මානසිකව බිදුනු දරුවන්
source
ඉතින් යාළුවනේ මම අද ලියන්න යන්නේ මට යාළුවෙක් එවපු ටිකක් ආන්දෝලනාත්මක Article එකක් පාදක කරගෙනයි.මම ඒක යටින් දාන්නම් ඊට කලින් මගේ මතය කියලා ඉන්නම්.ඔයාලට හමුවෙලා තියෙනවද මානසිකව බිඳුණු දරුවන්??මට පෞද්ගලිකව හමුවෙලා තියෙනවා.මම කියන්නේ නෑ ගොඩක් කියලා ඒත් මට සැලකිය යුතු ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා, මම කතා කරලා තියෙනවා.ඉතින් ඇත්තටම ඒ තත්ත්වය පොඩි කාලෙම මිදිලා යනවද? ඒ දරුවන් ගොඩක් වෙලාවට මානසික වැටිලා ඉන්නේ ලොකු ලොකු හේතු නිසා නෙවෙයි.එක්කෝ සහෝදරය හෝ සහෝදරිය එක්කෝ අම්මා තාත්තා වෙන්න පුළුවන් නැත්නම් නෑදෑයන් වෙන්න පුළුවන් ඒ අය පාදක කරගත් අමිහිරි සිද්ධීන් හරි අත්දැකීම් හරි හේතු කරගෙන තමයි ඒ ළමයි මානසිකව වැටිලා ඉන්නේ.ඉතින් ගොඩක් වෙලාවට දෙමව්පියන් වැඩිහිටියන් හිතනවා, මේක ලොකු දෙයක් නෙවෙයි මෙයා ටික ටික ලොකු වෙද්දි ඕක හරියයි කියලා.ඇත්තටම එහෙම වෙනවද?? නෑ ඇත්තටම එහෙම වෙන්නේ නෑ, මොකද මගේ යාලුවෝ ඉන්නවා පොඩි කාලේ උණු මේ වගේ සිද්ධි නිසා තවමත් ඒ අමිහිරි අත්දැකීම් නිසා මානසිකව පසුබෑමකට ලක්වෙලා ඉන්න.ඉතින් ඇත්තටම වැඩිහිටියන් හිතනවනම් ඒක එහෙම ලොකු දෙයක් නෙමේ එච්චර හිතන්න ඕන නෑ කියලා ඇත්තටම ඒක ලොකු වැරැද්දක්.ගමයින්ට පොඩි කාලේ උගන්වන්න ඕන ලබා දෙන්න ඕන ආදරය සහ යහපත් ආකල්ප විතරයි.මොකද ඔවුන්ට ඒ ලැබෙන අමිහිරි අත්දැකීම ජීවිතය ඉදිරියට යද්දි නැති වෙන්නේ නැහැ ඒක තව තව වැඩි වෙනවා මිසක්.ඉතින් මට හිතුනා වැඩිහිටියා මේක අනිවාර්යයෙන්ම දැන ගත යුත්තක් කියලා.කියවලා බලන්න මේ article එකත් ඒකට කොච්චර දුරට ගැලපෙනවද කියල.
"බණ කියද්දි දරුවන්ට සලකන හැටිත් කියන්න.හැමෝම කියන්නෙ දෙමාපියන්ට සලකන හැටි විතරයි.."
මේක මම fb page එකක දැක්ක status එකක්. බැලූ බැල්මට විහිලුවක් වගේ පෙනුනත් මේකේ තේරුම සෑහෙන්න ගැඹුරුයි.
කාටද පොඩි කාලේ උන දේවල් මතක හිටින්නේ කියලා අපි හිතුවට දරුවන්ට පොඩි කාලේ වෙන දේවල් හොදට මතකයි. සමහර ළමයින්ට පොඩි කාලේ වුන අමිහිරි සිද්ධි අත්දැකීම් නිසා ඇති වෙන trauma එකෙන් මිදෙන්න ඔවුන් වැඩිහිටියෝ වුනත් බැරි වෙනවා. දෙමව්පියෝ නිසා හරි තමන්ගෙම සහෝදර සහෝදරියෝ නිසා හරි තමන්ගෙම සමීපතමයන් නිසා හරි අපේ ඕන කම
නිසා මේ ලෝකෙට බිහිවෙච්ච අපේ දරුවෝ මානසිකව විදවනවා නම් දෙමව්පියෝ හැටියට අපි fail.
ඔයාගේ දරුවාව බිදුන දරුවෙක් විදිහට සමාජෙට එකතු කරන්න එපා. ඔයාගේ දරුවට බිදුන දරුවෙක් වෙන්න දෙන්න එපා. පරම්පරාවෙන් පරම්පරාවට ආදරය විතරක් වපුරමු. අපේ පරම්පාරාවෙන්වත් ඒක පටන් ගමු. 🥺
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community