අනියම් පෙම

in Steem Sri Lanka11 hours ago

polyamory.gif
source

යාලුවනේ ඉතින් ඔයාල පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ ආසම කවියෙක් ලියපු ආසම කවියක් ගැන.අනියම් ප්‍රේමය කියන්නෙ කොහොම හේතු සාදක ගෙනල්ල ඔප්පු කරන්න හැදුවත් සාදාරණීකරණය කරන්න බැරි දෙයක්. ඒ නිසාම සිදුවන දික්කසාද , සියදිවි නසාගැනීම් සහ ජීවිත හානි අනන්තවත් අපිට ලංකාවෙන්ම අහන්න ලැබිල තියෙනව. සිත් රිදවීමක් පමණක් අවසානයේදී ඉතුරුවෙන කොහොම පැහැදිලි කරත් තේරුම් ගන්නෙත් නැති දෙයක් තමයි අනියම් ප්‍රේමයක් කියන්නෙම. කොහොමහරි අනියම් ප්‍රේමය ගැන ලියැවුනු වේදනාත්මක කවි වගේම එය සාදාරණිකරණය කරන්න ලියැවුනු කවිත් අහන්න ලැබිල තියෙනව.කොහොමහරි වේදනාත්මකම දේ තමයි විවාහ ජීවිතයක් ඇතුලෙදි ඇතිවන අනියම් ප්‍රේම සිද්දීන්. මොකද ඒයින් බිරිද , සැමියා පමණක් වේදනා විදින්නෙ නෑ ඒකෙ අතුරුපල ලමයින්ටත් එනව. ඉතින් බිරිදගෙ පාරශවයෙන් ශශික සදීප් විසින් ලියැවුනු ලස්සන කවි කිහිපයක් තමයි අද දාන්න හිතුවෙ. ඉතින් කියවල බලන්න කොහොමද කියල.


ගියා මං කතර ගම් සමන් දෙවි වදින්ට
බැරිම තැන සූනියම් වෙසමුනිත් පුදන්ට
බැලුවෙ නෑ එකෙක්වත් “හා” කිව්වා ඇරෙන්ට
ඒකමයි ආවේ මේ කාලි උඹ බලන්ට

එකම එක උණුහුමක හැමදාම රදන්ට
ආදරේ නැමති මහ ගඟ මැද්දෙ ගිලෙන්ට
උඹත් එක ගෑනියෙක් මොකට තව වනන්ට
අපේ හිත් වැල් වගෙයි හදන්නෙම වෙලෙන්ට

කාලි උඹ දන්නවද ඉතින් මේ අහන්ට
""ඌට හොර ගෑනියෙක් ඉන්නවලු ඉඹින්ට""
එද්දි ඒකිගෙ පුසුබ ඌ ළඟින් හමන්ට
අම්මපයි කොහොමවත් බෑ හිතට දරන්ට

ගස් ගලුත් ඇස් අරී මගෙ හෙළුව බලන්ට
තාම ඇග නාබරයි විසේ මට පැලෙන්ට
එහෙව් මං තනිවෙලා ඉද්දි ඈ බදන්ට
යන්න මගෙ අඩුවුනේ මක්කදැයි කියන්ට

දහස් වර හිතුනා මට දීගෙ ගිනි තියන්ට
උගේ ඇස් මායිමෙන් හුඟක් දුර දුවන්ට
ඇහැක් කම් තියෙද්ද්ත් මට එහෙම කරන්ට
මේ හිතම ඌ මත්තෙ නැහෙනවා මැරෙන්ට

බඩවෙලා පෝය තුනකුත් උනා ගෙවෙන්ට
දැන ගත්තු ගමන් මේ ආවේ උඹ බලන්ට
ගියොත් ඌ එකි එක්කලා දුර නොඑන්ට
අනේ මං අසරනයි කාලියේ හිතන්ට

ගැට ගැහුවා පඬුර මං ඉතින් මේ බලන්ට
තද කෙරුවෙ නෑ ගැටේ ඇහැකි වෙයි ලිහන්ට
එපා දැන් හනික ගොස් උගේ අත කඩන්ට
බැරි වෙවී මට ඕකා විදවනවා බලන්ට

කාලියේ,,,,,,

මහ රෑට උගේ එක හීනෙකට වඩින්ට
මවාගෙන දිෂ්ඨි හය හතක් බය කොරන්ට
මේ ටිකම කිය කියා වරම් ගෙන නටන්ට

""යන්නෙ නෑ තෝ තවත් අර ගෑනි හෙම ඉඹින්ට""

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64118.79
ETH 3390.14
USDT 1.00
SBD 2.51