හිමිවුනොත් සිනාසෙමි නැතිවුනොත් දරාගමි...
source
ඉතින් හැමෝම පරිස්සමෙන් කියල හිතනවා. අද ලියන්නෙ මේ දවස් ටිකේ ලොකුවට කතාවුනු මාතෘකාවක් ගැන. ඔයාලත් දකින්න ඇති කොලබ කැම්පස් එකේ තුන්වෙනි වසරෙ කෙල්ලෙක් ඇගේ පෙම්වතා විසින් ඝාතනය කරපු පුවත. සම්බන්ධය නැවැත්වීම හෝ ඊට අදාල හේතුවක් මුල් කරන් තමයි සිද්දිය වෙලා තියෙන්නෙ. ඉතින් මේ ඔය හේතුවට අදාලව සිදුවුනු පලමු මරනයත් නෙවෙයි ඒ වගේම මේ අන්තිම මරණය වෙයි කියල විශ්වාස කරන්න අමාරුයි . හොද දැනුමක් තිබ්බ කියල මේ වගේ සිදුවීම් වෙන්නෑ කියල හිතන්න අමාරුයි. ඒවගේම සමාජ දැනුම අඩුවුනා කියලත් අමාරුයි. ආදරය ආත්මාර්ථකාමි වීම මත තමයි මේ සිදුවිම් බොහෝ දුරට සිදුවෙන්නෙ. ඇය හෝ ඔහු හොයන ආදරය අපෙන් ලැබෙන්නෙ නැත්නම් තව දුරටත් ඔවුන් අපි ලගම ඉන්න එක දෙගොල්ලන්ටම වැඩක් වෙන්නෙ නෑ. අවාසනාවට එය තේරුම් ගන්නෙ කීපදෙනයි. මිනිස්සු ආදරයේදි ආත්මාර්ථකාමි නොවන දවසක මේ සිදුවීම් නැතිවෙනව කියල නොඅනුමානයි. මේ සම්බන්දව ශශික සදීප් රචනා කල ලස්සන කවි කීපයකුත් එක්කම මේක අවසන් කරානම් හොදයි කියල හිතුව.
source
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටා ගමි
ළඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදා ගමි
හිමිවුනොත් සිනාසෙමි නැතිවුනොත් දරාගමි
ප්රේමයම එය කියා හදවතට කියා දෙමි
බැමි ලියා නුඹ දෙසම නිදහසේ බලා ඉමි
තටු සලා දුර ගියොත් හිත හෙමින් හදා ගමි
මහ රෑට හදවතේ ගැඹුරු තැන් සොයා යමි
ප්රේමයට අයිතියක් අවැසිදැයි හදාරමි
ඉඳහිටක සඳ ළඟට මැදියමේ පියාඹමි
නුඹ සුවෙන් සිටීදැයි පුර හඳෙන් අසා ගමි
වැටෙන තරුවකට නුඹ ඉන්න තැන කියාදෙමි
මං ලියපු කවි ටිකත් ඒ මැද්දෙ ඔබා එමි
නුඹ යනෙන ඒ පාර දිගටම
පයට පරසතු පෑගුනාවේ
නුඹේ පපුවේ මං උන්නු තැන්
අළුත් සෙනෙහෙන් යටවුනාවේ
ඉඳහිටකවත් නැගුනු හුස්මක
මගේ සුවඳක් නොදැනුනාවේ
"අත්හැරීමත් ප්රේමයක් බව
අදින් පසු මට වැටහුනාවේ"
"හිමිවුනොත් සිනාසෙමි නැතිවුනොත් දරාගමි"
ඉතින් මේ ටික මෙහෙම තේරුම්ගත්තා ඕනම ආදර කතාවක් කුරිරු අවසානයකින් කෙළවර වෙන්නෙ නෑ.
ඒක සමහරක්විට ආත්මාර්ථකාමී වෙන එකම නෙමෙයි. ඒක මානසික තත්වයක්. Stockholm syndrome වෙන්නත් පුලුවන්. කොහොම වුණත් ඒ වෙලා තියෙන දේ වචනෙන් කියන්න බැරි අපරාධයක්.😐