චොකලට් එකක් කමුතේsteemCreated with Sketch.

in Steem Sri Lanka2 years ago

image.png

හලො හලෝ කොහොම්ද. පහුගිය ටිකෙත් ලියන්න විශේශ දෙයක් නොතිබ්බ් නිසා ඉතින් ඔහේ හිටියා. සිකුරාදා ගෙදර එන්න ලැබුන් නිසා සහ ඉරිදත් පෝය නිසා ටිකක් දිග නිවාඩුවක් හම්බුනා.සදුද උදේම බෝඩිමට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. මේ සතියෙනම් ගෙදර ආවෙ මාර හැපී එකේ. ඉතින් ආපු ගමන්ම ගෙදර ඉන්න බල්ලො දෙන්නා උඩ පැන පැන මාව පිලිගත්තා. පූසටනම් ගානක් නෑ. අලුතෙන් ආපු ලැසී නන්ගි නම් ඇගේමයි ඉන්නෙ වෙලාවකට වදේ. අහ් මේ සිකුරාදා අපෙ අක්කගෙ උපන්දිනේ තිබුනනේ.ඉතින් ඊට දවස් දෙකකට විතර කලින් මම ලෙක්චර්ස් නැති වෙලාවක් බලලා කිරිබත්ගොඩ පැත්තෙ රවුමක් දැම්මා.

photo_2022-10-08_17-57-38.jpg

හිතන් ගියේ කැප් එකක් ,ටෙඩියෙක් වගේ දේවල් ටිකක් ගන්න.යන ගමන් දැක්කා චොක්ලට් වලින් පිරිච්ච් කඩයක්. ආයෙ දෙපාරක් හිතුවෙ නෑ ගියා ඒ කඩේට. හිතෙන හිතෙන චොකලට් වර්ග කීපයක්ම ගත්තා. ඒ අතර තිබුනා රාමෙන් නූඩ්ලස් එකක්. ඉතින් කාලම නැති නිසා සහ මාත් කන්න ආසාවෙන් ඉදපු නිසා එයින් එකකුත් දාගත්තා. ඊට පස්සෙ ඉතින් ඒ ටිකත් අරන් බෝඩිමට ආවා. මගේ බෝඩිමේ රස්නෙ වැඩි නිසා ඒ ටික තියාගන්න ගෑල්ලමෙක්ට දුන්නා.එයා ඉතින් ලස්සනට ඒ ටික wrap කරලා පොඩි විශ් එකකුත් ලියල තිබුනා. මන් දුන්නනම් ඉතින් ශොපින් බෑග් එක පිටින්ම තමයි දෙන්නෙ.

photo_2022-10-08_17-57-39.jpg

සිකුරාදා බස් එකේ එද්දි අක්කගෙන් සෑහෙන බැනුම් ඇහුවා විශ් කරේ නෑ මට අමතක වෙලා කියලා. හි හි මන් නෙ දන්නෙ සකරපරයිස් කරන්න යන්නේ කියලා. ඉතින් ගෙදර ආපු ගමන් එයාට ඒ ටික දුන්නා. ඊට් පස්සෙ ඉතින් රෑට කඩෙන් කොත්තු,රයිස් ,ස්ප්‍රයිට් එහෙම ගේන්න ගියා. ඒක තමා බර්ත්ඩේ පාටිය. ඔය දේවල් අතරෙ මට නිතරම වතුර තිබහ වෙන නිසා මම අම්මලට කිව්වා සීනි චෙක් කරගමු කියලා.මොකද එහේදි මම සතියකට කොකා කෝලා බෝතලයක් දෙකක් බොනවා.ඒ ඇරුනම සන් ක්‍රශ් ටින් තුන හතරක් ඉවරයි. තේ එකට සීනි හැදි දෙකහ මාරයි.

image.png

ඉතින් ලොකු අවුලක් එන්න කලින් මම අද උදේම ගිහින් ලේ එකක් දුන්නා. හවස රිපෝට් එක් ආවා. ලොකු අවුලක් නෑ. වැඩිත් නෑ අඩුත් නෑ. තව පැනිරස කන්න බොන්න පුලුවන්. ඒ වගේම අද උදේම බයික් එක පෙන්නන්න ගියා ගරාජ් එකට , හරිම වේදනයි. ලොකු රිපෙයාර් එකක් තියෙනවා.එන්ජින් ඔයිල් නැතුව මම ගොඩ කාලයක් නොදැනුවත්ව බයික් එක පැදලා. ලගදිම ඒ වැඩේටත් අතගන්න වෙයි. ඔන්න ඔහොමයි ඉතින් අද කතාව.ඉක්මනින් ආයෙ හමුවෙමු.

image.png

Sort:  
 2 years ago (edited)

Happy Birthday, @randulakoralage!!!

thanks yalu

සිකුරාදා බස් එකේ එද්දි අක්කගෙන් සෑහෙන බැනුම් ඇහුවා විශ් කරේ නෑ මට අමතක වෙලා කියලා.

nathuwa. eka loku prashnayakne

හි හි මන් නෙ දන්නෙ සකරපරයිස් කරන්න යන්නේ කියලා

did it go well, i mean ur sakaraparais😁

මොකද එහේදි මම සතියකට කොකා කෝලා බෝතලයක් දෙකක් බොනවා.

😋😋😋😋😋😋😋

ඒක ලස්සනට පැක් කරලත් එක්ක!😍

 2 years ago (edited)

ලොකු අවුලක් නෑ. වැඩිත් නෑ අඩුත් නෑ. තව පැනිරස කන්න බොන්න පුලුවන්.

එහෙම වැඩි උනත් අඩු උනත් අපි හොදට කන්න බොන්න ඕන.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57249.56
ETH 2352.09
USDT 1.00
SBD 2.38