මිනිස්සු ආසයි ඇගයෙන්න

in Steem Sri Lanka11 months ago

01-3.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන. මිනිස්සු හැමෝම ආසයි කාගෙන්හරි ඇගයීමක් අහන්න. ඒත් හැම වෙලාවෙම ඒක විදින්න හම්බෙන්නෙ නෑ.සමහර වෙලාවට ඔබට අහන්න වෙන්නෙම බැනුම් විතරක් වෙන්නැති. ඕකවත් කරගන්න බැරිද , ඕකවත් දන්නැද්ද, ඔයාටනම් ඕක කරන්න බෑ , ඔයාට ඕක හරියන්නෙ නෑ , ඔය වගේ තව ගොඩක් දේවල් අහන්න ලැබිල ඇති ම්‍රෙක ලියන මටත් එහෙම තමයි. ඇයි මිනිස්සුන්ට බැරි ඒකෙන් වෙනස් වෙන්න්. හැමෝම එකවගේ දක්ශ නෑ. හැමෝටම හැම දේවල්ම කර්න්න පුලුවන් හැකියාවත් නෑ. නමුත් ඔවුන්ට පුලුවන් උපරිමයෙන් කරන්නනම් ඔවුන්ටටපොඩි තල්ලුවක් ඇගයීමක් අවශ්‍යම වෙනව. ඒ දෙයින් ඔවුන්ට ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනව වගේම ඒ දේ කරන්න ආසාවක් ඇතිවෙනව. අවසනාවට ඒ දේවල් තේරුම් අරන් ඉන්නෙ ටික දෙනෙක් විතරයි. ඉතින් මේක ගැන ලියවුනු වටින පෝස්ට් එකක් මුහුනු පොතෙන් දකින්න හම්බුනා. ඉතින් මන් හිතුව ඒකත් මේකටම දැම්මනම් හොදයි කියල.


ඔබ විසින් සුන්දර යැයි කියූ යුවතිය තව ටිකක් ලස්සනට ඉන්නට බලාවි.

ඔබ විසින් "ඔයා හරි දක්ෂයිනෙ" කියූ දරුවා තව ටිකක් හොඳින් ඉගෙන ගනීවි.

ඔබ විසින් " ඔයා හරි හොඳ කෙනෙක්" යැයි ඇගයූ තරුණයා ඉතිරි වැරදිත් හදාගෙන තවත් හොඳ කෙනෙක් වීමට උත්සාහ කරාවි.

ලෝකෙන්ම කොන් වී දිවි නසාගන්න සිතා සිටින මනුස්සයෙක්ට " ඔයා මේ ලෝකෙට වටින කෙනෙක්." යැයි පැවසීමෙන් ඔහුට තව වරක් ජීවත් වෙන්න ආස හිතේවි.

"ඔයා මට හරි ආදරෙයි ඔබට ස්තූතියි.මමත් ආදරෙයි" යැයි ඔබ විසින් පැවසූ පෙම්වතා හෝ පෙම්වතිය ඔබට තව තවත් ආදරේ දේවි.

ඔබ විසින් දවසට එක් වරක් හෝ "මම ඔයාට ආදරෙයි පුතේ" යැයි පැවසූ ඔබේ දරුවා තවත් ඔබට ලෙංගතු වේවි..

ඔබ විසින් කරුණාව දැක් වූ, ස්තූති කල, පිහිට වූ යමෙකු හෙට දින ඔබට යලි පිහිට වෙන්න සිතාවි,ප්රතිඋපකාර කරන්නට සිතාවි..

ලෝකය එහෙම තමයි.!මිනිස්සු එහෙම තමයි..
ආදරේ තියෙන්නෙ මිනිස්සුන්ව ජීවත් කරවන්න.ඒ විදිහ ලස්සන වචන තියෙන්නෙ මිනිස්සුන්ට ජීවත්ව සිටියදී පවසන්න..

ඔබෙන් පිට වන එක් කාරුණික වචනයක් ඇගයීමක්,ඔබ ලබා දෙන ආදරය තවත් මනුස්සයෙක් දවසක් හෝ ජීවත් කරවාවි.

මිනිස්සු ආසයි ඇගයෙන්න.තමන් වටින බව හිතන්න.ආදරේ ලබන්න.ඉතින් ඔබ ලබන්න ආස දේ ඔවුන් ලබන්න කැමති ඒ දේ ඔවුන්ට දෙන්න.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.028
BTC 59493.68
ETH 2649.33
USDT 1.00
SBD 2.45