි,, ඒ වගේම හරිම හුරතල්.තව නම් නැති පූසො දෙතුන් දෙනෙකුත් ඉන්නවා.ඒ ඔක්කොටම අඩුවක් නැතුව කෑම නම් හම්බෙනවා.ඒ නිසාම ඒගොල්ලෝ වෙන තැන් වලට යන්නේ නැතුව මෙතෙන්ටම වෙලා ඉන්නවා.ඉතින් මේ ඔක්කොගෙන්ම කපටිම එක්කෙනා තමයි හේමාල්.ඒ වගේම කොහොමහරි චාටුවෙන් බිස්කට් වලට වැඩේ දෙන්නත් හේමාල් හරි දක්ශයි. ඉතින් වෙලාවකට හිතෙනව පූසෙක් වෙලා ඉපදුනා නම් හොඳයි කියලත්.😅