නිම නොවෙන අරගල

in Steem Sri Lanka2 years ago (edited)

කිසිවක් හිතන්නට ලියන්නට අපොහොසත් කාල වකවානුවක් ගෙවමින් හිඳිමි.සන්සුන් මනසකින් කිසිවක් කළ නොහැකිය.

තිර ආදායමක් නැති අවම ආදායම්ලාභීහු මේ මොහොත වන විට ජීවන බරින් හෙම්බත් වී සිටිති. පාරවල් අයිනේ තිබූ පෙට්ටි කඩ බොහොමයක් මේ වන විට වැසී ඇත. බහුතරයකගේ ආදායම් මාර්ග ඇහිරී ඇති හෙයින් එදා වේල සොයාගැනීම දුෂ්කර ක්‍රියාවකි.

කුසගින්නෙන් දරුවන් හඬන විට දරා සිටීම පහසු නැත. දිගු වෙලාවක් කළුවරේ හිඳීමට සිදුවීම ද විදුලිය අත්‍යවශ්‍ය ව්‍යාපාර කඩා වැටීම ද දැඩි පීඩාකාරී මානසිකත්වයක් ඇති කරණ නිසා සතුට, සැනසීම මිනිසුන් වෙතින් පලා යමින් තිබේ.

ඒ මදිවාට ඉන්ධන, ගෑස්, දරාගන්නට බැරි ජීවන වියදම නිසා මිනිසුන්ට පාරට බැසීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නැතිවා විය හැකිය.

හෙට කුමකින් කුමක් වේ දැයි අද කිසිවෙකුට කිව නොහැක. දැනටමත් රට අර්ධ ලෙස අකර්මණ්‍ය වී බංකොලොත් වීමට ඉතා ආසන්නව පවතී.😪

මේ සියලු අවාසි සහගත තත්වයන් යටතේ වුව වැසියන් හිටි හැටියේ පුර වැසියන් වී තිබේ. ඔවුහු තමන් පෙලන පීඩනවලින් නිදහස පතති. තමන්ගේ ශක්තිය උරගා බලමින් සිටිති. මෙම ගාමක බලවේගය අතිශයින් තීරණාත්මකය.

එහෙත් දිගු කාලයක් තිස්සේ රට වැසියන් අන්දවමින් සිටින අලජ්ජී පාලකයින් දැඩි මහජන විරෝධය මැද තවමත් බල ලෝභීව එලෙසම රැදී සිටිති. ඒ අයගේ ඇතැම් නෑයන් සහ දරුවන් දැනටම තමන්ගේ මුදල් සංචිත හැංගූ රටවලට පලා ගොසිනි. දැඩි ආරක්ෂාව මධ්‍යයේ කන්ටේනර් පෙට්ටි වරායට ද යවති.

තවමත් හොර රහසේ මුදල් අච්චු ගසති. රට වැසියන්ගේ ඩොලර් ගිණුම්වල ඇති ඩොලර් ද ඔවුන්ට නොදන්වා රුපියල් බවට හරවති. අච්චු ගහන මුදලින් කොටසක් තමන්ට පක්ෂපාත ජන මත සමාජගත කිරීම උදෙසා වැටුප් ලෙස සමාජ මාධ්‍ය තුල ද පාරේ ද යෙදවූ අයට ගෙවති.

එහෙත් පාර්ලිමේන්තුව තුල එකිනෙකාට චෝදනා කිරීම හැර රට වැසියන්ගේ කුස ගිනි නිවීමට හා රටේ දැවෙන ගැටළු විසදීමට කිසිවක් නොකරති.

හිරි වැටෙන බෙහෙත් සීමිත නිසා රෝහල්වල සැත්කම් සීමා කර තිබේ. වෛද්‍යවරුන් හා කාර්‍ය මණ්ඩල ඒ බව හඬ ගා කියමින් පාරේ විරෝධතාවෙහි යෙදෙන අතර අත්‍යවශ්‍ය බෙහෙත් අහිමි පිලිකා රෝගීන් ඇතුළු අසාධ්‍ය රෝගීහු මරණය එනතුරු වාට්ටුවල බලා සිටිති.

