කල්කිරි පිස්සුව

in Steem Sri Lanka2 years ago

IMG-20230130-WA0003.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්නෙ තවත් පිස්සුවක් ගැන.ඔයාල බලනව ඇති කල්කිරි පිස්සුවක් ගැන ලියල මේ කිරි තේ දෙකක ෆොටෝ එකක් දාල තියෙන්නෙ මොකද කියල. හරි එහෙනම් මුල ඉදන්ම කියන්නම්කො කතාව. ගොඩක් කාලෙකින් කල්කිරි එකක් බොන්න බැරි උන නිසා බෝඩිමේ ඉන්න තවත් යාලුවෙකුත් එක්ක මෙහේ තියෙන කඩවල් ඔක්කොගෙම වගේ හෙව්වත් කල්කිරි හොයාගන්න තිබ්බෙ නෑ. ගොඩක් කඩවලින් කිව්වෙ කල්කිරි දැන් එන්නෙ නෑ කියල. එහෙමෙයි කියල ඉතින් ආසාව අත් අරින්න බෑනෙ . ගොඩක් කඩවල කල්කිරි හොයන් ගිහින් වෙන මොකක් හරි කාල හරි බීල හරි එන එක තමයි ඉතින් අපේ වැඩේ. ඉතින් ගිය බ්‍රහස්පතින්දත් අසයිමන්ට් ටික කරල ඉවර වෙද්දි රෑ එකොලහ පහුයි. ඉතින් මායි තව යාලුවෙකුයි තමයි ඇහැරිලා හිටියේ. දෙන්නටම කම්මැලියි බ්ඩගින්නයි හින්ද කල්කිරි එකක් බොන්න යමු කියල ඌවත් එක්කගෙන පාරට ගියේ මේ වෙලාවට කඩවල් වහ්ල කියල හොදටම දැනගෙන. ඒත් ඉතින් කමක්.නෑ කෝකටත් කියල අපි බොඩිමේ ඉදන් මීගමු පැත්තට කිලෝමීටර 3 විතර ගියාට පස්සෙ දැක්ක පොඩිකඩයක් ඇරල තියෙනව. ඉතින් කල්කිරි එක බොන්න හිතන් ඇතුලට ගියත් කල්කිරි තිබ්බෙ නෑ. එහෙමෙයි කියල ආයිත් හැරිල ආවොත් යාලුවගෙන් ගුටිකන්න වෙන නිසා අපි කිරිතේ එකකුත් බීල ආයිත් බෝඩිමට ආව.කොහොමත් දෙන්න පැය එකහමාරක් විතර පාරෙ.

IMG_20230128_093350.jpg

සිකුරාද ගෙදර ආවට පස්සෙ මෙහෙන්ම බොනව කියල හිතුවත් බද්දෙගමින් බොන්න උනෙත් නෑ. ඒත් ගාල්ලෙ පොඩි වැඩ ටිකකට ගිය වෙලාවෙ තමයි මතක් උනේ කල්කිරි එකක් බොන්න. ඉතින් කොටුවෙ තියෙන ආමි.ඩෙන් බැලුවම කල්කිරි තිබුන. කලින් වගේ දෙගුණයක් දැන් ගානනම් වැඩියි. ගාන ගැන හිතන්නැතුවම කල්කිරි එකක් ගත්තෙ ආසාව ඉශ්ට කරගන්න ඕන නිසාමයි.කොහොමහරි ඒ ආසාවත් ඒ විදියට ඉශ්ට කරගන්න පුලුවන් උනා.

Sort:  

Dan kalkiri ekak hoyagannanm mulu area ekama peeranna ona. Eth hamba wenne naha samahara dawaswalata

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60352.73
ETH 2410.03
USDT 1.00
SBD 2.44