බෝඩිම් ජීවිතය

in Steem Sri Lanka2 years ago

mahesh.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. ලියන්න දෙයක් හිත හිත ඉද්දි මේ ගෙවන දවස් ටික ගැන ලිව්වනම් හොදයි කියල හිතුන. අප්ට Academic පටන් ග්ත්ත නිසා අකමැත්තෙන් වුනත් ගෙදරට ටිකක් සමුදීල ආයිත් කොලබට එන්න සිද්ද වුනා. හොස්ටල් හම්බුනත් හේතු කිපයක් නිසා හොස්ටල් අවස්තාව වෙන කෙනෙක්ට දීල බෝඩිමක්ට සෙට් වෙන එක හොදය් කියල ම්න් හිතුව. ඉතින් කොහොමහරි අපිට ටිකක් අඩු ගානකට ගෙයක් සෙට් කරගන්න පුලුවන් වුනා. තට්ටු දෙකක් නිසා කොහොමහත් 14; විතර ඉන්න පුලුවන් වුනත් අපිට සෙට් කරගන්න පුලුවන් වුනේ 11 විතරයි . ඒත් උන් ටික අපිටම ගැලපෙන අය වුන එකත් ලොකු වාසියක් වුනා. ඉතින් කොහොමහරි දැන් සති දෙකක්ට කලින් ගෙදරින් ආවෙනම් හරි අමාරුවෙන්. කොහොමහරි මුල් දවස් ටිකනම් වැඩත් එක්ක සෑහෙන්න අමාරුව්‍ර්න් තමයි ගෙවුනෙ. ඒත් බෝඩිමේනම් තියෙන්නෙ තනිකරම හිනා සාගරයක්. කොල්ලො 6ක් 7ක් එකට සෙට් වෙනව කියන්නෙ පැයේ වැඩේ පැය හතරක් පහක් ඇදෙන එක තමයි. සමහර Assignment පැයෙන් ඉවර කරන්න පුලුවන් වුනත් මුන්ගෙ විකාර නිසා හිනාවෙවී වරද්ද වරද්ද එලි වෙනකන් ලියනව.

උයන්න ගියාම, බඩු ගන්න කඩේ ගියාම තමයි ගෙදර හොදටම මතක් ව්‍ර්න්නෙ, ගෙදර මිනිස්සු මෙච්චර කල් කන්න දුන්නෙ කොහොමද කියල හිතෙනව අවශ්‍යම බඩු වල ගනන් බලද්දි . ඕනම වෙලාවට තේ එකක් නැති වුනාම , අම්මට කියන්නෙත් නැතුවම තේ එක හදල ගෙනත් දෙනහැටි මතක් වෙද්දි දැනෙන හැගීමනම් කියන්න බෑ. ගෙදර ඉද්දි කඩේ තියෙන එක එක කෑම ඕන ඕන වෙලාවට ගිලින මට පාරෙ යද්දි කඩවල් වල තියෙන කෑම දිහා බලන් යන්නෙ පුදුම් ඉරිසියාවකින්. ඉස්සරනම් හිතුනම රු.40,50 දීල රෝල්ස් එකක් කන්න පුලුවන් වුනත් දැන් පුලුවන් එකම දේ ගනන් අහල හූල්ලන එක විතරයි. බෝඩිමේ ඉද්දි තියෙන වාසිත් නැතුවම නෙවෙයි ඒව ඊලග එකෙන් ලියන්නම්. යාලුවෙක් බෝඩිමේ ඉද්දි ලියපු ලස්සන නිසදැසක් මට එවල තිබුන. ඒකත් මේක එක්කම දාල ඉවර කරන්නම්.

IMG-20220920-WA0018.jpg


ෆෘට් ජූස් කැප්චිනෝ...!
වක්කරල තියෙනවද
කහට වැඩි තේ එකක්
හකුරු කොටුවට කපමු...
සීනිනම් එපා තව...

රොඩුවලින් සම්බෝල
අප්පිරිය් වෙලා දැන් ..!
පොලොස් ඇඹුලක් එක්ක
බත් ටිකක් බෙදනවද් ..?

බෝඩිමට වියදමට
කොල ඕන කදු උසට
උන් දන්නෙ නෑ අම්මෙ
තාත්තගෙ දණිස් දෙක
ඇවිදලම ගෙවුනු වග...

උබල තුන්දෙනා මට
හීනෙනුත් පේනකොට
මෙහෙම හිතෙනව දැනුත්
"සැනසිල්ලෙ මැරෙන්නට
ඩිග්‍රියක් ඕනෙමද?"

අම්මෙ මං හෙට ගෙදර එන්නද.......?

Sort:  

🥺😔 එන්න

ම්ම්ම් 😐

බෝඩිම් ජීවිතේ ඔහොම තමයි. මේ කවිය ගොඩාක් ශෙයාර් වෙනවා දැක්කා. ලස්සනයි. දුකයි🥺

ඔව් මාර ලස්සනයි ❤️

e kaviya😥

ඔව් සෑහෙන්න දැනෙනව 😐

"සැනසිල්ලෙ මැරෙන්නට
ඩිග්‍රියක් ඕනෙමද?"

අම්මෙ මං හෙට ගෙදර එන්නද.......?

ගෙදර යන්න හිතුනා 🥺

ඔව් ඇත්තටම

"සැනසිල්ලෙ මැරෙන්නට
Job එකක් ඕනෙමද?"

මට එහෙමත් හිතුන.😪
පවුලෙ අයත් එක්ක ඉන්න ජීවිතෙ මගෙ ගොඩාක් ඈත් වෙලා.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 63051.22
ETH 2471.31
USDT 1.00
SBD 2.69