අරගල බිම බහුතරය තරුණ දරුවන්ය. පාලක මහල්ලන් විසින් අනාගතය අහිමි කරන ලද තරුණ දරුවන්ය.

තරුණයන් බෙහෙවින් ආවේගශීලීය. දැන් දැන් අරගලය වෙනත් මුහුණුවරක් ගනිමින් තිබෙන අයුරු පෙනේ. ගලක් අතට ගන්නා අයෙකුට පෙරළා ගිනි අවියක් හෝ මාරාන්තික පහරක් එල්ල වීමේ දැඩි ජීවිත අවදානමක් පවතී.

එක ජීවිතයක් හෝ බිලි නොදීමට වග බලා ගැනීම අරගල මෙහෙයවන වැඩිහිටියන්ට බාරය. 🙄
433d6eda7adf408e3a444c1b52ad7b83.jpeg
Source of image : news.yahoo.com

Sort:  

මිනිස්සු නිහඩව මෙච්චර කලක් දේවල් ඉවසගෙන අනුවර්තනය වෙවී හිටි නිසා පාලකයොනුත් ඕන ඕන විදියට නැටුව. තාමත් එක එක රන්ගන දානව මිනිස්සුන්ගෙ අවදානෙ වෙනස් කරන්න

ඔව්, තාම ගෙදර යන්න හිතලවත් නෑ.🙄

Me aragalayath tawath eka le wagirimak wenne natuwa minissunta jeewath wenna puluwan thathwayak ati karanwanm hondayi. Balayata tiyena loba kamata eyala karanne hise amaruwata kotta maru karanwa wage, inna ayagema pattam maru karaganna eka. Dan nm hebei minisu ewagen nawatinne nati wei.

ඔව්, ඇත්තෙන්ම

ඉස්සර අවුරුදු එනවා කිව්වාම දැනෙන්නේ වෙනම Vibe එකක් නේ. නැත්නම් අවුරුදු නිවාඩුවට යන trip ප්ලැන් කරලත් ඉවරයි. ඒ උනාට දැන් ඒ හැමදේම වෙනස් වෙලා. අවුරුදු කියලා කිසිම විශේෂයක් දැනෙන්නෑ. පුලුවන් තරම් වියදම් අඩුකරගෙන ජිවත්වෙන්නේ කොහොමද කියලා තමයි දැන් බලන්නේ. ඒ නිසාම අද නැතත් අනාගතේ ගැන හිතලා මේ අරගලයට සාධාරණයක් වෙනකං ඒක දිගටම කරගෙන යන්න ඕනේ.

ඇත්ත, අවුරුදු කියල දැනෙන්නෙත් නෑ.

ගලක් අතට ගන්නා අයෙකුට පෙරළා ගිනි අවියක් හෝ මාරාන්තික පහරක් එල්ල වීමේ දැඩි ජීවිත අවදානමක් පවතී.

"ආණ්ඩුවල බලාපොරොත්තුව අරගලකරුවන් ආයුද අතට ගන්න එක. එතකොට උන්ට නීත්‍යානුකූල මර්දනය ලේසියි" - සහෝදරයා ටෙලිනාට්‍යයෙන්

ලස්සනට ලියල තියනවා ❤

ඒ කතාව ඇත්ත. හැම පක්ෂයකම අය අවි අතට අරන් සූදානම්ව පාරේ ඉන්නවා. අරගල කරණ අයට තමන්ට එල්ල වන අභියෝග ගැන හැගීමක්වත් නෑ වගේ.

jeewath wenna hoda ratak labagannai hamogema me mahansiya. eka sarthaka wewa!!

හෙමි හෙමින් ඒක වෙන්න ඕනෙ. දවස් දෙකක් තිස්සෙ වැස්සට තෙමි තෙමී අව්වට වේලි වේලි මිනිස්සු පාරෙ.😪

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 63713.30
ETH 3389.19
USDT 1.00
SBD 2.62