CHAMPIONS- 5% FOR SL CHARITY
හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. ඉතින් ඊයෙ දිනය නවසීලන්ත ජාතිකයන්ට පමණක් නොව ගොඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ටත් දුක්බර රාත්‍රියක් වුණා.මොකද ඊයේ ප්‍රබල ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායම නැවතත් ක්‍රිකට් පිටිය තුළ තම අණසක පතුරවමින් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත්ත. අපි ඒ් කාලේ ඉදන්ම නවසීලන්ත කණ්ඩායමට ලොකු ලෙන්ගතු කමක් තිබුණා.ඒ්කට හේතුව ක්‍රීඩකයන්ගේ නිහතමානීකම සහ නායක කේන් විලියම්සන්ගේ නිහතමානීකම වෙන්න ඇති.කේන් විලියම්සන් කියන්නේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ නායකයෙක්.ජය පරාජය සමව විඳදරාැනීමට සමත් නායකයෙක්.ඉතිං අද ෆයිනල් ඒක ගැන ටිකක් ලිව්වනම් හොදයි කියල හිතුව.
කොහොමහරි කාසිය වාසිය දිනාගත් ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කරා. ඒ් අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට හොඳ ආරම්භයක් ගැනීමට ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු හෙස්ල්වුඩ් ලකුණු 16ක් පමණක් ලබාදෙමින් කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. සම්පා , කමින්ස් ඒහෙමත් හොදින් පන්දු යැවීමට ඊයේ දිනයේ සමත් වුණා.නමුත් ස්ටාක්ටනම් ඊයේ දිනයේ සාර්ථක වීමට කේන් විලියම්සන් ඉඩ දුන්නේ නෑ. ස්ටාක් තම පන්දුවාර හතර නිමා කරේ ලකුණු 60ක් නවසීලන්ත කණ්ඩායමට ලබාදෙමින්.අවසන් තරඟයේ විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ලකුණු 85ක් කණ්ඩායම වෙනුවෙන් ලබාදුන්නා. කෙසේ හෝ ඉනිමේ මුල්භාගයේ අසීරු තත්වයක සිටියත් ලකුණු 172ක ඉලක්කයක් ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඉලක්කය ඒතරම් අපහසු කර නොගත් ඔ්ස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 5කදී කඩුළු දෙකක් පමණක් දැවී කුසලානය තමන් සතු කරගැනීමට සමත් වුණා. කෙසේ හෝ ඒ්ක්දින ලෝක කුසලාන 5ක්, ශූරයින්ගේ කුසලාන දවිත්වයකට හිමිකම් කියන කැංගරුවන් තම ක්‍රිකට් වංශකතාවට අඩුවක්ව පැවති විස්සයි විස්ස ලෝක නුසලානයද දිනාගනිමින් තම ක්‍රිකට් වංශකතාව සර්ව සම්පූර්ණ කිරීමට සමත් වුණා.විශිෂ්ට ඉනිමක් දියත් කළ මිචෙල් මාරශ් ලකුණු 77ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් ලබාගත් අතර පිළිවෙලින් තරඟයේ වීරයා හා තරඟාවලියේ වීරයා බවට පත්වීමටද ඔවුන් දෙදෙනා සමත් වුණා.
ඒ් වගේම තමයි තරඟාවලියේ අවසන් පූර්ව වටයටවත් පැමිණිමට ප්‍රථම ශ්‍රීලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවුණත් තරගාවලිය අවසාන වනතෙක් රටේ නම රැකගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පස්වෙනි ස්ථානයේ චරිත් සහ වැඩිම කඩුළු ලාභීන් අතර ලොව අංක ඒකේ පන්දු යවන්නා වනිදුත් රැදීසිටීම සතුටට කරුණක් වුණා.ඒපමණක් නෙවෙයි ලෝක කුසලානය සඳහා නම් කර කණ්ඩායමේත් තම ස්ථාන වෙන්කර ගැනීමට චරිත් සහ වනිදු සමත් වුණා.
ඉතින් කොහොමහරි අවසානයේ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශූරතාවය කැන්ගරුවන් සතු කරමින් පුරා මාසයකට ආසන්න කාලයකු් තරගාවලිය ඊයේ දිනයෙන් නිමාවට පත්වුණා.
Williamson's performance was fantastic😍 They missed it this time but they will be where they deserve sooner💖
Yeah definitely they will 😍
අපරාදෙ, He deserved to win the trophy!