ශිව වෙත ආදරෙන්...

in Steem Sri Lanka4 days ago

IMG-20240723-WA0017.jpg
ඉතින් කොහොමද ඔයාලට?හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද?
ටික දවසකට පස්සෙ අයිය වෙනුවට මම ඔයාලය දෙයක් ලියල යන්න ආව.
ඇත්තටම ගැහැනියකග පුලුවන්ද චරිත දෙකක් ඇතුලෙ ජීවත් වෙන්නෙ.
එහෙම අහපු ගමන් ඔයාලට හිතේවි මොන විකාර කතාවක්ද ඒ කියල.මම මෙහෙම ඇහුවොත්.ඔයාලට පුලුවන්ද වැරැද්දක් කරන්නෙ නැති මනුස්සයෙක් එක්ක පොඩි තරහක්වත් තියා ගන්නෙ නැතුව වැරැද්දක් කරන මනුස්සයෙක්ට දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන තැනට දරුනු වෙන්න.ඔව් එහෙම ඉන්න පුලුවන්.ඇයි බැරි.ප්‍රශ්නෙකට තියෙන්නෙ අපි එහෙම ඉන්න උත්සාහ කරන්නෙ නෑ.මොකද අපි පුරුදු වෙලා ඉන්නෙ වැරදි දකින මනුස්සයෙක්ගෙන් වැරදි විතරක් දකින්න.
දන්නවද කාලි මෑණි කතාව.සමහරු වැරදියට හිතන් ඉන්නව පාරවතී කියන්නෙ වෙනම කෙනෙක් ,කාලි මෑනියන් කියන්නෙ තව කෙනෙක් කියල.නැහැ ඒක වැරදියි.
පහත කියමන පොඩ්ඩක් කියවල බලන්නකො.ඒ වෙනුවෙන් ලියවුනු හරි ලස්සන නිසදැසක් මම දැක්ක.

මගේම ශිව වෙත ආදරයෙන්,

ජිවිතේ හරිම පුදුමයි ශිව
ප්‍රේමය නිසා විටක මා

නිවුණ සෞම්‍ය ගැහැණියක් වුවා
තවත් විටෙක නුබේ ප්‍රේමය අභියස භයංකාර රුදුරු ගැහැණියක් වුවා...

ඉතින් කෙලෙස පවසන්නද මන්

නුබ කෙරෙහි ඇති නොවෙනස් ස්නේහය පිළිබදව...

දන්නවද නුබ
ලෝකයා නුබ නිසා නිවුණ මාගේ ස්වරූපය හදුන්වන්නේ උතුම් මාතෘ දෙවගන #පාර්වතී ලෙසත්
මාගේ භයංකාර ස්වරූපය #කාලී ලෙසටත් බව...

කෙලෙස පහදන්නද #ශිව මම ඔවුන්ට

#පාර්වතී #කාලී වුවේත් #කාලී #පාර්වතී වුවේත් නුබේ ප්‍රේමය ඉදිරියෙහි පමණක්ම බව.

ඉතින් සැබැවින්ම ගැහැණිය හරි අපුරුයි

ඇයට තම ප්‍රේමයෙහිලා

විටක පාර්වතීය වීමටත්
විටක කාලීයගේ ස්වරූපයට හැරීමටත් හැකියාව ඇත...

සැබැවින්ම මෙයට වග කිව යුත්තේ පිරිමියාම නොවෙද..?

ඉතින් පවසපන් දැන්වත් ලෝකයාහට

#මා #දැවුණ තැන
#මා #නිවුණ තැන

සත්තකින්ම ශිව නුබේ ප්‍රේමය අසල පමණක්ම බව....

එවිට වටහාගනීවි ලෝකයා

#කාලී යනු ප්‍රේමයෙහි #පාර්වතීයගේම තවත් එක් #ස්වරූපයක් පමණක්ම බව...

මේක මලී කියල කෙනෙක් ලියපු ලස්සන නිසදැසක්.පේනවද ඒකෙ කියන පාර්වතී කියන්නෙත් මට,කාලි කියන්නෙත් මමමයි කියල.ගොඩක් දෙනා හිතන් ඉන්න විදියයි වැරදි.ප්‍රේමය ඉදිරියේ විතරද මිනිස්සුන්ට චරිට දෙකක් රගපාන්න පුලුවන්?

නුඹෙන් ලැබුණ ආදරේ නාමෙන්
විශ්වයට මා පාර්වතී විය...

යුක්තියත් ධර්මයත් රකින්නට අවැසි තැන
විශ්වයට මා කාලී නම් වූහ...

නුඹ නිසා සෞම්‍ය වෙස් ගත්ත
පාර්වතීත්...
විශ්වය නිසා රුද්‍ර වෙස් ගත්ත කාලිත්
ලෝකයාට දෙදෙනෙක්ව හමාරයී...

ආදරේ නාමෙන් ගැහැණියකට
මා මෙන් සෞම්‍ය වීමටත්...
යුක්තියේ නාමෙන් ගැහැණියකට
මා මෙන් රුද්‍ර වීමටත්...
අයිති බව කියමී...

ආදරයදී වගේම ජීව්තෙත්
පිරිමියකුට හමුවන සෑම ස්ත්‍රියක් තුළම,
වෛරය වගේම ආදරයද පිරී ඇත...

එහෙත් ශිව...

නුඹ පාර්වතී වන මා නිසා
කාලී ⁣වන මා අහිමි කර ගත්තා යැයී
නොදන්නා පුරසාරම් දොඩමින්

ඔවුන්ට කිසි දිනක හමු නොවෙන
අහිමි ආදරයක් සාධාරණීකරණය කිරීමට
අප දෙදෙනාගේ පිවිතුරු ආදරයට
නිග්‍රහ කරනවා...

ඉතිං ශිව ඔවුන් තේරුම් නොගනීවි...

ලෝකයාට දෙදෙනෙක් වූ මා
නිවුනෙත්...දැවුණෙත්...
නුඹගේ පිවිතුරු ආදරේ නාමයෙන්
පමණක්ම බව...

මේක දෙව්‍යා කියල කෙනෙක් ලියපු තවත් ලස්සන නිසදැසක්.ඉතින් මම අහන්නෙ ඇයි මිනිස්සුන්ට බැරි මනුස්සයෙක්ගෙ නරක වගේම හොද දකින්න.ඇයි මනුස්සයෙක්ට බැරි වැරදි කෙනාට විතරක් දඩුවම් කරන්න.එතනින් එහා ඒ මනුස්සය සදාකාලික වරදකාරයෙක් නොකර ජීවත් වෙන්න අයිතිය දෙන්න.
කාලි මෑනියන්ට වගේම ආදරේදි විතරද අපිට පුලුවන් වෙනස් වෙන්න???
හිතල බලන්න.මනුස්සයෙක්ට පුලුවන් එකම ඇග ඇතුලෙ චරිත ගොඩක් රගපාන්න සජීවීවම.
IMG-20240723-WA0018.jpg

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.20
TRX 0.14
JST 0.030
BTC 68147.96
ETH 3273.79
USDT 1.00
SBD 2.66